විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, සංවරණ හා තුලන ක්‍රමවේදයට අදාළව ත්‍රිපාර්ශව බලය බෙදාහැරීමට අදාල සංශෝධන, 20වෙනි සංශෝධනය ඉවත් කිරීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම, ජාතික ආරක්ෂක කවුන්සිලයක් ඇති කිරීම වැනි ප්රජාතන්ත්රවාදී ලක්ෂණ රැසකින් සමන්විත නව ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සමන්විත බව විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසීය.
කාර්යක්ෂම, කාර්යශූර, විනිවිද බවකින් යුක්ත වූ සහ රටට ජනතාවට වගකියන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් උදෙසා සමගි ජන බලවේගය ඇපකැප වෙන බවත්, ඊට අදාලව මෙම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත භාර දුන් බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
නව රටක් ගොඩනැඟීම උදෙසා වූ මේ ප්රජාතන්ත්රවාදී සංශෝධන වලට පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබාදෙන ලෙසද විපක්ෂ නායකතුමා ඉල්ලා සිටියේය.










