• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘රිවිදනවි’! ආණ්ඩුව සියඹලාණ්ඩුවේ ඩොලර් මිලියන 140ක ව්‍යාපෘතියකට අත තියයි! PHOTOS I Sri Lanka Latest News

September 7, 2025
in Exclusive
Reading Time: 14 mins read
A A
‘රිවිදනවි’! ආණ්ඩුව සියඹලාණ්ඩුවේ ඩොලර් මිලියන 140ක ව්‍යාපෘතියකට අත තියයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වසර 2030 වන විට මෙරට ජාතික විදුලිබල අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ප්‍රධාන පියවරක් ලෙස මෙරට ඉදි කෙරෙන විශාලතම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය වන සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.Sri Lanka Latest News

මෙගාවොට් 100ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙන මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කෙරෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 140කි.

මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කොටියාගල ග්‍රාම නිලධාරී බල ප්‍රදේශයේ අක්කර 500 ක පමණ විශාල භූමි ප්‍රදේශයක ඉදි කිරීම කෙරෙන මෙම ව්‍යාපෘතිය සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් ව්‍යාපෘති භූමිය, ප්‍රවේශ මාර්ගය සහ ආදාළ සියලු අනුමැතීන් සහිතව ව්‍යාපෘති ආයෝජක වෙත ලබාදුන් පළමු ව්‍යාපෘතිය වේ.

මෙරට වාර්ෂික විදුලිබල පරිභෝජනය ගිගාවොට්පැය 15,000- 16,000ක අතර ප්‍රමාණයක් වන අතර මෙම ව්‍යාපෘතිය මගින් ගිගාවොට්පැය 219ක් වාර්ෂිකව ජාතික පද්ධතියට එක් වේ. ඒ හේතුවෙන් විදුලි නිෂ්පාදනය සඳහා ඩීසල් ආනයනය වෙනුවෙන් දැරීමට සිදුවන රුපියල් බිලියන 21ක විදේශ විනිමයක් වාර්ෂිකව රටට ඉතිරි කර ගැනීමට හැකියාව ලැබේ. ඒ අනුව එක අක්කරයකින් දළ වශයෙන් රුපියල් මිලියන 41ක විදේශ විනිමයක් රටට ඉතිරි වනු ඇත.

මෙරට තිරසර සංවර්ධනයේ සහ සුනිත්‍ය බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සලකුණක් වන රිවිදනවි ව්‍යාපෘතිය හේතුවෙන්, වායුගෝලයට විමෝචනය වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වසරකට මෙට්‍රික් ටොන් 150,000ක් පමණ අඩුවේ යැයි අපේක්ෂිතය.

මෙම ව්‍යාපෘතිය මෙගාවොට් පැය 12ක බැටරි ගබඩා පහසුකම්ද සහිත වීම නිසා ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාමේදී විශාල සහයක් වනු ඇතැයිද සැලකේ.

මෙම සූර්ය බලශක්ති උද්‍යානයට අමතරව ජනනය කෙරෙන විදුලිය, ජනන පද්ධතියක් වෙත සම්බන්ධ කිරීම සඳහා කිලෝමීටර් 27ක දිගින් යුත් 132 kv නව සම්ප්‍රේෂණ පද්ධතියක්ද ඉදි කෙරෙන අතර ආයෝජකයා විසින් සම්ප්‍රේෂණ පද්ධතියක් ඉදි කරනු ලබන මෙරට පලමු බලශක්ති ව්‍යාපෘතියද මෙය වේ. එසේම මොනරාගල ප්‍රදේශයේ ඉදි කෙරෙන 132 kv නව ග්‍රිඩ් උපපොළක් ද මීට ඇතුළත්ය.

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ඉදිකිරීම්වලින් සමන්විත මෙම ව්‍යාපෘතිය ලක්දනවි සමාගම සහ වින්ඩ් ෆෝස් (WindForce PLC) සමාගම ඒකාබද්ධව පිහිටුවන ලද “රිවි දනව්” පුද්ගලික සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර මෙරට බලශක්ති ස්වාධීනත්වය සහ සුරක්ෂිතතාව ඇති කරමින් ව්‍යාපෘතියේ කටයුතු 2027 පළමු කාර්තුවේදී අවසන් කිරීමට නියමිතය.

එමෙන්ම මෙම ව්‍යාපෘතියට සමගාමීව පළාතේ යටිතල පහසුකම් සංවර්ධනය, නව රැකියා අවස්ථා උදා කිරීම සහ සමාජ සුබසාධන ව්‍යාපෘති රැසක් සැලසුම් කර තිබේ. ඒ අතර උසස් පෙළ සිසුන් සඳහා රිවි නැණ ශිෂ්‍යත්ව වැඩසටහන, කොටියාගල අක්කර සීය සහ කම්මල්යාය ජල ගැටලුව හේතුවෙන් පීඩා විඳින නිවාස එකසිය තිස්පහක් පමණ ආවරණය වන පරිදි ජල පහසුකම් සැපයීමට අදාළ ව්‍යාපෘතිය, මුත්තාවල වැව ( මුත්තකණ්ඩිය වැව) ප්‍රතිසංස්කරණය කිරීම, ඇතිමලේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියෙහි ක්‍රියාත්මක කර්මාන්ත ශාලා විදුලි කාර්මික තාක්ෂණ ශිල්පී පාඨමාලාව NVQ Level 4 දක්වා ඉහළ දැමීමට අදාළ පහසුකම් සැපයීම ඇතුළු වැඩසටහන් රැසක් ඊට අයත්ය.

මෙම උත්සව සභාව ඇමතූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ නව පරිවර්තනයක් සිදු කරන ව්‍යාපෘතියක් බවයි.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය ආයෝජකයන් දිරි ගන්වමින් ඔවුන්ට සහාය ලබා දීමේ රජයේ ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ඔප්පු කළ අවස්ථාවක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙරට බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය අනුව යමින්, ආයෝජකයන්ගේ සහාය සහ අත්දැකීම් සමඟ මෙම ව්‍යාපෘතිය සාර්ථකව ඉදිරියට ගෙන යාම අරමුණ බව සඳහන් කළ අමාත්‍ය කුමාර ජයකොඩි මහතා වත්මන් රජය කියන දේ, ක්‍රියාවෙන් ඔප්පු කරන රජයක් බවත්, මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ස්වාධීනත්වය සහ සුරක්ෂිතතාව වෙනුවෙන් කැපවී සිටින බවත් අවධාරණය කළේය.

සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර මහතාද මෙහිදී අදහස් දැක්වු අතර අපේ රටට බලශක්ති ස්වාධීනත්වය ලබාගත හැකි ප්‍රභවයන් අප රට සතුව අවශ්‍ය තරම් පවතින බවත්, එම සම්පත් උපරිමයෙන් භාවිතයට ගනිමින් බලශක්ති ස්වාධීනත්වය ඇති කර ගතහොක් බලශක්ති සුරක්ෂිතතාව ඇති රටක් නිර්මාණය වන බවත් පෙන්වා දුන්නේය.

දැනට පවතින ක්‍රමවේදය අනුව මෙවැනි ව්‍යාපෘතියක් වෙනුවෙන් ආයතන 12කින් පමණ අනුමැතිය ලබා ගැනීමට සිදුවන බවත් පසුගිය මාස 6-9ක කාලය තුළ එම කටයුතු කඩිනම් කර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලය ඇතුලු රාජ්‍ය ආයතන විශාල සහයෝගයක් දැක්වූ බවත් පැවසූ ඒ මහතා, ආයෝජකයන් වෙනුවෙන් එක් වහළක් තුළ මෙම කටයුතු වේගවත්ව සිදු කර ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් වෙනුවෙන් රජය සමඟ එක්ව කටයුතු කිරීමටත්, යෝජනා ලබා දීමටත් සූදානම් බව පැවසීය.

ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ යන මහත්වරු ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝද, මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරිහුද, විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරිහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-09-06

SendShareShare
Previous Post

මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ගිය අනුර රාජ්‍ය නිලධාරීන්ට පාඩමක් කියලා දෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

රෝයල් දිනපු බ්‍රැඩ්බි රගර් මැච් එක බලන්න රෝයල් ශිෂ්‍යයකු වෙච්ච විපක්ෂනායක සජිතුත් ගිහින්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.