• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ගිය අනුර රාජ්‍ය නිලධාරීන්ට පාඩමක් කියලා දෙයි! PHOTOS I Sri Lanka Latest News

September 7, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
අනුර රාජ්‍යතාන්ත්‍රිකයන් 5 දෙනෙක් පත් කරයි! රටේ කීර්ති නාමය ආරක්ෂා කරගෙන වැඩ කරන විදිහ ගැනත් උපදෙස් දෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාද වීම වළක්වා ගනිමින් එහි ප්‍රතිලාභ නියමිත කාලය තුළ ජනතාවට ලබා දීම අදාළ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවත්, යම් සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කළ විට එය අවසන් කරන දිනය දක්වා ඉලක්කගත සැලැස්මක් ඔවුන් සතුව තිබිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.Sri Lanka Latest News

පසුගිය කාලයේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති නියමිත කාලයට අවසන් නොකිරීම සහ ඒවායේ ව්‍යාපෘති කාලය දීර්ඝ කරමින්, ඇස්තමේන්තුගත වියදම ඉහළ නැංවීම හේතුවෙන් එම ව්‍යාපෘතින්හි ප්‍රතිලාභ මෙන්ම ආයෝජනය කරන මුදලේ ප්‍රතිලාභද රටට අහිමි වු බව අවධාරණය කළ ජනාධිපතිවරයා මේ වසරේ සිට ආරම්භ කෙරෙන සියලු සංවර්ධන ව්‍යාපෘති නියමිත දිනට අවසන් කිරීමට කටයුතු කළ යුතු බවද ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මොනරාගල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.

මොනරාගල දිස්ත්‍රික්කය තුළ 2025 වසරට අදාළව විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතන විසින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඉදිරි සංවර්ධන අවශ්‍යතා විමසා බැලීමද මෙහිදී සිදු කෙරිණි

ජනතාවට අත්‍යවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ඕනෑම අවස්ථාවක මුදල් වෙන් කිරීමට සූදානම් බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාරය සතු මුදල් ගමට ගලා යාමට නම් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති වේගවත් කළ යුතු බවද පෙන්වා දුන්නේය.

කොටියාගල, කැබිලිත්ත රක්ෂිතයේ මායිම් ලකුණු කිරීම හේතුවෙන් ගොවි බිම් අහිමි වූ ගොවීන්ගේ ගැටලුව පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර ගොවීන්ගේ වගා බිම් ආශ්‍රිත ගැටලු විසඳීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දිස්ත්‍රික්කයේ විවිධ රාජ්‍ය ආයතනවල පවතින පුරප්පාඩු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර මෙම වසරේ රාජ්‍ය සේවයට අලුතින් 62,000ක් බදවා ගැනීමට අනුමැතිය ලබා දී ඇති බවත්, අවශ්‍යතාව පරිදි එය ලක්ෂයක් දක්වා ඉහළ යනු ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා ඒ යටතේ මෙම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන ලෙසද නිලධාරින්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම රාජ්‍ය සේවය නූතනත්වයට ගෙන ඒම වෙනුවෙන් රජය කැපවී සිටින බවත්, පලාත් පාලන ආයතන ශක්තිමත් කිරීම සහ රාජ්‍ය සේවය නූතනත්වයට ගෙන ඒම වෙනුවෙන් මෙවර අයවැයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා අද ගැටලුව වී ඇත්තේ රාජ්‍ය සේවය බරක් වීම නොව, රාජ්‍ය සේවය පවත්වා ගෙන යාම වෙනුවෙන් දරණ පිරිවැය අධික වීම බවද පෙන්වා දුන්නේය.

ප්‍රාදේශීය සභාවලට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබා දීමට මෙන්ම පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමටද ඉදිරි අයවැයෙන් විශේෂ අවධානයක් යොමු කරන බව ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම ඇතැම් වාරිමාර්ග ව්‍යාපෘති සඳහා කෙතරම් මුදල් වැය කළද දීර්ඝ කාලයක් තිස්සේ එම ව්‍යාපෘති අවසන් වී නොමැති බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා පරිමාණ වාරිමාර්ග ව්‍යපෘති පිළිබඳ සමාලෝචනයක් සිදු කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.

රාජ්‍ය ආයතනවල සිදු කෙරෙන විශාල ඉදිකිරීම් සම්බන්ධයෙන් නැවත අවධානය යොමු කළ යුතු බවත්, එම ව්‍යාපෘති සැබැවින්ම අවශ්‍යද යන්න සමාලෝචනය කළ යුතු බවත් සඳහන් කළ ජනාධිපතිවරයා දීර්ඝ කාලයක් තිස්සේ වැඩ අවසන් කර නොමැති ආණ්ඩුවේ ඉදිකිරීම්වල අවශ්‍යතාව හඳුනා ගනිමින් ඊට විකල්ප යෝජනා ඉදිරිපත් කරන ලෙසද උපදෙස් දුන්නේය.

එමෙන්ම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රජා පාදක සමිතිවලට කොන්ත්‍රාත් ප්‍රදානය කළ හැකි සීමාව ඉහළ නැංවීමට අනුමැතිය ලබා ගෙන ඇති බවත් ග්‍රාමීය සංවර්ධනය වේගවත් කිරීම එහි අරමුණ බවත් ජනාධිපතිවරයා පැවසීය.

මොනරාගල දිස්ත්‍රික්කය සඳහා නගර සභාවක් නොමැතිවීම, සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ප්‍රාදේශීය සභාවක් ලබා දීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකළ සූර්ය බලශක්ති ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමි වූ ගොවීන්ගේ ගැටලුවට කඩිනම් විසදුම් ලබා දීමට මැදිහත්වන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම බුත්තල කර්මාන්ත පුරයේ බදු ඔප්පු ලබා දීමේ ප්‍රගතිය විමසා බැලුණු අතර දිස්ත්‍රික්කයේ මාර්ග සහ පාලම් සංවර්ධනය, තැලසීමියා රෝගීන් සඳහා වෙන් වූ නේවාසික ප්‍රතිකාර ඒකකය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ, එච්.එම්. ධර්මසේන, රුවන් විජේවීර, සරත් කුමාර යන මහත්වරු ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන්ද, මොනරාගල දිස්ත්‍රික් ලේකම් එම්.එම්. විජේනායක මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-09-06

SendShareShare
Previous Post

එජාප සජබ එකමුතුව කඩන රනිල් වටේ ඉන්න සිරිකොත බහිරවයෝ! Sri Lanka Latest News

Next Post

‘රිවිදනවි’! ආණ්ඩුව සියඹලාණ්ඩුවේ ඩොලර් මිලියන 140ක ව්‍යාපෘතියකට අත තියයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.