එදා විපක්ෂයේ සිටියදී ආණ්ඩු බලය ලබාගැනීම උදෙසා දේශපාලන වේදිකාවල තමන් සිදුකළ ප්‍රකාශ, ආණ්ඩු බලය ලබාගැනීමෙන් පසු අවලංගු වී ඇති බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් පළකළ අදහස්වලින් කොටසක් පහත පළවේ. Sri Lanka Latest News
කේ.ඩී. ලාල්කාන්ත
දැන් ලෝකෙ වෙනස්. දැන් පරණ සටන් පාඨත් හරියන්නෙ නෑ. රජයේ රස්සා ඉල්ලලා කෑගහන එක කිසිම තේරුමක් නෑ.
මාධ්‍යවේදියා
දැන් යටින් කමෙන්ට් එක වැටෙනවා ඔයාලනෙ පුරුදු කළේ රජයේ රස්සා ඉල්ලලා කෑ ගහන්න කියලා?
කේ.ඩී. ලාල්කාන්ත
ඉතින් මමම කිව්වනෙ. මමම කිව්වා අපිත් ඒකට හවුල්කාරයෝ කියලා. ඉතින් ඒක අපි කියන්න එපැයි. ඒ එක අවධියක්. ඒ අවධිය වෙනයි මේ අවධිය වෙනයි. එතකොට එදා කියපුවම අද කියන්න ඕනෙ කියලා එකක් නෑ. එදා කියන එකම අද කියනවා නම් ලෝකෙ ඉස්සරහට යනවෑ. එහෙම යන්නෙ නෑ. එදා කිව්වා තමයි. තවත් ඒවා ඔහොම කියතහැකි ගොඩක්. නේද?
අයි.එම්.එෆ්. එක අපි කොච්චර විවේචනය කරලා තියෙනවද? දැන් අපි තාම යන්නෙ අයි.එම්.එෆ්. වැඩපිළිවෙළ ඇතුළෙ නෙ. ඕනෙ නම් කෙනෙකුට කියන්න පුළුවන් මුන් එන්න කලින් කෑගැහුවා අයි.එම්.එෆ්. එකට විරුද්ධව, දැන් අයි.එම්.එෆ්. එකේ වැඩේ යන්නෙ. ඔව් ඒක කඩාකප්පල් කරගත්තොත් මොකක්වත් නෑ අන්තිමට. ඒකෙන් එළියට එන්න අපිට කාලයක් තියෙනවා. 2028, 29 වෙනකොට එළියට එන්න පුළුවන්. ඉතින් අර මොනවා හරි කියන්න ඕනෑ නම් මොනවා හරි කියන්න එපැයි. එදා මෙහෙම කිව්වා, දැන් මෙහෙම කියන්නෙ. මම නම් මීට අවුරුදු දහයකට කලින් කියපුවා දැන් කියන්නෙම නෑ. දැන් වෙනස්නෙ. මම ඕකට වෙන වචනෙකුත් කිව්වා මම දැක්කා ඒකත් කට්ටිය අල්ලන් ඉන්නවා. ඒක විපක්ෂකරණය. දැන් මේක ආණ්ඩුකරණය. එතකොට කියනවා අපි වෙනස් වෙලා කියලා. එහෙනම් ඉතින් අපි තාමත් විපක්ෂකරණයේ ඉන්න ඕනෙ, කියෝ කියෝ. නෑ දැන් ආණ්ඩුකරණය. ඒ කලාව, ඒකෙ වැඩ, ඒකෙ රටාව, ඒකෙ අභියෝග වෙනස්. විපක්ෂකරණයේදී ඒකෙ අභියෝග වෙනස්. විපක්ෂකරණයේදී බලය ලබාගැනීමේ සමීකරණයක් තියෙනවනෙ. බලය ලබාගන්න ඕන අය. දැන් අපිට ඕනකම තිබ්බනෙ. එතකොට ඒකට අදාළ සූත්‍රයක් අනුව තමයි අපි වැඩ කරන්නෙ. දැන් ඕනෙ බලය තියාගන්න ඕනෙ, බලය පවත්වාගෙන යන්න ඕනෙ. ඒ විතරක් නෙමෙයි, ඒක වෙන්න නම් රටේ සංවර්ධන වැඩ සිද්ධ කරන්න ඕනෙ. ඒ සංවර්ධන වැඩ සිද්ධ කරන්න යනකොට ලෝකෙ යථාර්ථය, ලෝකෙ වෙළෙඳපොළ ඒකෙ ඇතුළෙ තමයි වැඩ කරන්නෙ.
sljokersclub










