නැඟෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ප්‍රදර්ශනය කළ බව කියන අසංස්කෘතික හැසිරීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බවට අනතුරු අඟවා තිබේ.Sri Lanka Latest News
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් අත්සන් කර එවන ලද ලිපියේ මෙසේ සදහන්ය.
ආණ්ඩුකාරවරයාගේ මෑතකාලීන අසංස්කෘතික ක්‍රියාකාරකම් පිළිබඳව නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වන අපගේ ශාඛාවලින් තොරතුරු ලැබී ඇත. මෙම තොරතුරු නැගෙනහිර පළාතේ විවිධ ශාඛාවලින් සහ පුද්ගලයන්ගෙන්, විශේෂයෙන්ම පරිපාලන තරාතිරමේ නිලධාරීන්ගෙන් ලැබුණු පැමිණිලි මත පදනම් වේ. ආණ්ඩුකාරවරයාගේ මෙම හැසිරීම නැගෙනහිර පළාතේ සියලුම වෛද්‍ය කාර්ය මණ්ඩලය අතර අතෘප්තිකර සහ අප්‍රසන්න වාතාවරණයක් නිර්මාණය කර ඇත. අවසාන වශයෙන්, මෙය සේවාවේ ගුණාත්මක භාවයට බලපෑ හැකිය.
මෙම ආරවුල විසඳීමට සංගමයේ විධායක කමිටුවේ මැදිහත්වීම අවශ්‍ය බව නැගෙනහිර පළාත් ශාඛාව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පෙන්වා දී ඇති අතර, ආණ්ඩුකාරවරයා තම සාමාජිකයන්ට එරෙහිව මෙවැනි ක්‍රියා දිගටම සිදු කළහොත් වෘත්තීය සමිති ක්‍රියාකාරකම්වල නිරත වන බවට එම ශාඛා අනතුරු අඟවා තිබේ. ආණ්ඩුකාරවරයා විසින් සංවිධානය කරන රැස්වීම් වර්ජනය කිරීමෙන් එය ආරම්භ වනු ඇතැයි ඔවුන් දන්වා ඇත.
සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව නැගෙනහිර පළාත් වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ඔබගේ හැසිරීම සමාලෝචනය කරන ලෙස ඉල්ලා සිටීමට තම විධායක කමිටුව ඒකමතිකව තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආණ්ඩුකාරවරයාට දන්වා ඇත.
මේ සම්බන්ධයෙන් සාධනීය පියවරක් නොගතහොත් ඔබගේ ඉදිරි කටයුතුවලට එරෙහිව නැගෙනහිර පළාත් ශාඛාව විසින් ගනු ලබන දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයට තම සහයෝගය දක්වන්නට සිදුවනු බවටද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා ඇත.










