දිවයින පුරා රජයේ රෝහල් ආවරණය කරමින් පළාත් මට්ටමින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.Sri Lanka Latest News
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.
එම සංගමය පවසන්නේ පැය 24ක් පුරා ක්‍රියාත්මක මෙම සංකේත වැඩ වර්ජනය හෙටින් ආරම්භ කරන බවය.
ඒ අනුව හෙට (02) දිනයේ ඌව පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරුන් මෙම වැඩ වර්ජනයට එක්විමට නියමිතය.
අනතුරුව එළඹෙන 03 වනදා උතුරු පළාතේත්, 06 වනදා වයඹ පළාතේත්, 07 වනදා සබරගමුව පළාතේත් සියලුම රජයේ රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වනු ඇත.
08 වනදා වැඩ වර්ජනය ක්‍රියාත්මක වන්නේ මධ්‍යම පළාතේ සහ නැගෙනහිර පළාතේය.
09 වනදා දකුණු පළාතේ සහ උතුරු මැද පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරු මෙම වැඩවර්ජනයට එක්වීමට නියමිතය.
රජයේ වෛද්‍ය නිලධාරීන් පවසන්නේ 10 වනදා බස්නාහිර පළාතේ රජයේ රෝහල්වල වෛදවරු මෙම වැඩ වර්ජනයට එක්වීමට නියමිත බවය.










