• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

GOTA’S WAR ‘3’ (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

January 23, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
GOTA’S WAR ‘3’ (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

‘මගේ ආණ්ඩුවේ වැඩ කරන්න තිබ්බ අවුරුදු දෙකක් කොරෝනා නිසා නැති වුණා. හැබැයි මට තව අවුරුදු තුනක් තියෙනවා. මේ අවුරුදු තුනේ මම ජනතාවට වෙච්ච සෑම පොරොන්දුවක්ම ඉටු කරනවා. ඒ නිසා මේ අවුරුදු තුනේ මගෙත් එක්ක රට හදන්න එකතු වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. විපක්ෂය වුණත් ජනතාව උසිගන්වන්නෙ නැතිව ආණ්ඩුවේ වැඩපිළිවෙළට සහාය දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා…’

ගෝඨා මේ කතාව පසුගිය සතියේ තැන් තුනකදී සිදුකළේය. පළමුවෙන්ම ගෝඨා මේ කතාව කිව්වේ මීරිගම – කුරුණෑගල අධිවේගී මාර්ගය විවෘත කිරීමේ උත්සවයේදීය.

දෙවැනි පාරට ගෝඨා මේ කතාව කිව්වේ නව ජනාධිපති ලේකම්වරයා වශයෙන් ගාමිණී සෙනරත් පත්කොට කැබිනට් ලේකම්වරුන් සමග පැවැති සාකච්ඡාවේදීය.

තුන්වැනි පාරට ගෝඨා මේ කතාව කිව්වේ පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කරමින්ය.

‘එක සතියට මේ එකම කතාව ගෝඨා තුන්පාරක් කිව්වේ ඇයි?’

කොහොමත් තුනේ ඉලක්කමත් සමග බැඳුණු අතිසාර්ථක අතීතයක් ගෝඨාට තිබේ.

ගෝඨා ඇමෙරිකාවේ සිට ලංකාවට පැමිණියේ 2005 ජනාධිපතිවරණ සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වූ මහින්දට උදව් කරන්නටය. එතැනදී මහින්ද ගෝඨාට භාරදුන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කය සංවිධානය කරන එකය. ඒකට එක හේතුවක් තිබිණි. මොකද කුරුණෑගල කියන්නේ වැඩිම හමුදා පවුල් ප්‍රමාණයක් සිටින දිස්ත්‍රික්කයකි. ඉතින් ගෝඨාත් හමුදාවේ හිටපු නිසා මේ හමුදා පවුල්වලට කතා කිරීම කළ හැකි බව මහින්ද දැන සිටියේය.

මේ භාරදීමත් එක්ක ගෝඨා කුරුණෑගල ගමක් ගමක් ගානේ ගිහින් මහින්දට අවශ්‍ය සහයෝගය ලබාදීමට කටයුතු කළේය. ගෝඨාගේ මේ ගේම් එනිසා මහින්ද කුරුණෑගල උඩින්ම දින්නේය.

මේ විදියට තමන්ට භාරදුන් මෙහෙයුම අවසන් කිරීමෙන් පසු ගෝඨා ලෑස්ති වුණේ යළිත් ඇමෙරිකාවට යන්නටය. ඒ අනුව ඊට අදාළ ගුවන් ටිකට්පතක් මිලදී ගත් ගෝඨා මහින්ද හමුවී තමන් හෙට දිනයේ යන බව කියා සිටියේය.

‘කොහෙ යන්නද?’ යනුවෙන් මහින්ද පුදුමයට පත්ව විමසද්දී ගෝඨා කීවේ තමන්ට භාරදුන් කාර්යය අවසන් කළ බවත්, තමන් හෙට දිනයේ යළි ඇමෙරිකාව බලා පිටත්ව යන බවත්ය.

‘පිස්සුද? මම මේ ඔයාට ලොකු වැඩක් භාරදෙන්න ලෑස්ති කරලයි තියෙන්නේ. ඔන්න ඔය ඇමෙරිකා යන එක කැන්සල් කරලා ඔයා මගේ ආරක්ෂක ලේකම් විදියට වැඩ භාරගන්න ඕනෙ. මොකද අපට ඉස්සරහට කරන්න ලොක වැඩ කොටසක් තියෙනවා…’

මහින්ද එදා ගෝඨාට කීවේ එහෙමය. මහින්දගේ මේ කතාවෙන් පසු තරමක් අදිමදි කරමින් හෝ සිය තීරණය වෙනස් කළ ගෝඨා ඇමෙරිකානු ගමන කැන්සල් කොට ආරක්ෂක ලේකම් ධුරයේ වැඩ භාරගත්තේය.

යුද්ධයේ ආරම්භයට පදනම වැටුණේද එතැන් සිටය. මොකද ආරක්ෂක ලේකම් ධුරයේ වැඩ භාරගැනීමත් සමග ගෝඨා කල්පනා කළේ තිස් වසරක ශාපලත් යුද්ධය පරාජය කරන විදිය ගැනය. ප්‍රභාකරන් පරද්දන්න පුළුවන් ප්‍රභාකරන් වගේ හිතන හමුදාවේ සිටින දක්ෂයන් ගැනය. ෆොන්සේකාගේ නම ගෝඨාගේ ඔළුවට ආවේ එතැනදීය. යුද්ධය දිනන්න නම් ෆොන්සේකා වගේ කෙනෙක් යුද හමුදාපති පුටුවේ සිටිය යුතු බව තේරුම් ගත් ගෝඨා ඒ බව මහින්දටද දැනුම් දුන්නේය.

ගෝඨා, ෆොන්සේකා ගැන කීවද මහින්ද ඒ වන විටත් ෆොන්සේකාව දැක තිබුණේ නැත. ගෝඨා, ෆොන්සේකාව මහින්දට මුණගස්වන්නේ ප්‍රදීප් හපන්ගමගේ පියාගේ අවමඟුලට මහින්ද පැමිණි අවස්ථාවේදීය. ඒ වෙලාවේ ෆොන්සේකාද අවමගුලට එක්ව සිටියේය. ඉතින් ගෝඨා කළේ ෆොන්සේකාට එන්න කියා මහින්දට ඔහුව හඳුන්වා දීමය.

ෆොන්සේකාට හමුදාපති ධුරය ලබාදීම සඳහා ගෝඨා කටයුතු කළේ ඒ ආකාරයටය.

ඒකටත් එක්තරා හේතුවක් තිබිණි. මොකද ගෝඨාගේ සැලැස්ම වී තිබුණේ එල්.ටී.ටී.ඊ.යට එරෙහිව යළි යුද්ධයක් ආරම්භ කරනවා නම් අවුරුදු තුනක් ඇතුළත යුද්ධය අවසන් කිරීමටය. ගෝඨා හමුදාවේ මුල් පුටු වෙනස් කොට ඔවුන්ට මේ සැලැස්ම දැනුම් දුන්නේය. යුද්ධය අවුරුදු තුනකින් අවසන් කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙසත්, ඒ සඳහා හමුදාව සූදානම් කරන ලෙසත් හමුදාපතිවරුන්ට දැනුම්දී සිටියේය.

2006 මාවිල්ආරුවෙන් ආරම්භ කළ යුද්ධය 2009දී නන්දිකඩාල් කළපුවෙන් අවසන් කරන්නට වීරෝදාර රණවිරුවන්ට හැකියාව ලැබුණේ ගෝඨාගේ මේ සැලැස්මට පින් සිදුවන්නටය. ඒ මෙහෙයුමට ගතවුණේ හරියටම වසර තුනකි.

මේ යුද ජයග්‍රහණය නිකම් ආවාට ගියාට කඩාපාත්වූ එකක් නොවේ. තිතටම හදපු යුද සැලැසුමක අවසාන ප්‍රතිඵලයය. ගෝඨා ඒ ජයග්‍රහණය ගන්න ආරක්ෂක ලේකම් ධුරය භාරගත් පළමු අවුරුදු දෙකේ හොඳට ‘ගෙදර වැඩ එහෙමත් නැත්නම් ‘හෝම් වර්ක්’ කළේය. හමුදාපතිවරු වෙනස් කළේය. අවශ්‍ය යුද ආයුධ එක්රැස් කළේය මල්ටි බැරල් හමුදාවට ගෙනත් දුන්නේය.

අවුරුදු 30ක් පරද්දන්න බැරිව සිටි, ඉන්දීය සාමසාධක හමුදාවටවත් පරද්දන්න බැරිවුණු, යුද, ගුවන්, නාවික බළඇණි තුනෙන්ම සන්නද්ධව සිටි ලොව එකම ගරිල්ලා ත්‍රස්තවාදී සංවිධානය ඔළුවෙන් අල්ලා පොළොවේ ගසන්නට ගෝඨාට පුළුවන් වුණේ වසර තුනකින් යුද්ධය නිමා කරන්නට හදපු මෙහෙයුම නිසාය.

ඒ යුද්ධය අවුරුදු තුනකින් සාර්ථකව අවසන් කළ ගෝඨා දැන් ජනාධිපති පුටුවේ වාඩිවී අවුරුදු තුනකින් රට ගොඩනගන මෙහෙයමට අතගසා තිබේ. ගිය පාර වගේම මේ පාරත් ගෝඨාගේ පළමු අවුරුදු දෙක අවසන් වී තිබේ. කෝරෝනා වසංගතය නිසා රට වරින් වර වහන්න සිදුවූ බැවින් ගෝඨාගේ ඒ අවුරුදු දෙක අපතේ ගියේය. හැබැයි දැන් ගෝඨා ඉතිරි අවුරුදු තුනේ රට ගොඩදමන බවට රටටම පොරොන්දුවක් දී තිබේ.

‘ඉතින් යුද්ධය අවුරුදු තුනෙන් දින්නා වගේ රට ගොඩදාන යුද්ධයත් අවුරුදු තුනකින් දිනන්න ගෝඨාට පුළුවන් වෙයිද?’

ඒක දැන්ම තියා කියන්න බැරි වුණත් ඉතිරි අවුරුදු තුනේ කඩිනම් සංවර්ධන ව්‍යාපාර රැසක් ආරම්භ වනු දැකීමට ජනතාවට අවස්ථාව ලැබෙනු ඇත.

යුද්ධය දින්නා වගේ මේ අවුරුදු තුනේ ගෝඨාට රට ගොඩදාගන්න පුළුවන් වුණොත් 2024 ජනාධිපතිවරණයටත් ගෝඨා ඉදිරිපත් වීම මොන ජගතාටවත් වළක්වන්න බැරිය. ඒ ඡන්දයෙනුත් ගෝඨා දිනන එක ඉරහඳ වගේ විශ්වාසය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

ගිය පාර කුසල්-ධනුෂ්ක-දික්වැල්ල! මේ පාර පුහුණුකරුවන්! මහ රෑ බීලා ලැජ්ජ නැතිව ෆොටෝස් ෆේස්බුක් එකෙත් දාලා!

Next Post

ඥානසාර හිමිගේ එක රටක් එක නීතියක් බළකාය වැඩ පටන් ගනී! ඉස්ලාම් පෙළපොත් ආපසු කැඳවයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.