• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා වරද්දගත්ත තැන් මුල ඉඳන් අගට එකින් එකට…

May 1, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ගෝඨා වරද්දගත්ත තැන් මුල ඉඳන් අගට එකින් එකට…
Share on WhatsAppShare on Facebook

මේ ගතවෙමින් යන්නේ ඒ ජනාධිපතිවරයාගේ ධූර කාලයේ සුන්දරතම කාලය කියලා අපි විශ්වාස කරනවා. ඒකට හේතුව ජනාධිපතිවරයෙක් පත්වෙලා අවුරුද්දක් දෙකක් යනකම් හරි ට්‍රැක් එකට ගන්න බෑ. හැබැයි අවුරුදු දෙකක් තුනක් යනකොට, තුන්වැනි හතරවැනි අවුරුදු එනකොට ඒ ජනාධිපතිවරයාට උදාවෙනවා වසන්තය. ඒකට හේතුව තමයි ඔහුගෙ බලාපොරොත්තු මල්පල ගැන්විලා, ඔහුට අවශ්‍ය නිලධාරීන් තනතුරුවලට පත්කරගෙන, රටේ ක්‍රමෝපායන් නිවැරැදි මාර්ගයට අරගෙන රටක් නිවැරැදි ක්‍රමවේදයකට අනුගත කරගන්න පුළුවන් වෙන්නේ මේ වගේ කාලයක් ගතවුණාට පස්සේ. ඒක එහෙම වුණාට දැන් රට යන්නේ නියමිත රේල් පීල්ලෙද? ගෝඨාභය රාජපක්ෂට එහෙම මේ පීල්ලට මිනිස්සුන්ව දාන්න පුළුවන් වුණාද? රට දාන්න පුළුවන් වුණාද? නැත්නම් රට තිබුණටත් වඩා අගාධයකට ඇදගෙන වැටුණාද? මේ ප්‍රශ්නයට ඉතා සරල පිළිතුරක් තියෙනවා. ඒ තමයි මේ ගතවෙන අප්‍රේල් මාසෙ අපි ලෝකෙට නිල වශයෙන් නිවේදනය කළා බංකොලොත්භාවය. රටක බංකොලොත්භාවය නිවේදනය කරලා, ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඉල්ලීම් කරලා, ඉන් පස්සෙත් ඒ රට සුරංගනා ලෝකයක් බවට පත්වෙලාද කියලා අහනවා නම් ඒ අහන එකාට පිස්සු තියෙන්න ඕනෙ. දිව්‍ය ලෝකයක් හදන්න ආව පාලකයො අපට හදලා දුන්නේ අපායක්. දැන් මේක මිහිපිට අපායක්. කිසිම කතාවක් නෑ. ‘ගෝඨා ගෝ ගමට’ විතරයි වසන්තය උදාවෙලා තියෙන්නේ. වෙන කිසිම තැනකට වසන්තයක් උදාවෙලා නෑ.

ආසියාවේ ආශ්චර්යය කරන්න ආපු පාලකයො අන්තිමට ආසියාවේ ආශ්චර්යය කරන එක කෙසේ වෙතත් පාලකයා කියන එකේ ඇලපිල්ලයි, ‘ල’ යන්නයි අයින් කරගත්ත එක විතරයි වුණේ. අද මිනිස්සු බොහෝ තැන්වල පාලකයන්ට කතා කරන්නේ ‘පාලකයා’ කියන වචනයේ ඇලපිල්ලයි ‘ල’ යන්නයි අයින් කරලා. ඒක අයින් කරලා කියාගෙන බලන්න. ගොඩක් අය ඉන්න තැනක නම් කියන්න එපා. පුද්ගලිකව කාමරයක් ඇතුළේ තනියම ඉන්න ගමන් කියලා ඉන් පස්සේ කැමැති නම් එළියෙ කියන්න. මොකද මේක එළියේ කියන්න තරම් හිතෙන වචනයක් බවට දැන් පත්වෙලා ඉවරයි. ප්‍රසිද්ධ මාධ්‍යයක් හින්දා මට ඕක ලියන්න බෑ.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට ආවට පස්සේ 2019දී එයා කියලා ආවෙ මේ රටේ කිසිම විදියකින් රාජපක්ෂ පවුල් බලය, රාජපක්ෂ කණ්ඩායම් බලය යළි ස්ථාපනය කරන්නේ නෑ කියලා. ඒක එයා ප්‍රසිද්ධ වේදිකාවෙ කිව්වට පවුල ඇතුළෙ කියලා තිබුණද කියන්න අපි දන්නෙ නෑ. ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්න ලැබෙන්නේ ඔහු පවුල ඇතුළේ නැත්නම් ඔවුන්ගේ ප්‍රබලතම ආසන්න කණ්ඩායම් ඇතුළෙ පවා මේ කතාව ඒ විදියටම කියලා ආවා කියන එක. ඒත් එහෙම කියලා ආපු ගෝඨාභය මහත්තයා මුලින්ම කළේ පී.බී. ජයසුන්දරට ඉහළම තනතුර දෙන එක. පී.බී. ජයසුන්දරට චෝදනා තිබුණා. ඔහු සම්බන්ධ ප්‍රශ්න තිබුණා. ඒත් පී.බී. සුන්දරට ඒ තනතුර දීමත් එක්ක සමහර මිනිස්සුන්ගෙ බලාපොරොත්තු බොඳවෙලා ගියා. එහෙම බොඳවෙලා යන එක සාමාන්‍ය ජනතාවට තේරුණේ නෑ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ බලයට ඇවිල්ලා ටික දවසකින්ම ලෝකයට කොවිඩ් ආවා. කොවිඩ් එනවත් එක්ක ලංකාවෙ පළමු කොවිඩ් රෝගියා වාර්තා වෙන්නේ ජනවාරි මාසෙ 29 වැනිදා. ඒ චීන ජාතික කාන්තාවක්. ඇය සම්බන්ධයෙන් නිවැරැදි ක්‍රමවේද පාවිච්චි කළා කියලා ඇගේ මූණ ඉඹලා අපි මාර සතුටෙන් තමයි කාලෙ ගත කළේ. ඒත් මාර්තු මාසෙ වෙනකොට මුළු ලෝකෙම කොවිඩ්වලින් ඇළලෙමින් තියෙන අතරතුර ලංකාව මහ ඡන්දෙකට යන්න පිඹුරුපත් සකස් කරමිනුයි හිටියේ. මහ ඡන්දෙට යන්න අවශ්‍ය පරිසරය හදාගන්න අපේ රට අවශ්‍ය වෙලාවෙ වැහුවෙ නෑ කියන එක කවුරුත් දන්න කාරණයක්.

දූපතක් වෙච්ච මේ පුංචි රටේ නිවැරැදි වෙලාවට එයාර් පෝට් එක වහලා, නිවැරැදි වෙලාවට මේ රටේ අවශ්‍ය නීති රීති පනවලා හරි වෙලාවෙ රට වහල දැම්මා නම් බොහෝ විට මේ තරම් ව්‍යසනයක් රට ඇතුළේ සිදු නොවනවා කියලයි බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ. එහෙම ව්‍යසන සිදු නොවිච්ච රටවලුත් ලෝකෙ තියෙනවා. අවශ්‍ය නම් වර්ල්ඩ් කොවිඩ් මැප් කියන එක අරගෙන බලන්න. මේ වගේ දූපත් රාජ්‍යයන්ට මේ විදියට ආරක්ෂා වීමේ හැකියාව ඕනෑ තරම් තිබුණා. මේක මේ වෙලාවෙ කියන්න හේතුව කොවිඩ්වලට නිවැරැදිව රට වැහුවෙ නැති නිසා රටට මේ තරම් පාඩුවක් වුණාය කියන්නේ කොවිඩ් නිසා තමයි රටට මේ ණය බර දරාගන්න බැරුව ගියේ, රටේ ආර්ථිකය කඩා වැටුණෙ, රට බංකොලොත්භාවයට පත් වුණේ, ණය ගෙවාගන්න බැරුව ගියේ වගේ කතා පාලකයො කියනවනෙ. ඒ නිසා කොවිඩ්වලට රටට එන්න නොදී මාස 6ක් විතර තිස්සේ නිවැරැදි ක්‍රමවේදවලට රට වහල තිබුණා නම් මේ විනාශය වෙන්නේ නෑ කියන එකයි අපට හිතෙන්නේ. රට නිවැරැදි වෙලාව නොවැසීම තවත් එක වැරැදි තීරණයක්. ඒ වගේම මහ මැතිවරණය සඳහා අපිට මතක විදියට මාර්තු මාසෙ 18 වැනිදා නාම යෝජනා භාරදෙන්න මේගොල්ලො වැඩපිළිවෙළක් සකස් කරලා තිබුණා. ඒ සඳහා රට ඇරලා තිබුණා කියලයි දන්න අය කියන්නේ. ඉතින් මේ වැඩෙත් එක්ක රටට වෙච්ච හානිය මිල කළ නොහැකි බවයි අපට පේන්නේ. ඒ වගේම අප්‍රේල් මාසෙ වෙද්දී රටේ කොවිඩ් බිය සම්පූර්ණයෙන් තුරන් වෙලා යනවා කියලා ආයෙත් මේ අය අනුමාන කරන්න පටන් ගත්තා. ඒකත් වැරැදි තීරණයක්. මේ විදියට වැරැදි තීරණ කිහිපයක් අරගත්තා කොවිඩ් සම්බන්ධව. නිවැරැදි මොහොතේ රට වසා නොදැමීම, නිවැරැදි මොහොතේ වෙන්ටලේටර් මැෂින් සවි නොකිරීම, නිවැරැදි මොහොතේ ඇඳන් රටට ගෙන්වා නොගැනීම, නිවැරැදි මොහොතේ ඇඳිරි නීතිය නොපැනවීම, නිවැරැදි මොහොතේ අවශ්‍ය ස්ථාන වසා නොදැමීම වගේ නිවැරැදි මොහොතේ ගතයුතු තීන්දු විශාල ප්‍රමාණයක් පමා වී ගත් බවයි අපි දැක්කේ. රටේ ගුවන් තොටුපළ පවා වසාදැමීම සිදුකළේ හුඟක් පමා වෙලා. එතකොට සිද්ධ වෙන්න ඕනෙ හානිය වෙලා ඉවරයි. හැම වෙලාවෙම මේක මේ විදියට වුණා.

මෙහෙම වෙලා වෙලා මිනිස්සුන්ට මේ රට තියෙන තැන ගැන නිවැරැදි අවබෝධයකට එන්න පුළුවන් අවස්ථා කිහිපයක්ම උදා වුණා. ඒත් මහ ඡන්දෙදි අපි ඉතා සොඳුරු ප්‍රතිඵලයක් ලබාගත්තා. ඒ ප්‍රතිඵලය මත මේ ප්‍රතිඵලය උදාවුණා කියලයි අපි විශ්වාස කරන්නේ. කොහොම නමුත් මේ මහ ඡන්දෙ පැවැත්වීමත් රටේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ ආකාරයේ දෙයක්. ඒ වගේම උසස් පෙළ විභාගය, සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම ඒ වගේ දේවල් නිවැරැදි මොහොතේ සිදු නොකළා කියලයි බොහෝ දෙනෙක් කියන්නේ. ඒකට හේතුව වුණේ රට වසාදැමීමේ තීන්දුව ගැනීමේදී වගේම මහ ඡන්දයක් පැවැත්වීමේ තීන්දුවේදීත් මේ අය සැලකිලිමත් වුණේ දේශපාලනික කාරණා ගැන පමණයි. රටේ සෞඛ්‍ය සහ ආර්ථිකය කියන කාරණා ගැන ඔවුන් සැලකිලිමත් වුණේ නැහැ. කාටත් අමතක වෙච්ච කාරණයක් තියෙනවා. එදා මහ ඡන්දෙ තිබුණෙ කෝටි 400ක් විතර වියදම් කරමින්. මේ මහ ඡන්දෙට සල්ලි වියදම් කළේ සහ මහ ඡන්දෙට නාස්ති කළේ මේ මොහොතේ රට ඇතුළේ ආරක්ෂා විය යුතු, රැකබලාගත යුතු ධනය කියලයි අපි විශ්වාස කරන්නේ. එදත් භික්ෂුන්වහන්සේලා ඇතුළු පිරිස ඉල්ලා සිටියේ රටේ තියෙන ව්‍යසන අවස්ථාවේදී මේ වගේ අන්තර්වාර පාලනයකට ගිහිල්ලා රටේ සියලු දේශපාලන පක්ෂ එකතු කරගෙන අවුරුදු කිහිපයක් රට පාලනය කරන්න කියලා. ඒ වගේ පාලනය කළා නම් අද මේ වෙනකොටත් ලංකාව අන්තර්වාර පාලනයක් සහිත රාජ්‍යයක් බවට පත්වෙන්න තිබුණා. කොවිඩ් බිය සම්පූර්ණයෙන්ම තුරන් වෙලා ගියාට පස්සේ රටේ මහ මැතිවරණයකට ගියා නම් මේ වෙනකොට මේ චෝදනාව මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට එල්ල වෙනවාටත් වඩා කණ්ඩායමක් විදියට ඉඳලා විසඳගන්න තිබුණා. ඒ වගේම ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන නායකයො, කෘෂිකාර්මික දැනුමක් තියෙන නායකයො, ආර්ථිකය ගැන අවබෝධයක් තියෙන නායකයො, වෛද්‍ය විද්‍යාව ගැන දැනුමක් තියෙන නායකයො එකතු කරගෙන මේ පාලනය සිදුකළා නම් රටේ මිනිස්සු මේ තරම් මැරෙන එකක් නෑ කියලයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ.

ඒ කතන්දර ඔක්කොම පැත්තකින් දැම්මට පස්සේ මේ රටේ ගත්ත අපූරු තීරණයක් තමයි පොහොර ප්‍රශ්නය. මේ පොහොර ලංකාවට ගෙන්වීම වැළැක්වීම, රසායනික ද්‍රව්‍ය ලංකාවට ගෙන්වීම වැළැක්වීම කියන තීරණය ඇයි ගත්තේ කියන එක සම්බන්ධව විවිධ කතන්දර තියෙනවා. ඒකෙ ප්‍රසිද්ධ කතන්දරය තමයි මේ මහ පොළොව ආරක්ෂා කිරීම සහ කෘෂිකර්මය ආරක්ෂා කිරීම සඳහා ගත්ත තීරණයක් බව. නමුත් ඇත්ත කතන්දරය සමහර අය කියන විදියට මේ රට පිළිබඳ ගත්ත තීරණයක් නෙවෙයි, ඩොලර් නැති නිසා ගත්ත තීරණයක් කියන එක. එහෙම නම් අපට ඒකට සාධරණයි කියලා, පවු කියලා හිත හදාගන්න පුළුවන්. ඒත් ඒකට ඉදිරිපත් කරපු තර්කය වුණේ මේ මහ පොළොව ආරක්ෂා කරන්න මම කවුරු කොහොම කිව්වත් මේ තීන්දුව ගන්නවා කියලා. බැරි නම් ගහලා හරි මේක ක්‍රියාත්මක කරන්න කියලා මේ නායකයො කිව්වා. අන්තිමට ඔහුම කියනවා අද වෙනකොට ඒ තීරණය මම ගත්ත වැරැදි තීරණයක් කියලා. හැබැයි ඔහු මේ කතාව කියලා නිදහස් වුණාට මේ වෙනකොට හාල් නිෂ්පාදනය වෙළෙඳ පොළට එන්නේ කලින් ආවට වඩා දහයකින් එකටත් වඩා අඩුවෙන්. පහුගිය කන්නය වෙනකොට අපට ආපු නිෂ්පාදනය ආවෙ මීට කලින් තිබුණු පොහොරවලින්. ඒ නිසා මේ කාබනික පොහොර සෙල්ලමත් එක්ක ගොයම් පැහිලා තවමත් අස්වැන්න වෙළෙඳපොළට එන්න පටන් අරගෙන නෑ. මේ උදාවෙන්නේ ඒ කාලය. ඒ නිසා තමයි හාල් මිල රුපියල් 400ට විතර යනවාය කියලා විශ්වාස කරන්නේ. ඒ වගේම අපිට තිබුණු ප්‍රධානම අපනයන භෝග විදියට තේ, පොල්, රබර් කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණා. ඒ වගේම අන්නාසි ඇතුළු යම් කිසි භෝග වර්ග ප්‍රමාණයක් රසායනික ද්‍රව්‍ය නොමැතිව නිෂ්පාදනය කරගන්න බැරුව ගියා. බොහෝ දෙනෙක් මේ වෙළෙඳ පොළ අතහැරලා දැම්මා. ඒවායිනුත් අපිට යම් විදියකින් ජාත්‍යන්තර මුදල් ලැබෙමින් තිබුණත් ඒවා සියල්ල අතහැරල දාලා මිනිස්සුන්ට හිත හදාගන්න සිද්ධ වුණා. තේ කර්මාන්තය කඩාගෙන වැටීම විශාල පාඩුවක් විදියටයි අපට පේන්නේ. තේ සඳහා අවශ්‍ය කරන රසායන ද්‍රව්‍ය, පොහොර නිවැරැදි මොහොතේ ලබාදෙන්න කියලා ඔවුන් නිතර නිතර ඉල්ලීම් කළත් අපේ පාලකයො මොකද කළේ, හිතුවක්කාරකමට ඔවුන් කිව්වා නෑ, රසායනික පොහොර පාවිච්චි කරන්න දෙන්නෙම නෑ කියලා. එහෙම කියපු ඔහුම අද කියනවා, නෑ ඒක මම ගත්ත වැරැදි තීරණයක් කියලා.

හුඟක් ඇතුළට කිඳාබහින්නෙ නැතුව මේක සාමාන්‍ය සරලව තේරුම් ගත්තොත් එහෙම ජනවාරි මාසෙ 18 වැනිදා වෙනකොට ඩොලර් බිලියන 3ක ණය වාරිකයක් ගෙවන්න අපට අවශ්‍යතාව තිබුණා. මේ ණය වාරිකය ගෙවාදැමීම කියන එක සම්බන්ධව රටේ බොහෝ විද්වතුන් කිව්වේ මේ ණය වාරිකය ගෙවීම රටට දරාගන්න බැරි තත්ත්වයක් උද්ගත කරාවි කියලා. ඒකට හේතුව තමයි මේ ණය වාරිකය ගෙවීමත් එක්ක ලංකාවෙ ඩොලර් සංචිත ඉතා පහළ අගයක් ගැනීම. මේත් එක්ක අපට දරාගන්න බැරි තරම් පීඩනයක් ඇතිවීමට නියමිත බව ඔවුන් කිව්වා. අප්‍රේල් මාසෙ වෙනකොට ණය ප්‍රතිව්‍යුහගත කරලා, ඩොලරය පාවෙන්නට ඉඩ හැරලා, රට ඇතුළේ මූල්‍යමය ස්ථාවරත්වයක් ඇතිකරන්න මේ වෙනකොට අරගෙන තියෙන උපක්‍රමික උත්සාහය යම් හෙයකින් ජනවාරි මාසෙදි ගත්තා නම් අද වෙනකොට රට ඇතුළේ මේ තරම් අර්බුදයක් ඇති නොවේවි කියලා විශ්වාස කරනවා. ඒ සඳහා අජිත් නිවාඩ් කබ්රාල්ව පාර්ලිමේන්තුවෙ ඉඳලා මහ බැංකු අධිපති කරන්න ගත්ත තීරණය වැරැදි තීරණයක් වගේම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවස්ථාව තියෙද්දී බංකොලොත්භාවය ප්‍රකාශ කරලා ඉන් එපිටට රටේ යම් යම් ණය වාරික ගෙවීම් සම්බන්ධව පියවර ගතයුතුව තියෙද්දිත් අපි කළේ හිතුවක්කාර විදියට මේ ණය වාරිකය සම්පූර්ණයෙන් ගෙවලා දාලා රටේ තිබුණු මූල්‍ය සංචිත ටික ඉවර කරගැනීම. ඒක ඉතා බරපතළ වැරැදි තීරණයක්. ඒ වගේම රටේ රත්‍රං ටික විකුණා දැමීමත් වැරැදි තීරණයක්. රන් සංචිත කියලා කියන්නේ රටක තියෙන ආර්ථික ශක්තියක්. මේ රන් සංචිත විකුණා දැමීම ලෝකයේ වෙනත් රටවලත් කරලා තියෙනවා. 1991දී ඉන්දියාවෙත් මේ විදියටම රන් සංචිත විකුණා දැමීමේ ක්‍රියාවලියක් සිදුවුණා. ඔවුන් ඉතා කනගාටුවෙන්, දරාගත නොහැකි ශෝකයකින් තමයි මේ කටයුත්ත සිදුකළේ. ඒත් අපේ පාලකයො නම් කිසිම ශෝකයකින් තොරව ෂෝක් එකට මේ වැඩේ කළා කියලා තමයි අපට දැනගන්න ලැබෙන්නේ. දැන් ලංකාවෙ රන් සංචිත නෑ. රන් සංචිත විකුණා දැමීමෙන් රටේ ආර්ථික ශක්තිය ගොඩනංවාගත හැකි නම් මේ පවතින අර්බුදයෙන් ගොඩයා හැකි නම් රන් සංචිත විකිණීමේ ප්‍රශ්නයක් නෑ. රන් සංචිත විකුණා දැමීම හරහා ලංකාවට සිද්ධ වෙච්ච මූල්‍යමය ලාභයක් හෝ ආර්ථිකමය ලාභයක් අපට පෙනෙන තෙක්මානයේ නෑ. එහෙම නම් මේ පෙනෙන තෙක්මානයේ නැති ආර්ථික ලාභය හෝ මූල්‍යමය ලාභය මත මේ තීන්දුව ගැනීමත් වැරැදි තීරණයක් බවයි අපට පේන්නේ.

ඒ වගේම අයි.එම්.එෆ්. එකට යායුතු බව බොහෝ දෙනෙක් කියද්දිත් මේ පාලකයන් අයි.එම්.එෆ්. එකට යෑම නතර කරලා, පැත්තකට වෙලා අහක බලාගෙන හිටියා. මේ අයි.එම්.එෆ්. යෑම නිවැරැදි මොහොතේ සිදුකළා නම් ඔවුන් සමග සාකච්ඡා කරලා මේ වන විටදීවත් අපට නිවැරැදි ක්‍රමවේදයකට යොමුවෙන්න තිබුණා. අයි.එම්.එෆ්. එකට ගිහින්, සාකච්ඡා කරලා, මුදල් ලබාගෙන බෙහෙත් ටික රටට ගෙන්වා ගැනීමට තිබුණා. නමුත් දැන් ඒ සඳහා තවත් මාසය 6ක කාලයක් ගතවෙන බව තමයි සෞඛ්‍ය ක්ෂේත්‍රයෙ ප්‍රවීණයන් කියන්නේ. මේ විදියට බෙහෙත් නැතුව මාස හයක පමණ කාලයක් ගතකළ හැකිද රටකට? ඒක ඉතා බරපතළ වැරැදි තීරණයක් වගේම හිතාගන්න බැරි විදියේ අත්තනෝමතික සහ හිතුවක්කාර තීරණයක්. නමුත් අයි.එම්.එෆ්. එකට ගිහින් මේ වෙද්දී සාකච්ඡා පටන් අරගෙන තියෙනවා. ඒත් අද වන විට රටට සිද්ධ වෙන්න පුළුවන් ව්‍යසනය සිදුවෙලා ඉවරයි. ඩොලරය රුපියල් 400ට මෙහා සීමාවෙ පවත්වාගත හැකි වේවිද කියන එක පවා ප්‍රශ්නයක් වෙලයි තියෙන්නේ. රටට අවශ්‍ය කරන තෙල් ටික දැන් ගෙන්න ගන්න බැරි තැනට ඇවිල්ලා තියෙනවා. ඒකට වැඩපිළිවෙළක් නොයෙදීමත් මේ ආණ්ඩුව ගත්තු වැරැදි තීරණයක්. ඒ වගේම මේ මොහොත වන විට අයි.එම්.එෆ්. එකට ගිහිල්ලා සාකච්ඡා කරලා තිබුණා නම් අපිට මේ තරම් අර්බුදයක් ඇති නොවනවාය කියන කතන්දරය අපි කියන්නේ එතුමා විසින්ම නිවැරැදි වෙලාවෙ අයි.එම්.එෆ්. එකට නොගිය එක මං ගත්ත වැරැදි තීරණයක් කිව්වාට පස්සේ. ඒ නිසා අපිත් එක්ක තරහා වෙන්න එපා. ඔබතුමාම තමයි කියන්නේ අයි.එම්.එෆ්. එකට මීට කලින් ගියා නම් ප්‍රශ්නය විසඳා ගන්න තිබුණා කියලා. එහෙම නම් ඒක තවත් එක වැරැදි තීරණයක් කියලයි අපට පේන්නේ. මේ විදියෙ වැරැදී තීරණ විශාල ප්‍රමාණයක් එක දිගට අරගත්ත පාලකයන් විසින් මේ මොහොතේ නැවත වතාවක් තවත් අපූරු තීන්දුවක් ගන්නට සූදානමින් ඉන්න බව අපට දැනගන්න ලැබුණා. ඒ, නව කැබිනට් ප්‍රකාශක නාලක ගොඩහේවා මහත්තයාගෙ මුවින් නැඟුණු එක්තරා කතන්දරයක් එක්ක. ඔහු කියනවා අයි.එම්.එෆ්. එකට අපි ගියපු එක සම්බන්ධයෙන් චීනය බොහොම කනස්සල්ලෙන් ඉන්නා බව. ඒ වගේම ඔහු කියනවා චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම් නෑ, ඔවුන් තව ණයක් ලබාදෙන්න සූදානමින් ඉන්නවා මේ ණය ගෙවල දාන්න කියලා. නාලක ගොඩහේවාට හෝ පාලකයන්ට මේ විදියට රටත් එක්ක සෙල්ලම් කරන්න අයිතියක් තියෙනවද කියන එක ගැන අපට ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම ණය ගෙවාගන්න බැරුව ඉන්න දේශයකට මේ විදියෙ ණයක් දෙන්න චීනය ඉදිරිපත් වෙන්නේ හොඳකට නොවන බව දෙකේ පන්තියෙ ළමයෙකුටත් තේරෙනවා. ඒක නිසා මේ දෙකේ පන්තියෙ ළමයෙකුට පවා තේරෙන සත්‍යය අවබෝධ කරගෙන තවත් වැරැදි තීරණයක් අරගෙන, ‘මං ගත්ත තීරණය වැරැදියි’ කියලා ආයෙත් කියන්න නොලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

දක්ෂ දරුවන් විභාග අසමත්වෙන රහස…

Next Post

ලංකාවේ වැඩිම කලාකරුවන් පිරිසක් පාරට බැහැලා ආණ්ඩුවකට යන්න කියපු ඒ පෙළපාලිය! (VIDEO)

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.