ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව මාලදිවයින් මාධ්‍ය වාර්තා කළේය.
වාර්තාවලට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුව බලා යන්නේ සෞදි ගුවන් සේවයේ (SV788) ගුවන් යානයෙනි.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඊයේ සවස සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබියදී ආරක්ෂක හේතූන් මත ගුවන් යානයට ගොඩවීම ප්‍රතික්ෂේප කර සිංගප්පූරුව බලා යාමට පෞද්ගලික ගුවන් යානයක් ඉල්ලා තිබිණ.
නමුත් තුන් ගුණයක් මුදල් ගෙවා පෞද්ගලික ගුවන් යානයක් සූදානම් කර තිබුණද අවසන් මොහොතේ එයද අවලංගු කිරීමට එම ගුවන් සේවාව පියවර ගෙන තිබූ බව වාර්තා වේ.
මේ තත්ත්වය යටතේ ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්ව යන සෞදි ගුවන් සේවයට අයත් (SV788) ගුවන් යානයකින් මාලදිවයිනේ පිටත්ව ගොස් ඇති බව මාලදිවයින් මාධ්‍ය දැන් වාර්තා කර ඇත.
ජුලි 09 වනදා ඇති වූ ජනතා නැගිටීමකින් අනතුරුව ජූලි 13 වනදා සිය ඉල්ලා අස්වීම ලබාදෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණ.
Sri Lankan President Gotabaya Rajpakasa boarded a Saudi Airlines plane today that will take him to Singapore and then to Jeddah in Saudi Arabia, reports AP citing Maldives government officials
— ANI (@ANI) July 14, 2022
(File Pic) pic.twitter.com/IyJcDx0rhJ










