දේශපාලන අර්බූදයක් මතුවීමෙන් පසු ජනාධිපතිවරයා පළමු වරට පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම රැස් කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව අද සවස සියලුම පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට දුරකතන ඇමතුම් ලබා දෙමින් ලබන සෙනසුරාදා පෙරවරු 9ට මෙම මෙම රැස්වීම පැවැත්වෙන බව දැනුම් දී ඇත.
මෙහිදී පෙළක් මන්ත්‍රීවරුන් ඊට සහභාගී වන බව ප්‍රකාශ කර තිබුණද ඇතැම් මන්ත්‍රීවරුන් කියා සිටියේ ඊට සහභාගී විය නොහැකි බවකි.
කෙසේවෙතත් එය පවත්වන ස්ථානයක් පිළිබද මෙතෙක් දැනුම් දී නැත.










