ජනාධිපතිවරයා යටතේ පවතින තාක්ෂණ අමාත්‍යංශය ට අදාළ ආයතන කීපයක් සංශෝධනය කර එම ආයතන නාමල් රාජපක්ෂ මහතාගේ නව රාජ්‍ය අමාත්‍යංශය ට අනුයුක්ත කර තිබේ.
ඒ අනුව ශ්‍රීලංකා ප්‍රමිති ආයතනය භාර වී ඇත්තේ ද නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාටයි.
පසුගිය නොවැම්බරයේ තාක්ෂණ අමාත්‍යංශය ගැසට් කල පසු පහත ආයතන එම අමාත්‍යංශය ට භාර විය.

ඉන් පහත සඳහන් ආයතන සහ කාර්‍යභාරයන් ඩිජිටල් තාක්ෂණය සහ ව්‍යවසායන් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා ට භාර දී ඇත.











