ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා චීනය,ඉන්දියාව,මැද පෙරදිග රටවල තානාපතිවරුන් සහ කොමසාරිස්වරුන් මුණගැසුණු බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කළේය.
එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය විසඳීම සඳහා එම රටවල සහාය ඉල්ලා සිට ඇති අතර ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික,දේශපාලනික සහ සමාජීය තත්ත්වය පිළිබඳ එම රාජ තාන්ත්‍රිකයන් දැනුවත් කළ බවද ඔවුන්ගේ ධනාත්මක ප්‍රතිචාරය අගය කළ බවද එම නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග්,දේශපාලන අංශයේ ප්‍රධානි ලූ චොන්ග් සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහත්වරුන් මෙන්ම මැද පෙරදිග රටවල් නියෝජනය කරමින් ඕමාන තානාපති ජුමා හම්දාන් හසන් අල්-ෂෙහි,පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් හම්දල්ලා සෙයිඩ්,කුවේට් තානාපති කලාෆ් බූ ධහේර්,කටාර් තානාපති ජසීම් ජබේර් අල්-සොරෝර්,ඊජිප්තු තානාපති මගෙඩ් මොස්ලේ,එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කලීඩ් නසීර් අල්-අමේරි,ලිබියා තානාපති නසීර් වයි.එම් අල්ෆුර්ජානි,සෞදි අරාබි තානාපති(කටයුතු භාර) අබ්දුල්ලා ඒ.ඒ ඔකෝබි,ඉරාක තානාපති (කටයුතු භාර) මොහොමඩ් ඔමාර් ජබේර් අල්-මස්වාඩි මෙම අවස්ථාවට එක්ව ඇත.
Had a productive meeting with Amb and HC's of the #MiddleEast, #China & #India this morning.
— Gotabaya Rajapaksa (@GotabayaR) June 9, 2022
I requested their assistance in resolving the existing crisis, while briefing them on the current economic, social and political situation of #lka & appreciate their positive response. pic.twitter.com/n8Wq2IOwr4










