නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම පිළිගැනීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.
ඒ අනුව අද දහවල් එම ලිපිය පාර්ලිමේන්තුව වෙත එවීමට ජනාධිපතිවරයා කටයුතු කොට ඇත.
පළමු අවස්ථාවේ සිය ඉල්ලා අස්වීම පිළි නොගැනීම හේතුවෙන් නැවත වතාවක් එය ජනාධිපතිවරයාට යොමු කිරීමට සියඹලාපිටිය මහතා පියවර ගෙන තිබිණ.










