පාර්ලිමේන්තුව අසළ විරෝධතාවයක නිරතව සිටියදී අත්අඩංගුවට 13දෙනා පෞද්ගලික ඇප මත නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
අද පස්වරුවේ මෙම පිරිස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.
පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම අසලට පැමිණ විරෝධතාවක නිරත වූ මෙම සමාජ ක්‍රියාකාරීන් අද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
එහිදී ඇතිවූයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයකි.
අත්අඩංගුවට ගත් පිරිස් මහරගම පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් එහිදී ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගනු ලැබීය.
එම අවස්ථාවේදී තවත් පිරිසක් මහරගම පොලිසිය ඉදිරිපිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයක ද නිරත විය.
පසුව අත්අඩංගුවට ගත් පිරිස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.
එහිදී මහේස්‍රාත්වරයා මෙම නියෝගය ලබා තිබේ.










