ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අනුමත කර තිබේ. Sri Lanka Latest News
අමාත්‍ය අලි සබ් රි මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් ඒ බව පැවසීය.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට අනුමත කළ ඩොලර් බිලියන 2.9ක් වූ විස්තීර්ණ ණය අරමුදලේ තෙවැනි වාරිකය මෙරටට හිමිවෙයි .
එබැවින් ඩොලර් මිලියන 336ක් පමණ ශ්‍රී ලංකාවට නිකුත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමැතිය දී තිබේ.
නිවේදනයක් නිකුත්කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසුවේ තවදුරටත් මෙරට ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ සහ සුදුසු වෙනස් කිරීම් කිරීමට එමඟින් අවස්ථාව ලැබෙන බවය.










