සෞදි ජාතික දිනය නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයකට සහභාගී වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල, විශේෂයෙන්ම ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලාවල එල්ල වන විවේචන සහ උපහාසයන් තමන් කිසි ලෙසකින්වත් ගණන් නොගන්නා බව බොදු බල සේනා (BBS) සංවිධානයේ මහලේකම් පූජ්‍ය හිමි ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
මේ පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ පවසා තිබුණේ, “ඕනෑම කෙනෙකුට උපහාසය විවේචනය කිරීමට හෝ භාවිතා කිරීමට හැකියි නමුත් ඒවා ගණන් ගන්නේ කවුද? උන්ට ඇති කියල හිතුනම නවතිනවා. මේ රටේ මිනිස්සු දන්නේ උපහාසාත්මකව විවේචනය කරන්න විතරයි, නමුත් මට වැඩක් නැහැ.” යනුවෙනි.
බොහෝ අවස්ථාවල මුස්ලිම් ඇතුළු සුළු ජාතීන්ට පක්ෂ නොවන අදහස් දක්වා ඇත ඥානසාර හිමි සිකුරාදා (23) කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පැවති සෞදි ජාතික දිනය වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගි වී සිටියහ. ශ්‍රී ලංකාවේ සෞදි තානාපතිවරයාගේ ආරාධනයකට අනුව ඔහු විශේෂ ආරාධිතයෙකු ලෙස එම අවස්ථාවට සහභාගී වී ඇති බව වාර්තා විය.
මෙම සිදුවීමෙන් පසු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවේචනාත්මක මෙන්ම උපහාසාත්මක පෝස්ට් ද සංසරණය වී තිබිණ.