අවදානම් කලාපවල අනවසර ලෙස ඉදිකෙරෙන ඉදිකිරීම් වැළැක්වීම සඳහා නියාමන වැඩපිළිවෙළක් ඇතිකොට, එවැනි සාධනීය පිළිවෙතකට ගමන් නොකළ හොත් ඉදිරි කාලයේදී අදට වඩා බරපතළ ආපදා තත්ත්වයකට රටට මුහුණ පෑමට සිදුවන බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි.
පසුගියදා ඇතිවූ ආපදා තත්ත්වයේදී ව්‍යසනයට පත්ව ඇති බොහෝ නිවාස මෙන්ම වෙළෙඳසල් බොහොමයක් ඉදිකරනු ලැබ ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අනුමැතියකින් තොරව බව මේ වනවිට සිදුකර ඇති පරීක්ෂණවලදී හෙළිවී ඇතැයිද භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ ප්‍රකාශකයෙක් ‘මව්රට’ට පැවැසීය.
එසේ හෙයින් ඉදිරි කාලයේදී එවැනි අවදානම් කලාපවල කිසිසේත්ම අනවසර ගොඩනැගිලි ඉදිකිරීමට අවසර ලබා නොදෙන බවද, එවැනි සියලු ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අවසරය අනිවාර්යයෙන්ම ලබාගත යුතු බවද එම ආයතනයේ ප්‍රකාශකයෙක් කීවේය.
මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවුණහොත් රටක් හැටියට ශ්‍රී ලංකාවේ අනාගතය ආපදා අර්බුධ රැසකට මුහුණ දෙන රටක් බවට පත්වීම නොවැළැක්විය හැකි බවද හෙතෙම වැඩිදුරටත් කීය.
නන්දන ශ්‍රී දොරකුඹුර










