• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් 1994 ඉඳන් එජාප නායක! ටිල්වින් 1995 ඉඳන් ජවිපෙ මහලේකම්! රනිල් එජාපය දාපු තැනයි ටිල්වින් ජවිපෙ තිබ්බ තැනයි! මේ කතාව මුල ඉඳන් කියවන්න! Sri Lanka Latest News

October 7, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

අද අපි සාකච්ඡා කරන්න සූදානම් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සමග. (Sri Lanka Latest News)
බොහොම සන්තෝෂයි මේ සාකච්ඡාවට එන්න ලැබුණාට. සාමාන්‍යයෙන් මහතා කියන වචනය ඒ තරම් පාවිච්චි කරන්නේ නැහැ.
සහෝදරයද? අයියා කියන්නද?
මට බාල අය ගොඩ දෙනෙක් අයියා කියලා කියනවා. නැත්නම් සහෝදරයා කියනවා.
ඔබේ වචනවලට අනුව අනුර මල්ලි රටේ ජනාධිපති වුණානේ. එතකොට ටිල්වින් අයියට ලැබෙන තනතුර මොකක්ද?
අපි මේ සටන ගෙනිච්චේ තනතුරු බලාගෙන නෙවෙයිනේ. මම අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම්.
1995 ඉඳලා?
ඔව්. දැනුත් ප්‍රධාන ලේකම් තනතුරේ ඉන්නේ. ආණ්ඩුවේ තනතුරු කිසිවක් ගන්නේ නැහැ.
හෙටත් ඔබ ප්‍රධාන ලේකම්ම තමයි?
ඔව්. ඒක වෙනස් කරගන්නකල්.
ඇයි ඒ තනතුරක් භාර නොගන්නේ? කිසියම් දේශපාලන ව්‍යාපාරයක ඉහළ ස්ථරයේ ඉන්න අය යම් බලයක් ගත්තට පස්සේ ඒගොල්ලෝ තනතුරු බෙදාගැනීමක් සිදුවෙනවා. හැබැයි අපි දන්න ටිල්වින් හැමදාම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්?
මම විතරක් නෙවෙයි. අපේ පක්ෂයේ වැඩ කරන විශාල පිරිසක් ඉන්නවා තනතුරු ගන්නේ නැහැ. අපි හිතනවා අපේ රටට අලුත් දේශපාලන සංස්කෘතියක් ඕනේ. අපි ආණ්ඩු හදලා තනතුරු බදාගෙන ඒවට රණ්ඩු කරගන්න එකක් නෙවෙයි. ඒ දේවල් කරන්න සුදුසු අය ඒවට ඉන්න ඕනේ. අපි අපේ දේවල් කරගෙන යන්න ඕනේ. අලුත් දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දීම අපි පටන් අරගෙන තියෙන්නේ.
යාළුවෝ පාර්ලිමේන්තුවට යනවා. ඇමැතිකම් ගන්නවා. ජනාධිපති වෙලා තියෙනවා. හිතෙන්නේ නැද්ද මටත් මොනවා හරි වෙනසක් තිබුණොත් හොඳයි කියලා?
ඇත්තටම හිතුණේ නෑ. සතුටක් තියෙනවා මේ සටන අපි දිනුවා කියන එක ගැන. ඒ තනතුරුවලට දක්ෂ හැකියාවන් තියෙන අය වැඩ කරමින් යනවා. මට තියෙන්නේ ලොකු වගකීමක්. පක්ෂයේ ප්‍රධාන ලේකම් හැටියට. අපි දන්නවා ආණ්ඩුවයි පක්ෂයයි කියන්නේ දෙකක්. ඒ නිසා ආණ්ඩුවයි පක්ෂයයි එකක් කරගන්නේ නෑ අපි. නමුත් ආණ්ඩුව කරගෙන යෑමට පක්ෂයෙන් විශාල සහයෝගයක් දෙන්න වෙනවා අපිට. ඒ සහයෝගය ලබාදීමේදී මට හිතෙනවා පක්ෂයේ වගකීමත් විශාල කාර්යභාරයක් තියෙනවා කියලා. ඒ නිසා මේ වගකීම දරාගෙන ඉන්නවා.
ටිල්වින් කවුද කියලා සමාජ මාධ්‍ය ඔස්සේ නව පරම්පරාව දැන් හොයන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා අපිට කියන්න කවුද මේ ටිල්වින් කියන්නේ කියලා?
මම අපේ රටේ සරල පුරවැසියෙක්. මම දේශපාලනය කරනවා අවුරුදු 46ක් විතර තිස්සේ. ඒ දේශපාලනයේ මම දිගටම ඉන්නවා දුෂ්කරතා දරාගෙන. පුද්ගලයෙක් ලෙස ගත්තොත් මම ටිකක් සංවේදී කෙනෙක්. මම කාටත් ආදරෙයි. ඒ නිසා අනෙක් අයත් මට ආදරෙයි. ප්‍රසිද්ධියටත් මම එතරම්ම කැමැත්තක් දක්වන්නේ නෑ,
මිනිස්සු ආදරේ කරන සමාජගත වෙච්ච චරිතවල ප්‍රොෆයිල් එක බලනවා. එහෙම බැලුවාම අපි දකිනවා ඒ අයගේ තොරතුරු. ඔබේ ළමා කාලය කොහෙද ගෙවෙන්නේ?
මම ඉපදුණේ කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ආසනයේ බොල්ලපිටිය කියන ගමේ. මගේ තාත්තා වඩු කාර්මිකයෙක්. අම්මා ගෘහණියක්. මම පවුලේ වැඩිමලා. අපි ඒ කාලේ සැලකිය යුතු මට්ටමෙන් දුප්පත්කමක් තිබ්බ අය. ඒ නිසා ජීවිත් වීම සඳහා අරගලයක් තිබුණා. මම පවුලේ වැඩිමලා වීම නිසා අරගලයේ වැඩි කොටසක් මටත් පැවරුණා. මම මුලින්ම ඉගෙනගත්තේ අල්ලපු ගමේ කන්දෙ විහාර පන්සල ගාව තිබුණු පාසලේ අවුරුදු 5 දක්වා. ඊට පස්සේ 6 වසරේ ඉඳලා මට පාසල මාරුකරන්න සිදුවුණා. ඊට පස්සේ මම ගියා බේරුවල මංගල පිරිවෙනට. මංගල පිරිවෙනෙන් තමයි මම සාමාන්‍ය පෙළ සමත් වුණේ. ඊට පස්සේ උසස් පෙළට අලුත්ගම විද්‍යාලයට ගියා.
ඔබ 6 වසරෙදීත් අලුත්ගම විද්‍යාලයට යන්න උත්සාහ කළාද?
5 වසරේදී විභාගයක් තිබුණා අලුත්ගම විද්‍යාලයේ අපිව බඳවාගන්න. ඒ විභාගයෙන් මම සමත් වුණා. ඒ නිසා මට අලුත්ගම විද්‍යාලයට යන්න පුළුවන්කම තිබුණා. නමුත් ඒ කාලේ අලුත්ගම විද්‍යාලයේ හිටියේ ඩග්ලස් ගුණවර්ධන කියලා විදුහල්පතිවරයෙක්. ඔහු ටිකක් තද කෙනෙක්. වාමාංශිකයි. හැමෝටම ලියුම් එවලා තිබුණා පාසල් එද්දී සපුරාගත යුතු දේවල් ගැන. සුදු අත් කොට කමිසය, නිල් පාට කොට කලිසම, සුදු මේස්, කළු සපත්තු වගේ දේවල්. ඇත්තටම ඒ වෙලාවේ අපේ තිබුණු ආර්ථික තත්ත්වය අනුව ඒ ටික සපුරාගන්න පුළුවන්කමක් තිබුණේ නෑ. ඒ නිසා මම අලුත්ගම විද්‍යාලයට යන්නේ නැතුව බේරුවල මංගල පිරිවෙනට ගියා. මොකද මංගල පිරිවෙනට ඒ කිසිවක් අවශ්‍ය නොවුණු නිසා. සාමාන්‍ය පෙළ සමත් වුණාට පස්සේ උසස් පෙළ විභාගය සඳහා අලුත්ගම විද්‍යාලයට ගියා. මම උසස් පෙළ කරද්දී මගදී අධ්‍යාපනයෙන් ඉවත් වුණා ගෙදර ආර්ථික ප්‍රශ්න බරපතළ වීම නිසා. ඊට පස්සේ රැකියාවකට යොමුවුණා. සංචාරක ව්‍යාපාරයට සම්බන්ධව වැඩ කළා අවුරුදු 2ක් විතර. ඊට පස්සේ තමයි 1978 අගභාගයේදී පක්ෂයට සම්බන්ධ වුණේ. 1979 සිට මම පූර්ණකාලීනව දේශපාලනය කළා.
ඔබ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධව ඔබේ වෘත්තීය ජීවිතය ආරම්භ කරලා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වීම ගැන කතා කළොත්?
බේරුවල තිබුණා කොන්ෆිෆි බීච් හොටෙල් කියලා හෝටලයක්. මම වැඩකළේ ඒකේ. එතැන හිටියා මේන්ටෙනන්ස් ඔෆිසර් ඩෙෆ් කියලා මහත්මයෙක්. මාත් එක්ක ඔහු බොහොම හිතවත් වෙලා හිටියා. එයා නුවර සියඹලාගස්තැන්නේ ගෙයක් හදන්න පටන් ගත්තා. එයාට ඕනෙ වුණා එතැන බලාගන්න විශ්වාසවන්ත කෙනෙක්. ඒ සඳහා මාව නුවර එක්කගෙන ගියා. මම අවුරුදු 2ක් විතර නුවර හිටියා. ඒ වෙද්දී 1977 ඡන්දේ ඉවරයි. 1977 නොවැම්බර් මාසේ රෝහණ සහෝදරයා නිදහස් වෙනවා. නිදහස් වුණාට පස්සේ පළමු රැස්වීම තිබ්බේ කොළඹ. දෙවැනි රැස්වීම තිබ්බේ බෝගම්බර පිටියේ. දෙවැනි රැස්වීම බලන්න මමත් ගියා. මට ඒ ගැන ආකර්ෂණයක් තිබුණා. ඒ කාලේ අපේ පක්ෂය බොහොම දුප්පත්. රෝහණ සහෝදරයා එක රැස්වීමක කතාකරලා ඉවර වෙලා වේදිකාවෙන් පහළට කකුල් දෙක දාලා වාඩිවුණා. ඔහු කියනවා කැමැති අය මුදල් ආධාර කරන්න කියලා. මමත් ගිහින් මා ළඟ තිබුණු පුංචි මුදලක් එයාගේ අතට දුන්නා. එයා මගේ අතින් අල්ලගෙන කිව්වා ආධාර කළා වගේ නෙවෙයි ඇවිල්ලා වැඩ කරමු කියලා. ඔහු මාව අඳුනන්නේ නෑ එහෙම කිව්වට. කොහොමත් මට ලොකු ඕනෙකමක් තිබුණා ඒ වගේ දේශපාලනයකට යන්න. මොකද අපි ජීවිතයෙන් ලැබුණු අත්දැකීම් බොහොම කටුකයි. දුප්පත්කම හොඳටම අත්විඳලා තිබුණා. ඒ වගේම මම පාසල් කාලේ බොහෝ පොත්පත් කියවලා තිබුණා. මම දැනුත් පොත් කියවන්න ගොඩක් ආසා කෙනෙක්. ගෝර්කිගේ ‘අම්මා’ පොත කියෙව්වා. ඔරුවල බන්දුගේ පොත් කීපයක් තිබුණා සෝවියට් දේශය ගැන ලියැවුණු. ඒවා කියෙව්වා. ඒ නිසා සමාජවාදය පිළිබඳ විශාල හැඟීමක් මට තිබුණා. මේක තරුණ ව්‍යාපාරයක්. රැඩිකල්. ඒ නිසා මට හිතුණා මේකට සම්බන්ධ වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මම 1978 අග විතර ගෙදර ආවා. ඇවිල්ලා සම්බන්ධ වුණා. 1979 පූර්ණකාලීනව පක්ෂයට වැඩ කරන්න පටන්ගත්තා.
ඔබ මේ නව රැඩිකල් ව්‍යාපාරයට සම්බන්ධ වීම ගැන ඔබගේ අම්මා තාත්තා දැක්වූ ප්‍රතිචාරය මොන වගේද?
අපේ තාත්තට දේශපාලනයක් තිබුණේ නෑ ස්ථිරව. මම අහලා තිබුණා ඔහු ඉස්සර සමසමාජ පක්ෂයේ හිටියා කියලා. 1970දී සමගි පෙරමුණට වැඩ කළේ. 1977දී එක්සත් ජාතික පක්ෂයට වැඩ කළා. 1977 කාලේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය ප්‍රබලෙයක් අපේ තාත්තා. ඒ නිසා මම ජේ.වී.පී. එක තෝරගන්නකොට ඒකට ලොකු විරෝධයක් ආවා තාත්තාගෙන්. අපේ අම්මා මට මාර ආදරෙයි. මොකද ගෙදර ආර්ථිකය ගොඩගන්න මම ලොකු දායකත්වයක් දුන්නනේ. ඒ නිසා අම්මා මොකක්වත් කිව්වේ නෑ. පවුලේ අනිත් අයගෙන් ප්‍රශ්නයක් නෑ. නමුත් මම පූර්ණකාලීනව වැඩකරද්දී විරෝධය වැඩිවුණා. මොකද මමනේ ගෙදර ආර්ථිකයට වැඩි දායකත්වයක් දැක්වූවේ. තාත්තා මට රස්සාවකුත් හෙව්වා, එයා ආණ්ඩුවට සම්බන්ධ නිසා.
ඒ රස්සාව ලැබුණා නම් ටිල්වින් අද මෙතැන නෑ?
මම 1975-76 කාලේ රස්සාවක් හෙව්වා. ඒ අනුව තමයි මම සංචාරක ව්‍යාපාරයට යන්නේ. ඒ කාලේ ලොකු රස්සාවක් මට ලැබුණා නම් ගමන් මග වෙනස් වෙන්නත් තිබුණා. නමුත් රස්සාවක් හම්බවුණේ නෑ. ඒ නිසා හෝටලේ කම්කරුවෙක් විදියට වැඩකරමින් හිටියා. ඊට පස්සේ මම පක්ෂයට ආවට පස්සේ තමයි ග්‍රාමසේවා තනතුරක් දෙන්න මට කතා කළේ. මම කිව්වා මට එපා, මම තීන්දුවක් අරගෙන තියෙන්නේ කියලා. රැකියාවක් වෙනුවෙන් මගේ තීන්දුව වෙනස් කරන්නේ නෑ කියලා මේකෙම හිටියා. තාත්තගෙන් විරෝධයක් තිබුණා. මම බන්ධනාගාරගත වෙලා එළියට එනකොට ගොඩක් වෙනස් වෙලා තිබුණා.
ඔබ කතාවේ කොටසක් අයින් කළා. බන්ධනාගාරගත වෙලා එළියට එනවා කියන්නේ අවුරුදු 6-7ක කාලයක්. ඒ කාලයත් මතක් කරමු?
ඒ කාලේ කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ආසනයේ සංවිධායක සෝමවංශ අමරසිංහ සහෝදරයා. ඔහු සහ මම අතර බොහොම කිට්ටු හිතවත්කමක් තිබුණා. 83 පක්ෂය තහනම් කළා. ඒ වෙලාවේ මම දිස්ත්‍රික්කයේ තරුණ සංගමයේ දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළා. තහනම් කළාට පස්සෙත් අපි වැඩකළා. තහනම ඉවත් කරගන්න විශාල උත්සාහයක් දැරුවා. ඊට පස්සේ තහනම යටතේ වැඩකරගෙන ගියා. ඊට පස්සේ අපේ අය අත්අඩංගුවට පත්වුණා. මට මතකයි මම 87 පෙබරවාරි මාර්තු වගේ කාලේ කළුතර දිස්ත්‍රික් ලේකම් බවට පත්වුණා. මධ්‍යම කමිටුවට තෝරගත්තා. 87 සැප්තැම්බර් මාසේ මම අත්අඩංගුවට පත්වුණා. ඊට පස්සේ අවුරුදු 7ක් බන්ධනාගාරගත වෙලා තැන් තැන්වල හිටියා. පොලිසියේ මාස 2ක් හිටියා. මැගසින් එකේ සති 2ක් විතර හිටියා. ආයෙත් උසාවි දාලා සී.ආර්.පී. එකේ හිටියා අවුරුද්දකට වැඩි කාලයක්. ආයෙත් මැගසින් ගෙනාවා. බූස්සෙත් කෙටි කාලයක් හිටියා. හිරගෙදර ජීවිතේ අමාරුයි. එකම දේ තමයි අපි දේශපාලන සිරකරුවෝ විශාල පිරිසක් හිටපු නිසා සාමාන්‍ය සිරකරුවන්ට වඩා විශේෂ සැලකිල්ලක් තිබුණා. පොතපත තිබුණා කියවන්න.
ඔබත් එක්ක පක්ෂයේ වැඩකරපු දන්නා හඳුනන අයත් හිරගෙදරදී හමුවුණාද?
ගොඩක් අය හිටියා. සමහරු පස්සේ මැරුණා. තව විශාල පිරිසක් හිටියා. 94 අපි ආයෙත් වැඩ පටන් අරගෙන පක්ෂයේ සංවිධාන ජාලය එළාගැනීම කරද්දී, හිරගෙදර ඉන්න කාලේ අඳුනාගත්ත අය හිටපු නිසා පහසු වුණා. මට විශාල කාලයක් ලැබුණා ජීවිතේට දේවල් ඉගෙනගන්න. මම සාමාන්‍ය අධ්‍යාපනය මගදී නතර කරපු කෙනෙක්නේ. මම සාහිත්‍ය පොතපත කියෙව්වා. සාමාන්‍යයෙන් එළියෙදී කියවන්න බැරි විශාල පොත් තියෙනවනේ. අපරාධය හා දඬුවම, යුද්ධය හා සාමය වගේ පොත්. ඒ වගේ පොත් කියවන්න හොඳම තැන තමයි හිරගෙදර. දන්න දේවල් අනෙක් අයට ඉගැන්නුවා. දේශපාලන වශයෙන් ටිකක් දනුම වැඩිකරගත්ත කෙනෙක් බවට පත්වෙන්න හිරගෙදර ජීවිතේ බලපෑවා. ලෙනින්ගේ පොත් ටික ඔක්කොම කියෙව්වේ හිරේදී. ඊට පස්සේ එළියට ආවා. එළියට ආපු ගමන් ආයෙත් පක්ෂය හදන්න පටන්ගත්තා.
රාජ්‍ය මර්දනය හමුවේ තමයි ඔබලාව අත්අඩංගුවට ගන්නේ. ඒ කාලේ විජේවීර, ගමනායක කොහෙද හිටියේ කියලා පාලකයෝ හෙව්වා. ඔබ දැනගෙන හිටිය රහස් ගොඩක් තිබුණා නේද?
මම අත්අඩංගුවට පත්වෙනකොට මම කළුතර දිසා ලේකම්. ගමනායක සහෝදරයා හිටියේ කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ආසනය කිට්ටු තැනක. මම එතැනට යනවා එනවා. අනෙක් සහෝදරයෝ ඉන්න තැන් ගොඩක් මම දන්නවා. ඒගොල්ලෝ ඉන්න තැන් මම දන්නවා. නමුත් මම ඒ කාලේ වැඩකළේ ප්‍රසිද්ධ කෙනෙක් හැටියට නෙවෙයි.
ඔබ දේශපාලන කළේ සුසිල් කියන නමින් නේද?
ඔව්. තහනම් කරපු වෙලාවේ නම් මාරු කරගත්තා. එතකොට මම ‘සුසිල්’ වුණා. අපේ ගමේ දන්නවා මම දේශපාලනය කළා කියලා. නමුත් දරන වගකීම දන්නේ නෑ. ඒ නිසා අත්අඩංගුවට පත්වුණාට පස්සේ මට පොඩි පහසුවක් වුණා මම වගකීම් දරන කෙනෙක් නෙවෙයි කියලා කියන්න. මම කිව්වා මම සාමාන්‍ය උදව් කරන කෙනෙක් විතරයි කියලා. ඒක පොලිසිය විශ්වාස කළා. මොකද ඒ අයට වෙන තොරතුරු මොනවත් තිබුණේ නෑ. මාත් එක්ක අහුවෙච්ච මල්ලිලා කීප දෙනෙක් හිටියා. ඒගොල්ලොත් මොනවත් කිව්වේ නෑ. ඒ නිසා මට පුළුවන් වුණා විශාල රහස් ප්‍රමාණය ආරක්ෂා කරගන්න. මාව එක එක තැන්වල අරගෙන ගිහින් එක එක්කෙනාව පෙන්නලා ඇහුවා දන්නවද කියලා. මම කිව්වා දන්නේ නෑ කියලා.
ඒ අතර දන්න අයත් හිටියද?
දන්න අයත් හිටියා. නමුත් මම කිව්වා අඳුනන්නේ නෑ කියලා. මම නිසා කවුරුවත් අහුවුණේ නෑ. මම කවුද කියලා දන්නෙත් නෑ. මම එළියටත් ඇවිල්ලා පක්ෂයේ ප්‍රධාන ලේකම් තනතුර භාරගත්තම තමයි බන්ධනාගාරයේ ඉහළ තනතුරු දරපු අය පවා දැනගත්තේ මම කවුද කියන එක.
ඔබ පක්ෂයේ ප්‍රධාන ලේකම් වෙන්නේ කොයි කාලෙද?
1995 මැයි මාසේදී. ලබන අවුරුද්දට අවුරුදු 30ක් වෙනවා මේ තනතුර භාරගෙන.
ඔබ පක්ෂය වෙනුවෙන් කැපකරපු කාලය නිසා තරුණයෙක් විදියට ඔබට බොහෝ දේවල් අහිමි වෙන්න ඇති? ඒක අපරාධයක් කියලා හිතෙන්නේ නැද්ද?
නෑ පොඩ්ඩක්වත් එහෙම හිතෙන්නේ නෑ. මොකද අපේ තරුණයන් විශාල පිරිසකට අනාගතයක් තිබුණේ නෑ. ඉගෙනගන්න බැරිවෙච්ච තරුණයන්ට මොකද වුණේ? ඉගෙනගෙන රස්සාවක් නැති කෙනාට මොකද වුණේ? අපේ රටේ තරුණයෝ විශාල පිරිසකට අනාගතයක් නැතිව හිටියේ. දැනුත් එහෙමයි. ඒ නිසා මට නම් ඒ ගැන කිසි කනගාටුවක් නෑ. මට සතුටක් තියෙනවා. ඒ තමයි හරි කියලා මට හිතුණු දෙයක් මම තෝරාගත්තා. මම ඒ වෙනුවෙන් මට ලැබුණු රස්සාව අත්හැරියා. ගෙදර තිබුණු දුෂ්කරතා ටිකක් මම බේරලා තිබුණේ. ඒ මතම මම යැපෙන්න ගියේ නෑ. නමුත් මම ගෙදරත් එක්ක හොඳ සම්බන්ධයක් තියාගෙන හිටියා. මගේ ජීවිතේ අංක එක වුණේ දේශපාලනය. තනතුරු ගැන හිතුවේ නෑ. වැඩ කරගෙන ආවා. මේ තනතුර භාරගත්තා. ඊට පස්සේ ඒකෙන් මට කරන්න පුළුවන් උපරිම දේ මම කළා. කට්ටිය එකතු කරගත්තා. දේශපාලනය ඉගැන්නුවා. පක්ෂය ඇතුළේ වෙනස්කම් ගොඩක් කළා. අලුත් අය ගොඩක් ඉස්සරහට ගත්තා.
පුද්ගලිකව මම මොනවත් ගොඩනගාගෙන නෑ. මගේ නමට ඉඩමක් අදටත් නෑ. ගෙවල් නෑ. බැංකු ගිණුමක් නෑ. මම දැනුත් ඉන්නේ අපේ සහෝදරයෙක් දීපු ගෙදරක. මට හිතෙන්නේ අපි යමක් කළා. ඒකේ ප්‍රතිඵල තියෙනවා කියලා. පුද්ගලිකව මම උපයාගත්ත ලොකුම දේ තමයි ආදරය. ගොඩක් අය මට ආදරෙයි කියලා මම හිතනවා.
මම මීට අවුරුදු 20කට එයා දැකපු ටිල්වින් සිල්වාම තමයි අදටත් ඉන්නේ? එදා විදියටමයි අදත් ඔබ අඳින්නේ පලඳින්නේ?
ඔව්. මම පුරුදු වෙච්ච ක්‍රමයක් තියෙනවා.
විවේක වෙලාවට කියවපු පොත්පත් මොනවද?
ඉස්සර මම පොත් කියවනවා. මෑත කාලයේ ‘ලාඩං’ කියලා පොතක් කියෙව්වා කමල් පෙරේරාගේ.
කැමැතිම ගායකයා කවුද?
කැමැතිම ගායකයා එච්.ආර්. ජෝතිපාල. කපුගේටත් මම මාර ආසයි. අමරදේව මහත්තයගේ සින්දුවලටත් මම කැමැතියි. මගේ හිතේ පැලපදියම් වෙච්ච හඬ තමයි ජෝතිපාල.
නිතරම මතකයට නැගෙන ගීත මොනවද?
මම ගොඩක් ආසා කරන ගීතය තමයි ‘ටජ්මහලක් තනවන්න’ කියන ගීතය. සමාජය ඇතුළේ අපි පිළිබඳ හැදුණු මතයක් තියෙනවා. අපි අපි ගැන කතාකරන්නේ නැති නිසා, අපි ගැන කතාකරනවා අපිට විරුද්ධ කට්ටිය. ඒගොල්ලෝ උත්සාහ කළා අපි හැඟීම් නැති, රසවින්දනයක් නැති, රළු සත්තු වගේ කොටසක් කියලා පෙන්නන්න. නමුත් අපි එහෙම අය නෙවෙයි. සංවේදී මිනිස්සු.
ටිල්වින් සිල්වාගේ ජීවිතය වෙනස් කරපු ප්‍රධාන සිද්ධීන් තුනක් කියන්න පුළුවන්ද?
පක්ෂයට සම්බන්ධ වීම තමයි මගේ ජීවිතේ කරපු ලොකුම වෙනස. ඊට පස්සේ බන්ධනාගාරගත වීමත් තවත් සිදුවීමක්. ඒ නිසා මම ඉගෙනගත්ත දේවල් ගොඩක් තියෙනවා. ප්‍රධාන ලේකම් තනතුරට පත්වීමත් තවත් සිදුවීමක්.
අපි සමාජය වෙනස් වෙද්දී අපේ අරමුණු, හොඳ දේවල් තියාගෙන වෙනස් වෙච්ච ව්‍යාපාරයක්. ඒ නිසා අපි දන්නවා ඕනෙම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් හයියක් අපි තුළ තියෙනවා. අපි ඔක්කොම ටීම් එකක්. අනුර සහෝදරයා තනිවෙලා නෑ. තනිකරන්නෙත් නෑ අපි. ඒ නිසා පටන්ගත්ත වැඩේ අවසන් ජයග්‍රහණය දක්වා ගෙනියන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා.
ටිල්වින් සිල්වා කියන තරුණයාගේ වයස කීයද?
මම ඉපදුණේ 1956. දැන් මට වයස අවුරුදු 68යි.
තව කොච්චර කල් ප්‍රධාන ලේකම් තනතුරේ ඉන්නවද?
මම මැරෙනකල් ජේ.වී.පී. මැරෙනකල් දේශපාලනය කරනවා. මොකද දේශපාලනය අපිට අදාළ දෙයක්. හැබැයි තනතුරු නම් මැරෙනකල් දරන්න ඕනේ නෑ. මටත් දැනිලා තියෙනවා දැන් මම දිගු කාලයක් මේ තනතුර දැරුව නිසා මේකෙන් අයින් වෙන්න ඕනේ, අලුත් අය මේකට එන්න ඕනේ කියලා. නමුත් දැන් අපි ඉන්නේ කලබලකාරී වටපිටාවක. ආණ්ඩුවක් මාරු වෙලා නිසා. එවැනි කාලයක ඒ වගේ වෙනසක් කරන එක සුදුසු නෑ කියලා මම හිතනවා. පක්ෂයත් ඒකට එකඟ නෑ. මට හිතෙනවා මැතිවරණ වැඩ ඉවර කරගෙන, තව අවුරුද්දක් විතර ගිහින් පක්ෂයේ සමුළුවකුත් තියලා මේක වෙනස් කරගන්න පුළුවන් කියලා. මොකද මේක දරන්න පුළුවන් අලුත් සහෝදරවරු ගොඩක් ඉන්නවා. ඒ අයට මේක භාරදීලා අපි පිටිපස්සෙන් ඉන්න ඕනේ උදව් කරමින්. ඒ නිසා තනතුරේ ඉන්න නම් ඕනෙම නෑ. හැබැයි දේශපාලනය දිගටම කරනවා. මේක අපේ ජීවිතේ.
ඔබ දැන් යම් ස්ථාවර තැනක ඉන්නවා. නමුත් ආරම්භය අතිශය දුෂ්කර තැනක්. දශක ගණනාවක කැපකිරීමක්. සාමාන්‍යයෙන් තරුණයෙක් අද කාලේ ඉලක්කයක් වෙනුවෙන් මෙච්චර කාලයක් තමන්ගේ පුද්ගලික ජීවිතය කැපකරනවා අඩුයි. ඒ අයට අලුත් පරම්පරාවට තව දශක කීපයකින් මේ රට භාරගන්න ඉන්න පරම්පරාවට ඔබට මොනවද කියන්න තියෙන්නේ?
අපි හරියටම හරි මග තෝරාගත්තා නම්, ඒක ඇතුළේ නොසෙල්වී ඉන්න අපට හයියක් තියෙනවා නම් ඒක දිනන්න පුළුවන්. අපි යම් හොඳ දෙයක් තෝරාගත්තාම ඒ දේ එකවර ඉටුවෙන්නේ නෑ. ඒකට බාධා එනවා, දුෂ්කරතා එනවා, අසාර්ථකවීම් ගොඩක් එනවා. ඒක දේශපාලනයට විතරක් නෙවෙයි හැම විෂයකටම අදාළයි. අසාර්ථක වීම් කියන්නේ අත්දැකීම්. කෙනෙක් යමක් හරියටම හරි දෙයක් කියලා හඳුනාගෙන, ඒක හරියි කියලා විශ්වාස කළොත් ඒ දේ දිනවන්න වැඩ කරන්න. මම තරුණයන්ට කියන්නේ නිවැරැදි දේ තෝරගන්න තමන්ට දැනුමක් තියෙන්න ඕනේ. ඒක වෙනුවෙන් අල්ලගෙන ඉන්න ඕනේ. අමාරු වෙලාවක් එනවා අල්ලගෙන ඉන්නවා. ඒ අමාරුම වෙලාවෙත් ඒක අල්ලගෙන හිටියම අනිවාර්යයෙන් දිනනවා. චින්ගීස් අයිත්මාතව් කියලා තියෙනවා ‘දැඩි ශීත කාලය පැමිණේවි. නපුරු සුළං හමාවි. ඒත් වසන්තය එනවා සත්තයි’ කියලා.

BBC News සිංහල ෆේස්බුක් පිටුවෙනි

SendShareShare
Previous Post

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

නියමිත සුදුසුකම් සපුරා නෑ! තමන්ට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගනිද්දී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව අධිකරණයට දැනුම් දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයේ (සජබ) මන්ත්‍රීවරුන් පස්දෙනෙකු ඔවුන් දැරූ මන්ත්‍රී ධූරවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි...

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.