• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගීතාට බැරි වුණාට ඩයනාට පුළුවන්….

May 10, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ගීතාට බැරි වුණාට ඩයනාට පුළුවන්….
Share on WhatsAppShare on Facebook

ඩයනා ගමගේ එතරම් දිගු දේශපාලන ඉතිහාසයකට හිමිකම් කියන්නියක් නොවේ. ඕ හාපුරා කියා දියවන්නාව තරණය කළේ 2020 මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරියක ලෙසිනි. ස.ජ.බ. ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගියද ඕ විපක්ෂයේ අසුන් ගෙන සිටිනුයේ ඉතා කෙටි කලක්ය. සිය සොයුරු බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට රිංගා ගන්නට අවශ්‍ය පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන ආ 20 වැනි සංශෝධනයට සමගි ජන බලවේගය විරුද්ධ වෙද්දී, ඩයනා ආණ්ඩුව සමග එම කුප්‍රකට සංශෝධනයට පක්ෂව ඡන්දය පාවිච්චි කළාය. ඉන්ද නොනවතුණු ඕ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවට සහාය පළකරමින් තවදුරටත් ආණ්ඩුවේ රැඳෙන්නට වූවාය. ඒ, මේ රට ගොඩගත හැක්කේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පමණකැයි යන මතයේ සිටය. ලක්ෂ හැටනවයක ශ්‍රී ලාංකිකයනට වැරදුණු තැනින් ඩයනාද වරද්දා ගත්තාය. රට ගොඩගනු ඇතැයි බොහෝ දෙනකු බලාපොරොත්තු පළකළ ගෝඨාභය රට ගෙන යාහැකි දරුණුතම ප්‍රපාතයට තල්ලු කර දැම්මේය. ජනතා විරෝධය හමුවේ ලංකාවෙන් මාලදිවයිනට පලාගිය ඔහු, එහි සිට සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

මේ දේශපාලන කුණාටුව හමුවේ මහා ගස් ඉදිරී වැටුණුමුත්, ඩයනා ඒ සංක්‍රාන්ති සමය කෙසේ හෝ ගෙවා දැම්මාය. අවසානයේ අගමැති වූ රනිල් නතර වූයේ ජනාධිපති පුටුවේය. ඒ වන විට ඩයනාද රනිල්ගේ ආණ්ඩුවේ විශ්වාසය දිනාගෙන සිටි අතර ඕ රාජ්‍ය ඇමැති ධුරයකටද පත්වූවාය. මේ වන විට රනිල්ගේ විශ්වාසවන්තම සගයෙක් වන හරීන්ගේ සංචාරක අමාත්‍යංශයේ රාජ්‍ය ඇමැති ධුරය හොබවන්නී ඩයනාය. එහෙත් ඇය නිකම්ම නිකම් රාජ්‍ය ඇමැතිනියක නොව, වික්‍රමසිංහ ආණ්ඩුවේ ආන්දෝලනාත්මක චරිතයක් වන්නට මේ වන විට සමත්ව සිටින්නීය. සැබැවින්ම ඇය කරන බොහෝ ප්‍රකශ ආන්දෝලනාත්මකය. ඇතැම් ඒවා මන්ත්‍රීවරියක තබා මන්ත්‍රීව‍රයෙක්වත් නොකරන තරමේ ප්‍රකාශය. වරක් සංචා‍රකයන් වෙනුවෙන් රාත්‍රී ආර්ථිකයක් ඇති කරන්නට යෝජනා කළ ඕ, තවත් විටෙක කංසා වැවීමට යෝජනා කළාය. ඉන්ද නොනැවතුණු ඇය ගණිකා වෘත්තිය නීතිගත කරන්නට යෝජනා කරන්නීය. මේ අන්දමේ ආන්දෝලනාත්මක චරිතයක් වන ඇය, ඒ දිනවල රටේ බොහෝ දෙනකුගේ අවධානය දිනාගන්නට සමත්ව සිටින්නීය. ඒ, ඇය විත්තිකාරියක කරමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවක් නිසාය.

ඇයට මේ නඩුව පවරා ඇත්තේ ඕෂල හේරත් නමැත්තෙකි. මේ නඩුකරයේදී ඩයනා ගමගේට එල්ලව ඇත්තේ බරපතළ චෝදනාවකි. ඒ, බි්‍රතාන්‍ය පුරවැසියෙක්ව සිටින අතර ඒ බව සඟවමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් ලබාගැනීමය. ආගමන විගමන පනත යටතේ ගොනුකර අති මේ නඩුවේ චෝදනා බරපතළය. ඇප ලබාගැනීම අසීරුය. එහෙත් ඩයනා ගමගේ තවමත් නිරුපද්‍රිතය. පැමිණිලිකාර ඕෂල හේරත් වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න අධිකරණය හමුවේ පැවැසූවේ ඩයනා ගමගේ තම බි්‍රතාන්‍ය පුරවැසි බව සඟවමින් ව්‍යාජ උප්පැන්න සහතික ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි. ඒ අනුව ඇය ආගමන හා විගමන පනතේ 45/1 සහ 45/2 යන වැරැදි කර තිබෙන බැවින් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතු බවය. එහෙත් විත්තිකාර ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ පැවැසුවේ මේ සියලු චෝදනා අසත්‍ය බවය. තම සේවාදායිකාව සමග පවතින දේශපාලන ආරෝවක් මත මේ චෝදනා ගොනුකර ඇති බවය. එමෙන්ම ඇය බි්‍රතාන්‍ය පුරවැසි බව අතහැර ශ්‍රී ලාංකික පුරවැසි බව ලබාගෙන ඇති බවද නීතිඥවරයා අවධාරණය කළේය. පසුගිය අප්‍රෙල් 07 වැනිදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේ අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත්ව තිබියදී ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකරන බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 වැනි වගන්තිය යටතේ අධිකරණයට පැවරී තිබෙන බලතලවලට අනුව ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසය. එහිදී දෙපාර්ශ්වයේ නීතිඥයන් අතර ඉතා උණුසුම් වචන හුවමාරුවක් පවා ඇති විය. එනිසා නඩු විභාගය මඳකට කල් දැමීමට පවා මහෙස්ත්‍රාත්වරයාට සිදුවිය.

යළි නඩු විභාගය ඇරඹූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් පවසා සිටියේ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීම පිළිබඳ තම තීන්දුව අප්‍රේල් 24 දා ප්‍රකාශයට පත්කරන බවයි. ඒ අනුව අප්‍රෙල් 24 වැනි දින බොහෝ දෙනකුගේ අවධානය යොමුව තිබුණේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙතය. එහිදී තීන්දුව ප්‍රකශයට පත්කරමින් කරුණු දැක්වූ මහෙස්ත්‍රාත්වරයා පැවැසුවේ ආගමන හා විගමන පනතේ වැරැදි සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමට අදාළව අවශ්‍ය පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතියෙන් බලය තිබෙන බැවින් අධිකරණය ඊට අදාළව නියෝගයක් නිකුත් නොකරන බවත්, ඒ අනුව මෙම නඩුව දිනයක් නොමැතිව බහා තැබීමට නියම කරන බවත්ය. ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය සම්බන්ධ නඩුව ඒ ආකාරයෙන් විසඳෙද්දී ඇය මේ නඩුකරයේ පැටලීම සම්බන්ධ නිධාන කතාව පිළිබඳ අවධානය යොමුකිරීම වැදගත් යැයි සිතමි.

ඩයනා ගමගේට එරෙහිව ඕෂල හේරත් නඩු යන්නේ ඇය බි්‍රතාන්‍ය පුරවැසියෙක් වන නිසා ඇයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අයිතියක් නැති බව පවසමිනි. එම නිසා ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන මෙන් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඊට අමතරව ඇය ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයක් ලබාගැනීමට ඉදිරිපත් කර ඇති බවද පැමිණිලිකරු අධිකරණය හමුවේ කියා සිටියේය. මෙම නඩුවට නීතිඥ ප්‍රජාව වෙනුවෙන් මැදිහත් වූ නීතිඥ ගුණරත්න වන්නිනායක පවසා සිටියේ ඇය බි්‍රතාන්‍ය පුරවැසියෙක් වන නිසා ඇය ශ්‍රී ලංකාවෙන් නෙරපිය යුතු බවය. ඩයනාගේ පුරවැසි බව පිළිබඳ මේ ගැටලුව මතුවනුයේ යහපාලන රජය විසින් 2015 සම්මත කරගනු ලැබූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසාය. එකී සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසියනට ශ්‍රී ලංකාවේ පර්ලිමේන්තුව නියෝජනය කිරීම තහනම් වෙයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පවා ජනාධිපතිවරණයට තරග කිරීමට පෙර සිය ඇමෙරිකානු පුරවැසි බව අහෝසි කර ගැනීමට සිදුවූයේ එම සංශෝධනය බලාත්මකව පැවැති නිසාය.

ඩයනා පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 2020 අගෝස්තු මහ මැතිවරණයෙනි. එම මැතිවරණය පැවැත්වෙනුයේද පෙර කී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේය. යම් හෙයකින් ඩයනා ගමගේ බි්‍රතාන්‍ය පුරවැසියෙක්ව සිටියේ නම් ඈ ජාතික ලැයිස්තුවට නම්වීමම වරදකි. කෙසේ වෙතත් 19 වැනි සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියනට වසා දැමූ පාර්ලිමේන්තු දොරටුව, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු යළි විවර කරන්නේය. ඒ, 20 වැනි සංශෝධනය මගිනි. ඩයනා ගමගේ ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ඊට පක්ෂව ඡන්දය දුන්හ. එහෙත් ඒ වන විට ඩයනා ගමගේ පාර්ලිමේන්තුවට පිවිස තිබූ නිසා ඇයට 20 වැනි සංශෝධනය අදාළ වන්නේ නැත. වත්මන් පාර්ලිමේන්තුවේ ඉන් ප්‍රයෝජනයක් ගත්තේ බැසිල් රාජපක්ෂය. 20 සම්මත වූ වහාම සිය ඇමෙරිකානු ද්විත්ව පුරවැසි බව සමග පාර්ලිමේන්තුවට පිවිස සිය වැඩිමහල් සොහොයුරා හොබවමින් සිටි මුදල් ඇමැති ධුරය පවා ඩැහැගත් ඔහු නතර වූයේ ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් කිරීමෙන් අනතුරුවය.

20න් ද්විත්ව පුරවැසියනට විවර වූ පාර්ලිමේන්තුව යළිත් වසා දැමීමට රනිල් වික්‍රමසිංහ පාලනය සමත් විය. ඒ, 21 වැනි සංශෝධනය සම්මත කරගැනීම මගිනි. කෙසේ වෙතත් 19 වැනි සංශෝධනයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්වූ මුල්ම තැනැත්තිය ඩයනා ගමගේ නොවේ. ඊට මුලින්ම මුහුණ දී සිය මන්ත්‍රී ධුරය අහිමි කරගන්නේ ගීතා සමන්මලී කුමාරසිංහය. රංගන ශිල්පිනියක ලෙස රටේ නමක් දිනාගෙන සිටි ඈ, 2015 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසියාය. ඒ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරියක් ලෙසිනි. එම මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධුර 6ක් හිමි විය. මනාප ඡන්ද 63,955ක් ලබා මනාප ලයිස්තුවේ 05 වැනියා බවට පත්වීමට ගීතා කුමාරසිංහ සමත්වන්නීය. ගාල්ල දිස්ත්‍රික්කයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කර පරාජයට පත්වූවන් අතර මුලින්ම සිටියේ පියසේන ගමගේය.

ගීතා පාර්ලිමේන්තුවට පිවිස කෙටි කලක් යන විට ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් පස්දෙනකු ඇගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකළේය. බද්දේගම පදිංචි එන්.ඩබ්ලිව්.ඊ. බුවනෙක, යටලමත්තේ පදිංචි ජේ.කේ. අමරවර්ධන, උණවටුනේ පදිංචි ඒ.සී. ගුණසේකර, අම්බලන්ගොඩ පදිංචි ජේ.කේ. විජේසිංහ සහ ගාල්ලේ පදිංචි එච්.එල්. ප්‍රසන්න දීප්තිලාල් යන අය අංක ක්‍් (රිට්) 362/2015 යටතේ මෙම රිට් පෙත්සම ගොනුකරන ලදී. ගීතා සමන්මලී කුමාරසිංහ ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය යන ද්විත්ව පුරවැසිභාවය හිමි අයකු බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂයෙන්ම 19 වැනි සංශෝධනයේ 20 වැනි වගන්තියේ 91(1)(d)(xiii) වගන්තිය අනුව ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස තේරී පත්වීමට සුදුසුකම් නොලබන බව ඔවුහු ප්‍රකාශ කළහ. ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියක ලෙස ධුර දරන්නේ කුමන බලතලයකින්ද යන්න පෙන්විය යුතු බවත්, ඒ සඳහා ක්වෝ වරෙන්ටෝ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔවුහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියහ.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 91(1)(d)(xiii) වගන්තිය ප්‍රකාරව කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස තේරී පත්වීමට සුදුසුකම් නොලබන බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ අභියාචනාධිකරණය හමුවේ පැවැසුවේය. තමා ස්විස් පුරවැසි බව අතහැරි බව ඇය පැවසුවද, ඒ බව තහවුරු කිරීමට ස්විට්සර්ලන්ත බලධාරීන් නිකුත් කළ සහතිකයක් ඇය සතුව නොමැති බවට ඔහු තර්ක කළේය. මේ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය, 2017.05.03 වැනි දින සිය තීන්දුව ලබදෙමින් ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියක් වීමට නුසුදුසු බවත්, ද්විත්ව පුරවැසිභාවය ඇති බැවින් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට අයිතියක් නොමැති බවත් ප්‍රකාශ කරමින් ‘ක්වෝ වරෙන්ටෝ’ රිට් ආඥාවක් නිකුත් කළේය. අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව ගීතා කුමාරසිංහ 2017.05.09 දින ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළාය. එම අභියාචනය බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ විභාගයට ගනු ලැබුවේය. ගීතා කුමාරසිංහගේ අභියාචනය විභාග කිරීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය 2017.05. 12 වැනිදා අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අතුරු නියෝගයක් නිකුත් කළේය.

නඩු විභාගයේදී ගීතා කුමාරසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ද සිල්වා සිය කරුණු දැක්වීමේදී අධිකරණයට දන්වා තිබුණේ ඇය 1981 විවාහයෙන් පසු ස්විට්සර්ලන්ත පුරවැසිභාවය ලැබූ බවය. ස්විට්සර්ලන්ත පුරවැසියෙකු සමග විවාහ වීම නිසා ස්වයංක්‍රීයව ස්විට්සර්ලන්ත පුරවැසිභාවය ලැබෙන බව ඔහු අධිකරණය හමුවේ පැවැසීය. ජනාධිපති නීතිඥ වැලිඅමුණ සිය කරුණු දැක්වීම්වලදී කියා සිටියේ, ගීතා කුමාරසිංහ තවමත් ද්විත්ව පුරවැසිභාවය දරන බවයි. ඇය පක්ෂය, ජනතාව, පාර්ලිමේන්තුව සහ අධිකරණය නොමඟ යවා ඇති බව ඔහුගේ තර්කය විය. මෙම අවස්ථාවේ නඩුවේ මුල් පෙත්සම්කරුවන් වූ වගඋත්තරකරුවන් කිහිප දෙනකු, එම අභියාචනය විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනුකර තිබිණි. ඒ අනුව අගවිනිසුරුවරයා විසින් අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු සිසිර ද ආබෲ, විනිසුරු අනිල් ගුණරත්න සහ නලීන් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඬුල්ලක් නම්කරනු ලැබුවේය.

ඇය පක්ෂය, ජනතාව, පාර්ලිමේන්තුව සහ අධිකරණය නොමඟ යවා ඇති බව ඔහුගේ තර්කය විය. මෙම අවස්ථාවේ නඩුවේ මුල් පෙත්සම්කරුවන් වූ වගඋත්තරකරුවන් කිහිප දෙනකු, එම අභියාචනය විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනුකර තිබිණි. ඒ අනුව අගවිනිසුරුවරයා විසින් අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු සිසිර ද ආබෲ, විනිසුරු අනිල් ගුණරත්න සහ නලීන් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඬුල්ලක් නම්කරනු ලැබුවේය.
අභියාචනාධිකරණය හමුවේ කවුරුන් නඩුව පැවරුවද එහි සැබෑ ප්‍රතිලාභියා ලෙස දේශපාලන ලෝකයේ කතාබහට ලක්වූ පුද්ගලයා කරළියට එන්නේ මේ අවස්ථාවේදීය. ඔහු ගාල්ල දිස්ත්‍රික්කයේ පරාජිත එක්සත් ජනතා නිදහස් සන්ධාන ලයිස්තුවේ මුලටම සිටි හිටපු අමාත්‍ය පියසේන ගමගේය. ගීතා කුමාරසිංහ විසින් ගොනුකරන ලද අභියාචනයකට මැදිහත් වීමට හිටපු අමාත්‍ය පියසේන ගමගේ 2017.06.23 දා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය 2017.07.07 වැනිදා පස්වැනි වගඋත්තරකරු ලෙස පියසේන ගමගේ නම්කිරීමට තීරණය කළේය. ගීතා කුමාරසිංහ ගොනුකළ අභියාචනය ප්‍රතික්ෂේප කරන ලෙස නියෝගයක් ඉල්ලා සිටියේය. නඩු විභාගයේදී ගීතා කුමාරසිංහ මහ මැතිවරණයට නාමයෝජනා ලබාදෙන විට ද්විත්ව පුරවැසියකුව සිටි බව තහවුරු විය.

2015.08.17 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනයේ ගීතා සමන්මලී කුමාරසිංහ ද්විත්ව පුරවැසිභාවය දරමින් සිටියාද යන්න මෙහිදී තීරණය කළ යුතු වැදගත් ප්‍රශ්නයකි. ආගමන හා විගමන පාලක ජනරාල්වරයා අභියාචනාධිකරණයට ගොනුකළ දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කරන්නේ 2006.08.29 දින ද්විත්ව පුරවැසි සහතිකය අංක 17096 යටතේ කුමාරසිංහට ද්විත්ව පුරවැසිභාවය (ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය) ලබාදුන් බවයි. 2017.07.14 දින අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලද ලිඛිත දේශනයේදී අභියාචක ගීතා කුමාරසිංහ, ඇය ස්විට්සර්ලන්තයේ පුරවැසියකු සමග විවාහ වූ බවත්, එම විවාහය හේතුවෙන් ඇයට නීතියෙන් ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය හිමි වූ බවත් පිළිගෙන තිබුණාය.

2017.11.02 වැනි දින පංච පුද්ගල විනිසුරු මඬුල්ලේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෲ විසින් තීන්දුව ප්‍රකාශයට පත්කරන ලද අතර තවත් විනිසුරුවරුන් හතර දෙනකු වන අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු අනිල් ගුණරත්න සහ විනිසුරු නලින් පෙරේරා විසින් අනුමත කරන ලදී. විනිසුරු සිසිර ද ආබෲ සිය තීන්දුව ප්‍රකශ කරමින් සඳහන් කළේ කුමාරසිංහ මන්ත්‍රීවරයකු ලෙස සැලකිය නොහැකි බවත්, 2015.08.17 දින කුමාරසිංහ මන්ත්‍රීවරියක් ලෙස තේරී පත්වීමට නුසුදුස්සකු වූ බවත් ඇයට මන්ත්‍රී ධුරය දැරීමට අයිතියක් නැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන බවය. එමෙන්ම අභියාචනාධිකරණය 2017.05.03 දින දුන් තීන්දුව නිවැරැදි බවත්, එම තීන්දුව ශ්‍රේෂ්‍ඨාධිකරණය තහවුරු කරන බවත්, අභියාචකයාගේ අභියාචනය ගාස්තුවට යටත් කොට නිෂ්ප්‍රභ කරන බවත්ය.

ඒ අනුව, ගීතා කුමාරසිංහට සිය මන්ත්‍රී ධුරය අහිමි විය. පරාජිත ලැයිස්තුවේ මුලටම සිටි පියසේන ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය. ගීතා පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ නමුත් ඇය වෙනුවට එම පක්ෂයෙන්ම පත්වූ පියසේන ගමගේ අසුන් ගත්තේ ආණ්ඩු පක්ෂයේය. ගීතාගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයෙන් ක්වෝ වරෙන්ටෝ නියෝගයක් ඉල්ලා සිටි බද්දේගම පදිංචි එන්.ඩබ්ලිව්.ඊ. බුවනෙක, යටලමත්තේ පදිංචි ජේ.කේ. අමරවර්ධන, උණවටුනේ පදිංචි ඒ.සී. ගුණසේකර, අම්බලන්ගොඩ පදිංචි ජේ.කේ. විජේසිංහ සහ ගාල්ලේ පදිංචි එච්.එල්. ප්‍රසන්න දීප්තිලාල් යන අයට කුමක් සිදුවූවේදැයි කිසිවෙක් දන්නේද නැත.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පළාත් සභා තියනවා නම් ආණ්ඩුවට තුනෙන් දෙකක් දෙන්න සජබය සූදානම්! VIDEO

Next Post

G-20 සමග කාශ්මීරය පිබිදෙයි!

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.