• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාට කඩේ ගිය එක වැරැදියි I මොළ හතා අපිව කෑවා I අනේ ගයාන් ලැජ්ජ නැද්ද ඔහොම අඬන්න එපා! ජනතාව මේපාරත් රැවටෙයිද? I (Sri Lanka Latest News)

January 26, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
ගෝඨාට කඩේ ගිය එක වැරැදියි I මොළ හතා අපිව කෑවා I අනේ ගයාන් ලැජ්ජ නැද්ද ඔහොම අඬන්න එපා! ජනතාව මේපාරත් රැවටෙයිද? I (Sri Lanka Latest News)
Share on WhatsAppShare on Facebook

ප්‍රවීණ කලාකරුවකු ප්‍රසිද්ධියේ රූපවාහිනී චැනලයක කතාබහකට ඇවිදින් ඉකි ගගහා හඬාවැටුණු ශෝචනීය සිදුවීමක් ගැන ‘මව්රට’ පත්තරේ පසුගිය දවසක ලියැවුණා. අටුවා ටීකා සමගින් කියනවා නම් එහෙම ඇඬුවේ ඉස්ලාම් ලබ්ධිකයකු ලෙස සංගීත කලාවට ආවත්, සිංහල බෞද්ධ ගීයෙන් රට දැය පිනවූ බෙග් මාස්ටරුයි. බෙග් මාස්ටර් ඒ විදියට ප්‍රසිද්ධ මාධ්‍යයක හඬාවැටුණේ බෞද්ධ සින්දුවලින් දැයක් පිනවූ තමාට එයට හරියන විදියට නිසි සැලකිල්ලක් ලැබුණෙ නැති එක ගැන සමාජයට පණිවුඩයක් දෙන ගමන්මයි. කොහොමත් ඊයේ පෙරේදාවක ලියැවුණාට බෙග් මාස්ටර් හඬාවැටුණු කතාව දශක කිහිපයකට කලින් ප්‍රසිද්ධියට පත්වුණු තරමක පරණ සිදුවීමක්. එදා ‘මව්රට’ පිටුවක කතන්දරයට ඒ සිදුවීම ඈඳාගත්තේ ප්‍රවීණ කලාකරු ආචාර්ය ධර්මසිරි බණ්ඩාරනායක ගැන ලියැවුණු සිදුවීමට මූලාශ්‍රය ගන්න වුවමනා වුණු නිසයි. (Sri Lanka Latest News / Gayan Wickramathillaka)

එතකොට අද බෙග් මාස්ටර් හඬාවැටුණු සිදුවීම මූලාශ්‍ර කරගත්තෙත් තවත් කලාකරුවකු ගැන ශෝකාන්තයක් ලියන්නද?
ඒක එහෙම ශෝකාන්තයක් නෙවෙයි. ඒක වෙනමම තාලේ කතන්දරයක්. මේ කතන්දරයට මුල් වෙන්නේ පසුගිය දවසක අපේ තරුණ කඩවසම්, ඒ වගේම කා අතරත් කතාබහට ලක්වුණු නළුවෙක් සමාජ මාධ්‍යයක ප්‍රසිද්ධියේ හඬාවැටුණු සිදුවීමක්. එහෙමත් නැත්නම් නිවුස් එකක්. ඒ නිවුස් එක දැන් සෝෂල් මීඩියාවල උණු කැවුම් වගේ වයිරල් වෙලා ඉවරයි.

ඒ කියන්නේ ඔය කියන නළුවා ප්‍රසිද්ධ මාධ්‍යයක හඬාවැටුණු තමාව ජනප්‍රිය කරවා ගන්නද?
ඒක නම් තවම හරියටම කියන්න බැහැ. එයාව ජනප්‍රිය කරවන්න ඇඬුවද? එහෙම නැත්නම් එයාව දඩමීමා කරගත්ත කට්ටියට පොඩි ගැම්මක් දෙන්න හිතාගෙන එයාගේ දුක මිශ්‍ර වෙච්ච කඳුළු කැම්පේන් එකක් කෙරෙව්වද කියලා කියන්න දන්නේ එයාම තමයි.

කවුද දැන් ඔය කියන ජනප්‍රිය කඩවසම් නළුවා?
නොදන්නවා වගේ අහන්නේ ඇයි මේ? කවුරුත් වාගේ ඔය සංගදිය දන්නවා දැන්. ප්‍රසිද්ධ මාධ්‍යයක ඒ විදියට හඬාවැටුණේ ගයාන් වික්‍රමතිලකයි.

මොකක්ද ගයාන්ගේ කඳුළට හේතුව? ප්‍රසිද්ධ මාධ්‍යයක හඬාවැටෙන්න තරම් බෙග් මාස්ටර්ට වගේ තමන් කලාවට කරපු සේවයට සරිලන අගයක් ඔහුට ලැබිලා නැතුවවත්ද?
අපේ රටේ කොහොමත් කලාකාරයන්ට සැලකිල්ලක් ලැබුණේ නැහැනේ. කලාකරුවෝ වෙනුවෙන් යමක් කළා නම්, එහෙම කරපු එකම නායකයා රණසිංහ ප්‍රේමදාසයි. කොහොමත් ගයාන් කඳුළු හෙළුවේ එහෙම කෙනෙහිලිකමක් ගැන හේතු පාඨයක් මුල්කරගෙන නෙවෙයි. ඔහුගේ දුකට හේතුව වෙලා තිබුණේ 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට ඡන්ද ලක්ෂ 69ක් අරන් දෙන්න එයා කඩේ ගිය ගැම්ම මතක් වෙලයි.(Sri Lanka Latest News)

‘අපේ මිනිස්සු අද ගෙවන ජීවිතය හරිම දුක්ඛිතයි. දරුවකුට චිකන් කෑල්ලක් කන්න දෙන්න අම්මලාට තාත්තලාට වත්කමක් නැහැ. හැමෝම මේ විඳවන්නේ අපි කරපු වැරැදිවල පල විපාක නේද කියලා හිතෙනකොට ඇස්වලට කඳුළු එනවා. වැරැදි ක්‍රමයටයි රට යන්නේ කියලා හිතෙනකොට පිට රටකට පවුලක් එක්කම ගියා නම් හොඳයි කියලා හිතුණා. ඒ එක්කම හිතට ආවේ, ‘කොහොමද මම එහෙම යන්නේ? මමත් මේ විනාශයට වගකියන්න ඕනේ නේද කියලා මගෙම හෘද සාක්ෂිය මට චෝදනා කරන්න ගත්තා. දෙදහස් පහළොවට කලින් තිබුණු දූෂිත රාජපක්ෂ පාලනයේ හිටපු මොළ හතා ඇතුළු කට්ටිය. දෙදහස් දහනවයේ ගෝඨාභය රජයේ කසකාරයෝ වෙයි කියලා අපි හිතුවේ නැහැ… ගෝඨාභයට කඩේ ගිය එක වරදක්. මොළ හතා අපිව කෑවා…’ (Sri Lanka Latest News / Gayan Wickramathillaka)

ඒ ගයාන් වික්‍රමතිලකගේ වචන. ගයාන් එහෙම කියන ගමන්ම ඇස් දෙක අතැඟිලිවලින් මිරිකාගත්තා.
‘ඔබ සංවේදී වෙලා නේද? ගයාන් ඔයා අඬනවා…’

විද්‍යුත් මාධ්‍ය කතිකාව මෙහෙයවපු මාධ්‍යවේදියා ගයාන්ගේ මුහුණට එබිලා අහනකොට,
‘ඔව්. මං සංවේදී වුණා. මම කරපු වරද මතක්වෙනකොට ඇස්වලට කඳුළු එනවා…’

ගයාන් කිව්වේ හැඟුම්බර හඬිනුයි.

ඇත්තටම ගයාන් 69 ලක්ෂයේ ඡන්ද ජයග්‍රහණය ගෝඨාභයගේ දෝතට දෙන්න කලා කවය සමග අත්වැල් බැඳගත්ත පාපය ගැන අවංකවම දුක් වෙනවද? පේන්න තිබුණේ නම් එහෙම දෙයක් තමයි. ඇත්තටම ඔහු එදා ගත්ත තීරණය ගැන අද මහන්තාප වෙන බව තමයි ඔහුගේ කඳුළු ඒ මොහොතේ සාක්ෂි දැරුවේ.

තවත් සමහරු ඒක දකින්නේ ගයාන්ගේ සුපිරි රඟපෑමක් විදියටයි. මොකද කියනවා නම් ගයාන් වික්‍රමතිලක කියන්නේ දක්ෂ නළුවෙක් නිසයි එහෙම කියන්නේ. කොහොමත් ගයාන්ගේ කතාවට වැටිලා තිබුණු කමෙන්ට්ස් නම් ඒ තරම් හිතකර වුණේ නැහැ. ඒ තරම් නෙවෙයි, කොහොමටවත් ඒවා ගයාන් වික්‍රමතිලක කියන ජනප්‍රිය රංගන ශිල්පියාගේ ප්‍රතිරූපයට හිතකර වුණේ නැහැ. සමහර කමෙන්ට්ස්වල තිබුණේ අමු තිත්ත කුණුහරුප කලාවක්.

ඇයි එහෙම කමෙන්ට්ස් දාන්න තරම් මිනිස්සු කුහක වුණේ? වැරැදි කිරීම මනුෂ්‍ය ගතියක්. සමාව දීම දේව ගතියක්. ගයාන්ගේ මනස්තාපය අවංක නම් එයට ගරහන එක විනයගරුක නැහැ නේද? ඔව්, මනස්තාපය කියන්නේ ඕනෑම වැරැදිකාරයකු සතුව තිබිය යුතු මානුෂීය අයිතිවාසිකමක්. දෙවියන් ඉදිරියේ වුණත් මනස්තාප වෙන වැරැදිකාරයට අනුකම්පාව ලැබෙනවා. හැබැයි ගයාන්ගේ මනස්තාපයේ තිබුණේ වෙනම ප්‍රයෝගයක් කියලයි බොහෝ දෙනා කියන්නේ. ඒකට හේතුව වෙලා තිබුණේ තමාගේ මනස්තාපයට මුවාවෙලා ඔහු ආයෙම තවත් දේශපාලන පක්ෂයකට කඩේ යන්න සූදානම් වෙලයි ඒ විද්‍යුත් මාධ්‍ය කතාබහට ඇවිදින් තිබුණේ. ඇතැමුන්ගේ අදහස වෙලා තිබුණේ ඔහු අලුතෙන් පය තියන්න යන දේශපාලන වේදිකාව වෙනුවෙන්ම ගෝඨාභය රාජපක්ෂලාට කඩේ ගිය පාප කර්මයෙහි මනස්තාපය කැම්පේන් එකක් කරගෙන මේ කියන මාධ්‍ය කතාබහ නිර්මාණය කරගත්තා කියලයි.

‘අයියෝ ගයාන් ඔයා ගෝඨාභය රාජපක්ෂලාට අමුඩෙ ගහගෙන කඩේ ගියා. දැන් අහවල් පක්ෂෙ හොඳයි, ඒකට ඡන්දේ දෙන්න කියනවා. ලංකාවේ දේශපාලනය මඩගොහොරුවක් නෙවෙයි නරා වළක් කියපු ඔයා කොහොමද තවත් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් ඡන්දය දෙන්න කියලා ඔයාගේ රසිකයන්ට කියන්නේ?’

‘ලැජ්ජා නැතුව කලා කවයත් එක්ක එකතු වෙලා ගෝඨාභය රාජපක්ෂ දිනවලා රට අගාධයට දාන්න හවුල් වෙලා දැන් තවත් නාඩගමක් නටන්න හදනවා. ලැජ්ජයි ගයාන් ලැජ්ජයි…’
‘කොහොමද ගයාන් ඔයා රෙද්දක් ඇඳගෙන ආයෙමත් දේශපාලන පක්ෂයකට දරදිය අදින්න හදන්නේ? කරපු පාපකර්මය ගැන මනස්තාප වෙන්න හිතුවේ තවත් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් වේදිකාවට නගින්න ලයිසන් ගන්නද? බත් වෙනුවට ඔයා කන්නේ තණකොළද?’

ගයාන් 69 ලක්ෂයේ ඡන්ද ව්‍යාපාරයට කඩේ ගිය පාපයට මනස්තාප වෙමින් කඳුළු හලලා අඬන ගමන් තවත් දේශපාලන නෙයියාඩගමක් නටන්න අවසර ඉල්ලන සහ රටේ ජනතාවටද ඒ සඳහා ආරාධනා කරන කතන්දරය යූටියුබ් හරහා නරඹපු ඔහුගේ ප්‍රේක්ෂකයෝ ඒ වෙනුවෙන් දාලා තිබුණු කමෙන්ට්ස්වලින් කිහිපයක් තමයි ඉහත සඳහන් වුණේ. කොහොම නමුත් අපේ කලාකාරයෝ ආයෙමත් දේශපාලන වේදිකාව තරණය කරන්න සූදානම් වෙනවද? ගයාන් වික්‍රමතිලක සෝෂල් මීඩියාවක් හරහා කඳුළු පෙරා හඬමින් රඟදැක්වූයේ එහි පෙර දැක්මද? හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියන්නැහේ ගයාන් සමග අනෙකුත් කලාකරුවන් මේ නෙයියාඩගමට හවුල් වනු ඇතිද?

මොනවා ගැන වුවද තවම කිසිවක් කියන්නට බැරිය. ඒ මොකද කියනවා නම් 69 ලක්ෂයට කලා කවය සමග එක්වූ ලංකාවේ සුපිරි සිනමා ටෙලි තරු රට නන්නත්තාර වී ගිය පසු අදටත් ඒ ගැන කිසිවක් කියා නැත. ඉන්ටර්විව් එකකට බොහොම අමාරුවෙන් ආවත් කියන්නේ දේශපාලනය ගැන මොනවත් කතා කරන්න එපා කියලාය. ගයාන් වික්‍රමතිලකද එහෙම කී අවස්ථා තිබිණි. නමුත් සියල්ල අමතකව ගියා සේ ඔහු තවත් දේශපාලන නාඩගමකට සැරෙසමින් සිටියි.

කලාකරුවන් මේ ආකාරයට දේශපාලකයන්ට කඩේ යන එක නතර වෙන්නේ කවදාද? කලාකරුවන් දේශපාලකයන්ට කඩේ යෑමෙන් කලාවට මෙතෙක් සිදුවූ සේවාවක්ද නැත. මේ නරුම කඩේයෑම තුළින් රටට සිදුවූ සෙතක්ද නැත. ඉතින් මේ ලැජ්ජාවක් නැති කඩේයෑම කුමකටද? සරස්වතී දෙවියන් වෙතින් ඔවුන් ලද වරප්‍රසාදය කමකට නැති දේශපාලුවන් හමුවේ අලෙවි කරන්නේ කුමක් අරබයාද? ඒ වෙනුවෙන් ඔවුන්ට ඇතෙක් බරට වාසි ලැබෙනවද? නින්දගම් ලැබෙනවද? මොන මොන ජාතියේ ගේම් එකක සැලැස්මක්ද?

ඒ කිසිවකට උත්තර අප නොදන්නෙමු. ඒවාට උත්තර ඇත්තේ දේශපාලුවන් සමග එකට කාබී ප්‍රීති වෙමින් කැම්පේන් කළ කලාකරුවන් අතමය. ඒ නිසා නිහඬව මේ නෙයියාඩගම දෙස බලා හිතේ කම්පාවට කමෙන්ට් එකක් කොටනවා මිසක අපට කරන්න වෙන කිසිවක් නැත.

දමයන්ති රේණුකා

SendShareShare
Previous Post

චිත්‍රපටි 30ක පසුබිම් ගායනා ඉදිරිපත් කළා! සම්මාන දිනාගත්තා! ලංකාවේ සංචාරයකට ආ ජනප්‍රිය ඉන්දීය සංගීතඥ ඉලයරාජාගේ දියණිය භවධාරිනී මියයයි! Sri Lanka Latest News

Next Post

බිලියන 500ක ටෙන්ඩර් එක දීලා තියෙන්නේ සුදුසුකම් නැති සැපයුම්කරුවෙකුට! නීතිපතිගේ උපදෙස් අරගෙනත් නෑ! මෙන්න විගණන වාර්තාව! ගල්අඟුරු හොරුන්ට දඬුවම් දෙන්නේ නැද්ද? VIDEO I Sri Lanka Latest News‍

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.