ශ්‍රී ලංකාවේ සංගීත සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය ජනප්‍රිය සංගීතඥ ඉලයරාජා (Maestro Iiayaraja) මහතාගේ දියණිය මෙරට රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. (Sri Lanka Latest News)
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉලයරාජාගේ දියණිය වන ගායිකා භවධාරිනී (Bhavatharini) පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් ශ්‍රී ලංකාවේ ආයුර්වේද ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇති බවයි.
පසුගිය මාස 5ක පමණ කාලයක සිට පිළිකා රෝගයෙන් පීඩා විඳි භවධාරිනී ශ්‍රී ලංකාවේ ආයුර්වේද ප්‍රතිකාර ලබමින් සිටි බව සඳහන්.
ඉලයරාජා විසින් රචනා කරන ලද භාරතී හි Mailpola Ponnu Onnu ගීතය සඳහා ඇය හොඳම කාන්තා පසුබිම් ගායිකාව ලෙස ඇය ජාතික සම්මානය දිනා ගෙන තිබෙනවා.
රමන් අත්තුල්ලා චිත්‍රපටයේ ‘එන් විද්‍යා සන්නාල්’ ගීතය සහ ‘තමිරභරණී’ චිත්‍රපටයේ ‘තලියේ තක ඇලයි’ වැනි ගීත බවධාරිනී ගායනා කළ ගීතවලට අයත්.
මිය යන විට භවධරණීගේ වයස අවුරුදු 47ක්. ඇය චිත්‍රපට 30කට අධික සංඛ්‍යාවක ගීත රැසක් ගායනා කර ප්‍රසිද්ධියක් උසුලනවා.
ඉලයරාජාගේ දියණිය භවධරණී අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් අභාවප්‍රාප්ත වූ අතර ඇයගේ වියෝව සිනමා ක්ෂේත්‍රයේ දැඩි කම්පනයකට ලක්ව තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ.
ඉලයරාජා මහතාගේ දියණියගේ දේහය හෙට සවස චෙන්නායි වෙත රැගෙන යාමට නියමිතයි.
dasathalankanews










