ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 204 කින් අඩු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පෙරවරුවේ පැවසීය. Sri Lanka Latest News
ඒ අනුව කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 83 කින්ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 37 කින් ද අඩු කළ බවත් නව මිල අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් මහතා කීය.
එම මිල පහත දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 2982 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1198 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 561 දක්වා ද පහත වැටුණු බව මුදිත පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.










