පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්වී රනිල් වික්‍රමසිංහට සහාය පලකල ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වී ඇත.Sri Lanka Latest News
අද දින ගම්පහ අත්තනගල්ල රැස්වීමකට සහභාගී වෙමින් ඔහු මෙසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පල කරන බව ප්‍රකාශ කලේය.
මේ දින වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සෑම ගමකටම නායකයෙක් පත් කිරීමේ වැඩසටහනක් දියත් කර ඇති අතර අද පැවතියේ ගම්පහ අත්තනගල්ල ආසනයේ රැස්වීමය.
මෙම රැස්වීමට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු,හිටපු අමාත්‍ය ඉන්දික අනුරුද්ධ හිටපු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ සහ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින් රැසක් සහභාගී විය










