• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිවරණයයි මහමැතිවරණයයි දෙකම එකම දවසක තියන්න ලෑස්ති වෙනවා! ජනාධිපතියි පොහොට්ටුවයි කරන්න යන අලුත්ම වැඩේ ගම්මන්පිල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

April 3, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා සහ පොහොට්ටුව යන දෙපාර්ශවයේම අවශ්‍යතාවය ඉටු වන පරිදි ජනපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනක පැවැත්වීමට ආණ්ඩුව තුල සාකච්ඡා සිදුවෙමින් පවතින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.Sri Lanka Latest News

ඒ මහතා මේ බව මදහන් කර සිටියේ අද දින (2024.04.03) පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එසේ මැතිවරණ දෙකම එකම දින පැවැත්වුව හොත් එය රටට අවාසිදාය බව ප්‍රකාශකල මන්ත්‍රිවරයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

ජනපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනක දී

ජනාධිපතිවරයාට ඕනෑ ජනපති ධූරයේ බලය හීන වීම වලක්වා ගන්න ජනපතිවරණය තෙක් පාර්ලිමේන්තු මැතිවරණය නොපවත්වා ඉන්න. බැසිල් රාජපක්ෂ මහතාට ඕනෑ ජනපතිවරණ ප්‍රතිඵල ජනතාව දකින්න කලින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න. මේ නිසා තමයි බැසිල් මහතා පාර්ලිමේන්තු මැතිවරණය කලින් තියන්න කියලා ජනාධිපතිට බල කරන්නේ. මේ නිසාම තමයි ජනාධිපති මේ ඉල්ලීම ඉටු කිරීම මග හරින්නේ. දැන් දෙපැත්තේම අවශ්‍යතාවය ඉටු වෙන්න ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් යන දෙකම එකම දිනයේ පැවැත්වීම පිළිබඳ ආණ්ඩුව තුල සාකච්ඡා කරන බව අපට විශ්වාසදායක ආරංචි මාර්ග වලින් දැන ගන්න ලැබුණා.

මැතිවරණ දෙකම එකම දිනයේ පැවැත්වීමට නීතියෙන් කිසිම බාධාවක් නෑ. 2024 ජූලි 17 වන දා සහ සැප්තැම්බර් 4 වන දා අතර ඕනෑම දිනයක ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගන්නා දිනය ප්‍රකාශයට පත් කරන්න මැතිවරණ කොමිසමට නීතියෙන් බැඳී ඉන්නවා. මැතිවරණ කොමිසම නාමයෝජනා දිනය ප්‍රකාශයට පත් කරපු දවසේම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් මේ මැතිවරණ දෙකම එකම දිනයේ පවත්වන්න පුළුවන්.

මැතිවරණ දෙකම එකම දවසේ පැවැත්වුවොත් ජනාධිපතිටත් පොහොට්ටුවටත් එක වගේ වාසියි. නමුත් අපට වැදගත් ජනාධිපතිටවත් පොහොට්ටුවටවත් වාසි ක්‍රමය නොවේ. රටට වාසි ක්‍රමය මොකක්ද කියන එකයි. මේ මොහොතේ කිසිම පක්ෂයකට වලංගු ඡන්ද වලින් 50%ක් ගන්න බැරි බව කවුරුත් පිලිගන්නා තිත්ත ඇත්තක්. කාටවත් සාමාන්‍ය බහුතරය ලබා ගන්න බැරි වීම ජනපතිවරණයට නම් ගැටළුවක් නෑ. පළමු වටයේ දී වගේම තුන්වන මනාපය එකතු කලාටත් පස්සේ කාටවත් 50%ක් නැතිනම් වැඩිම ඡන්ද ගණන ගත් අපේක්ෂකයා ජනාධිපති විධියට තේරී පත් වෙනවා. නමුත් පාර්ලිමේන්තුවේ කිසිම පක්ෂයකට බහුතරය නෑ කියන්නේ කිසිම පනතක් රෙගුලාසියක් යෝජනාවක් සම්මත කර ගන්න බෑ කියන එකයි. ඒ විතරක් නොවේ වසර දෙකහාමාරක් යන තුරු ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හරින්නත් බෑ. ඒ නිසා මැතිවරණයෙන් පසු එළැඹෙන පළමු වසර දෙකහාමාරම කිසිම වැඩක් නොවන කවුරුත් බල පොරයක ඉන්න මන්ත්‍රිවරු විකිණෙන අරාජික සමයක් උදා වන බවට කිසිම සැකයක් නෑ. ආර්ථික අර්බූදයක් මැද දේශපාලන අස්ථාවරත්වයක් රටේ ඇති වුණොත් රට නැවත ගොඩ ගන්න බැරි ආගාදයකට ඇද වැටෙනවා සිකුරුයි.

ජනාධිපතිවරණයේ දී දිනන අපේක්ෂකයා 35%ක් අරගෙන ජයග්‍රහණය කළත් ඊ ළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී ස්ථාවර පාර්ලිමේන්තුවකට අවශ්‍ය මන්ත්‍රිවරු ගණන දිනා ගන්න පුළුවන්. ජනපතිවරණය දිනන පැත්තට පාර්ලිමේන්තු මැතිවරණයේ දී රැල්ලක් ඇති වීම ඉතිහාසය පුරා දකින්න පුළුවන්. මේ පිළිබඳ තිබෙන කදිම නිදසුන තමයි 1988 ජනපතිවරණය. ජනාධිපතිවරණයේ දී එජාපය ජයග්‍රහණය කලේ යන්තම් 50.4%ක් අරගෙන නමුත් ඊට මාස දෙකකට පස්සේ තිබුණු පාර්ලිමේන්තු මැතිවරණයේ දී මන්ත්‍රි ධූර 125ක් අරන් ස්ථාවර පාර්ලිමේන්තුවක් හදා ගත්තා. ඒ නිසා මේ ආර්ථික අර්බූදයෙන් ගොඩ එන්න නම් කවුරු ජනාධිපති වුණත් ස්ථාවර පාර්ලිමේන්තුවක් හදා ගැනීම අවශ්‍යයි. ඒක කරන්න පුළුවන් වෙන්නේ ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුවොත් විතරයි.

පොහොට්ටුවට ජනාධිපතිවරණයේ ප්‍රතිඵල එන්න කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්න අවශ්‍ය ඇයි? රටට අවාසි උනත් තමන්ට වාසි නිසා. ආණ්ඩුව ජනාධිපතිවරණයේ දී ඉතිහාසයේ නොවූ විරූ පරාජයක් ලබන නිසා ඒ ප්‍රතිඵලය දැකලා මානසිකව වැටෙන පාක්ෂිකයා පොහොට්ටුව අත්හැර ගියාම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී එජාපයට අත් වුණු ඉරණම පොහොට්ටුවටත් අත් වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන්න වෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණය ජනපතිවරණය දිනන පක්ෂය යටතේ තිබෙන පසුබිමක. එවිට රාජ්‍ය බලය තමන්ගේ වාසියට යොදා ගන්න පොහොට්ටුවට බැරි වෙනවා. මෙන්න මේ කාරණා නිසා තමයි පොහොට්ටුව පාර්ලිමේන්තු මැතිවරණය කලින් ඉල්ලන්නේ. නමුත් ජනපති කළ යුත්තේ රටට වාසි දේ මිස පොහොට්ටුවට වාසි දේ නොවේ.

ප්‍රශ්න සහ පිළිතුරු

ප්‍රශ්නය

හිත් රිදීම් තිබුණා තමයි. නමුත් අපත් සමග සිටි අයට අප නැවත ආරාධනා කරනවා. ඒහෙම තමයි පොහොට්ටුවේ නව ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහත්තයා නම් කියන්නේ. ඔබතුමන්ලාට ආරාධනා ලැබුණද ? ඔබතුමන්ලා පොහොට්ටු හා එක්වෙන්න ලෑස්තිද?

පිළිතුර

ඇල්බට් අයිස්ටයින් කියනවා එකම පරීක්ෂණය එකම කොන්දේසි යටතේ නැවත නැවත සිදු කරමින් වෙනත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා නම් ඔබට හොඳටම පිස්සු කියලා.. අපිට එහෙම පිස්සුවක් නෑ. නැවත නැවත රාජපක්ෂලා පරීක්ෂාවට ලක් කරන්න තරම් අපිට පිස්සුවක් නෑ.

ප්‍රශ්නය

බැසිල් රාජපක්ෂ මහත්මයා නම් කියන්නේ පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය ඇතුළු සියලුම පක්ෂ එකට එකතු වුණොත් තමයි රටට හෙටක් තියෙන්නේ කියලා. ඒක එහෙමද?

පිළිතුර

ඒගොල්ලෝ ඔය කතා කරන්නේ රටේ හෙට ගැන නෙවෙයි ඒගොල්ලන්ගේ හෙට ගැන.

ප්‍රශ්න‍ය

ජනතා විමුක්ති පෙරමුණ කියනවා නේද කවුරු කොහොම කිව්වත් ජයග්‍රහණය තියෙන්නේ එයාලා අතේ කියලා.

පිළිතුර

ජනතා විමුක්ති පෙරමුණ එහෙම කියන පදනම කුමක්ද කියලා දැනගන්න ආසයි. ඒගොල්ලො පසුගිය ජනාධිපතිවරණයේදී ගෝල්පේස් පිට්ටනියත් පිරෙව්වා. එහෙම පිරෙව්වත් ලැබුණේ 3% තුනයි. අඩුම ගානේ කිසිම කෙනෙක් මේ දක්වා විද්‍යාත්මකව කළ ජනමත සමීක්ෂණයකින් එහෙම දෙයක් හෙළිදරව් කරලා නෑ.

ප්‍රශ්නය

ඉන්දියාවෙන් කරන ලද සමීක්ෂණයකට අනුව අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන් ඉන්න නිසා තමයි ඉන්දියාව ඔහුට එම රටට එන්න කියලා ආරාධනා කරේ කියලා රාවයක් යනවා නේද?

පිළිතුර

දැන් කවුද ඔය ඉන්දියානු සමීක්ෂණය කළා කියන්නේ. කවුද ඒක දැක්කේ? ජනතා විමුක්ති පෙරමුණ ඕක දැක්කනම් ඕක හරි වටිනා දෙයක්නේ. එහෙනම් ඒක වහාම ප්‍රසිද්ධ කරන එකයි කළ යුත්තේ. මේ රටේ ජනතාව බත් වෙනුවට කන්නේ තණකොළ කියලා හිතාගෙන සමහරු හිතලු විදිහට කියන දේවල් ඔය. ඔහොම විද්‍යාත්මක සමීක්ෂණයක් මම නම් දැකලා නැහැ. අනුර කුමාර මැතිතුමා ගාව තියෙනවා නම් කරුණාකරලා ප්‍රසිද්ධ කරන්න. ජවිපෙ නටවන ඕනෑම රාජ්‍යයක් ස්වාධීන මත විමසුමක් කරලා තියෙනවා නම් ඒක ප්‍රසිද්ධ කරන්න. ජනතා විමුක්ති පෙරමුණ යම් රැල්ලක් හදාගත්තත් ඉන්දියානු සංචාරයෙන් අමූල් සමාගම සම්බන්ධ තමන්ගේ දෙබිඩ පිළිවෙත හෙළිදරව් කිරීමෙන් එක වතාවක් වලේ වැටුණා. ඒ වලින් ගොඩ යන්නත් කලින් කැනඩාවෙ ගිහිල්ලා කොටි බෙදුම්වාදීන් සමඟ පෙනී ඉඳලා පෙරටත් වඩා ගැඹුරු වලක වැටුණා. දැන් ජවිපේ ගොඩ එන්නේ කොහොමද කියලයි කල්පනා කරන්නේ. කැනඩා සංචාරයට කලින් කරපු ජනමත විචාර නම් දැන් කොහොමත් වලංගු නෑ. මේ සංචාර දෙක හරහා ජනතා විමුක්ති පෙරමුණ ගොඩ ගත නොහැකි වලක ඇද දමා තිබෙනවා.

ප්‍රශ්නය

ජනතාවට දැන් දැන් ඉක්මනට ඉක්මනට ආණ්ඩු එපා වෙන්නේ ඇයි?

පිළිතුර

එක පැත්තකින් පත්වන නායකයන්ගේ අසමත්කම අනිත් පැත්තෙන් අපේ රටේ තිබෙන අර්බුදයේ තීව්‍රතාවය. මෙදා පාර කවුරු දින්නත් එයාලගේ ජනප්‍රියතාවයත් අවුරුදු දෙකහමාරක් තමයි උපරිම වශයෙන් තියෙන්නෙ.

පිවිතුරු හෙළ උරුමය මොරටුව ආසන සංවිධායක කුමාර රාජරත්ත මහතාද මෙහිදී අදහස් දැක්වූ අතර පක්ෂයේ නැගෙනහිර කොළඹ ආසන සංවිධායක සරත් ඩයස් මහතාද මාධ්‍ය හමුව සදහා එක් විය.

SendShareShare
Previous Post

ආරංචිය ලැබුණු වහා රටේ එහා කොනේ මුලතිව්වල ඉස්කෝලෙක ඉඳන් සජිත් විවාදය ගැන කතා කරයි! ආර්ථිකය ගැන ජාත්‍යන්තරය ගැන සංවර්ධනය ගැන ඕනම විවාදයකට මම ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

Next Post

දුමින්ද-ළහිරු-ජිනරතන හිමි එළියට එයි! Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.