ආන්දෝලනාත්මක පාස්කු ප්‍රහාරය පිළිබඳ කමිටු වාර්තා දෙක තමන්ට අතට පත් වූයේ තැපැල් මගින් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කර තිබෙනවා. Sri Lanka Latest News
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කර ඇති අතර අදාළ වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට වත්මන් ජනාධිපතිවරයා කටයුතු නොකරන්නේ වාර්තාවල ඇතුළත් ඇතැම් කරුණු වලට අනුව ජාතික ජන බලවේගයට සම්බන්ධ පුද්ගලයින් කිහිප දෙනෙකුට ද චෝදනා එල්ල වීම හේතුවෙන් බව ඔහු මෙහි දී සඳහන් කර තිබෙනවා.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවද සඳහන් කරමින් වාර්තාවල ඇති ඇමුණුම් පවා තමන්ට තැපැල් මගින් ලැබී ඇති බවත් ඒවා හැර අනෙක් සියළු වාර්තා එළඹෙන සඳුදා මාධ්‍යයට ඉදිරිපත් කිරීමට තමන් පියවර ගන්නා බවද ඔහු සඳහන් කර තිබෙනවා.










