පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීමට මෙරට ව්‍යවස්ථාවේ ඇති අවස්ථාව ක්‍රිියාත්මක කිරීමේ සැලස්මක් පිලබදව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (29) මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය කළා.
මේ වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැර තමන් පාලනය කරන ආණ්ඩුව තීරණය කිරීමට නැවත ජනතාවට ලබාදෙන වෑයමක කටයුතු කරන බව ගම්මන්පිල මහතා සදහන් කළේය.
එතුමා වැඩි දුරටත් කියා සිටියේ ඉදිරියේදී ඉන්දියාවෙන් ලැබෙන ණය පහසුකමෙන් ලබා දෙන සහන අවසන් වූ පසු නැවතත් ජනතාවගේ දුෂ්කර කාලය උදාවීමෙන් ජනතාව පාරට බැස අරගල කර ආණ්ඩුව ගෙදර යෑවීමට අවශ්‍ය වාතාවරණ රටේ සකස් වන බවත් එහිදී එයට නායකත්වය දෙන අලුත් නායක බිහි වෙන බවත්ය.










