තෙල් මිල සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කොට ඇති බව දැනගන්නට තිබේ.
එහිදී ගම්මන්පිල මහතා සිය යෝජනාව මගින් දැනුම් දී ඇත්තේ තෙල් සම්බන්ධයෙන් සලාක ක්‍රමයක් ඇති කළ යුතු බවකි.
ඒ හරහා අත්‍යවශ්‍ය ජන කොටස්වලට අඩු මිලට තෙල් ලබා දීමේ වැඩපිලිවෙළක් සකස් කළ හැකි බවද ගම්මන්පිල මහතා පෙන්වා දී ඇත.
කෙසේවෙතත් ගම්මන්පිල මහතා මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට පැහැදිලි කරද්දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ සලාක ක්‍රමයක් ඇති කිරීමට ගියහොත් ජනතාව තවදුරටත් පීඩාවට පත්වීම වැළැක්විය නොහැකි බවකි.
එමනිසා ගම්මන්පිල මහතාගේ සලාක ක්‍රමයට එතරම් යහපත් ප්‍රතිචාරයක් අගමැතිවරයාගෙන් ලැබී නොමැති බව දැනගන්නට ඇත.
එහිදී ජනාධිපතිවරයා දැන් තෙල් මිල ඉහළ නංවා අවසන් බවත්, තවදුරටත් ඒ පිළිබදව කැබිනට් මණ්ඩලයේ සාකච්ජා කිරීම පලක් නොමැති බවත් කියමින් එම මාතෘකාව අවසන් කිරීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ.










