එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.Sri Lanka Latest News
සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම වගඋත්තරකරුවන් ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.










