• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාස එකහමාරකට කලින් දාපු කන්ටේනර් 323 පන්නපු පැමිණිල්ලට මොකද වුණේ? ඇමැති බිමල්ගේ නියෝගය මත තමයි මේක කළේ කියලා රේගු අධ්‍යක්ෂ ජනරාල් ලිඛිතව කියලා තියෙනවා! නියෝජ්‍ය ඇමැති කියනවා කන්ටේනර් නිදහස් කරන්න ඒ අය උපදෙස් දුන්නා කියලා! අත්අඩංගුවට ගන්න කියලා නියෝග තියෙද්දිත් ඇමැති වසන්ත සමරසිංහ තාම නිදැල්ලේ! පරණ හොරු වගේම අලුත් හොරුත් අල්ලන්න! ගම්මන්පිල අල්ලස් කොමිසමේ වැඩ බලන්න CIDයට එයි! VIDEO I Sri Lanka Latest News

July 18, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

රේගුව විසින් නිසි පරික්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය විසින් අල්ලස් කොමිසමට ගොනුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් යළි සිහිපත් කිරීමේ ලිපියක් එම කොමිසමට භාර දීමෙන් අනතුරුව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වීය.Sri Lanka Latest News

අද අපි අල්ලස් කොමිසමට ආවේ අරමුණු දෙකකට. කන්ටේනර් 323 ක් නිදහස් කිරීමේ මහා වංචාව පිළිබඳව අප පක්ෂය වෙනුවෙන් පක්ෂයේ සංස්කෘතික ලේකම් ශිරන්ත ජයලත් මහතා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා ජූනි 02 දා. මාස එකහමාරක් ගත වී තිබුණත් කිසිම ප්‍රගතියක් අප ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් දැක්කේ නෑ. බිමල් රත්නායක අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත් කොඩිතුවක්කු  මේ වංචාවට ඍජුවම වගකිව යුතුයි කියලා අපි මේ පැමිණිල්ලේ දී සාක්ෂි සහිතවම පෙන්වා දුන්නා. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිඛිතව ප්‍රකාශ කරලා තියෙනවා බිමල් රත්නායක අමාත්‍යවරයාගේ නියෝගය මත තමන් කටයුතු කළා කියලා. නමුත් බිමල් රත්නායක අමාත්‍යවරයාට එවැනි නියෝගයක් ලබා දෙන්න නීතිමය බලයක් නෑ.

අල්ලස් කොමිසම මේ දවස් වල ඉතාම කාර්යබහුලව දූෂකයන් අල්ලන්න, පරණ හොරුන් අල්ලන්න කටයුතු කරගෙන යන නිසා අලුත් හොරු අල්ලන එක අමතක වෙලා වගේ අපිට පේනවා.  ඉතිං අපි හිතුවා අපේ වගකීමක් කියලා අල්ලස් කොමිසමට අපේ පැමිණිල්ල යළි සිහිපත් කරන එක.

ලක්ෂ පහළොවකට සුබ පැතීමේ දැන්වීමක් පුවත්පතකින් පළ කිරීමට වඩා, කැරම් බෝඩ් බෙදනවට වඩා, බඩ ඉරිඟු කරලක් බෙදනවාට වඩා මේ බහාලුම් 323 ක දැවැන්ත වංචාව රටට භයානකයි.  බඩඉරිඟු බෙදලා, කැරම්බෝඩ් බෙදලා, දැන්වීම් දාලා විනාශවන මහජන මුදලට වඩා වැඩි මුදලක් මේ කන්ටේනර් 323 නේ ප්‍රකාශිත භාණ්ඩවලට වඩා වැඩි වටිනාකම් සහිත භාණ්ඩ තිබුණා නම් රජයට අහිමි වෙනවා. ඒවාගේම රේගු නිලධාරින් සැක පහළ කරන විදිහට මේවායේ අවි සහ මත්ද්‍රව්‍ය තිබුණා නම් ජාතික ආරක්ෂාවට මහජන ආරක්ෂාවට විශාල තර්ජනයක් එල්ල වෙනවා.

ඒ නිසා අපි අල්ලස් කොමිසමට කියනවා තමන්ට නිලධාරීන්ගේ, සම්පත්වල හිඟයක් තියෙනවා නම් පුංචි පුංචි පැමිණිලි වල විමර්ශන කටයුතු තාවකාලිකව නවතා හරි ජාතියේ මහා වංචාව වූ මෙම බහාළුන් තුන්සිය විසිතුණේ වංචාව පිළිබඳව සොයන්න කොමිසම සතුව තියෙන සම්පත් පාවිච්චි කරන්න කියලා.

ඉස්සර නම් මුක්තිය හිමිවුණේ ජනාධිපතිවරයාට.  මේ ආණ්ඩුව මාලිමාවට ගෑවුණු කෙනෙක්වත් අත්අඩංගුවට නොගන්නා අමුතු මුක්තියක් දීලා තියෙනව. දැන් අර කොටහේනේ පාසැල් දැරිවිය සියදිවි හානි කර ගන්නා තත්ත්වයට පෙළඹවීම සම්බන්ධයෙන් සැකකරුවා පාර්ලිමේන්තු ඡන්දයේ දී  මාලිමා අපේක්ෂකයෙකු නිසාම, උතුරු කොළඹ මාලිමා සංවිධායක වූ නිසාම අත්අඩංගුවට ගන්නවා වෙනුවට  පොලිසිය ඔහුගේ නිවසටත් ආරක්‍ෂාව ලබා දුන්නා.

ඉංග්‍රීසි ආණ්ඩුව කාලෙ ඉඳන්ම පොලිස් කෝලම කියල එකක් තිබ්බා. නව ආණ්ඩුවක් ආවහම විපක්ෂයේ ඉන්න දේශපාලකයන් අත්අඩංගුවට ගැනීම අලුත් දෙයක් නෙමෙයි. අවුරුදු පනස් පහක් පරණ දෙයක්. ගෝඨාභය ජනාධිපතිවරයාගේ ජනාධිපති සටනේ අනුරාධපුරයට නායකත්වය ලබා දුන් එස්.එම්.චන්ද්‍රසේන අමාත්‍යවරයාගේ  බිරිඳ සහ සොහොයුරාට  අල්ලස් කොමිසම නඩු පවරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ධුර කාලය තුළමයි. මේක තවත් ඉස්සරහට ගිහිල්ල රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කාලේ දී ඉතිහාසයේ ප්‍රථම වරට කැබිනට් අමාත්‍යවරයෙකු අත්අඩංගුවට පත්වෙනවා.  ඔබට ගෝඨාභය රනිල් ජනාධිපතිවරුන් අභිබවා යාමට බැයි නං මේ ආණ්ඩුවේ සිටින හොරුන් අත්අඩංගුවට අරගෙන එ ජනාධිපතිවරුන් දෙදෙනාට සම වන්නට හෝ කටයුතු කරන්නේ යි මම ජනපති අනුර කුමාර මැතිතුමාගෙන්  ඉල්ලා සිටිනවා.

ඒ වගේම සඳහන් කල යුතුයි ගල්කිස්ස උසාවියෙන් අත්අඩංගුවට ගන්න කියලා සඳහන් කරලා තියෙන දූෂණ විරෝධී පෙරමුණේ නායක වසන්ත සමරසිංහ අමාත්‍යවරයා තාමත් නිදැල්ලේ පසු වෙනවා. බහාලුම් වංචාවට මාස හයක් ගතවේද්දී බිමල් රත්නායක අමාත්‍යවරයා තවමත් නිදැල්ලේ.

ඒවගේම ජනිත් කොඩිතුවක්කු නියෝජ්‍ය අමාත්‍යවරයා ජනවාරි මාසෙ පහළොස්වැනිදා කියනවා කන්ටේනර් නිදහස් කිරීමට ඔවුන් උපදෙස් දුන් බව. ඔහුම ජනවාරි මස 24 වැනිදා කියනවා මෙම කන්ටේනර් නිදහස් කිරීමෙන් වරදක් වෙලා තියෙනවා නම් එහි වගකීම ආණ්ඩුව භාර ගන්නවා කියලා. මුදල් අමාත්‍යාංශය විසින් පත් කළ කමිටුවක් දැන් මෙහි බරපතළ වරදක් වෙලා තියෙනවා කියලා නිගමනය කරලයි තියෙන්නේ.  අපි අද ඒ වාර්තාවත් අල්ලස් කොමිසමට භාර දුන්නා. ඉතින් සියලු සැකකරුවන් අත්අඩංගුවට ගනීවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය

මේකත් නිලධාරීන්ගේ ඇගෙන්ම යයිද ?

පිළිතුර

අපි දැක්කා සමහරු මේක නිලධාරීන් පිට දාලා බේරෙන්න හදනව.  කොඩි තුවක්කු නියෝජ්‍ය අමාත්‍යවරයා කියනවා මේකට සම්බන්ධ නිලධාරීන්ට දඬුවම් කරනවා කියල.  ඔහුට මතක නෑ. ඔහු මුලින්ම මේ සම්බන්ධව කියපු කතාව. මේ වගේම ජනාධිපතිවරයාත් මෑතක දී කිව්වා අමාත්‍යවරයකුගේ නියෝගයක් මත තමන් වැරදි කළා නම් නිලධාරීන් ඒ බව කියලා ඔවුන්ට බේරෙන්න පුළුවන් කියලා. ඉතිං අපි නිලධාරීන්ට කියනවා ඇමතිවරු රකින්න ගිහිල්ලා අමාරුවේ වැටෙන්නැතුව ජනාධිපතිතුමාගේ උපදෙස් මත කටයුතු කරන්න කියලා.

ප්‍රශ්නය

ජනාධිපතිතුමාණං කිව්වේ එයා ණයත් නෑ බයත් නෑ කියල

පිළිතුර

එතුමා කාට නැතත් බිමල් ඇමතිතුමාට නම් බයයි කියලා පේනවා. එතුමට නම් ණයත් පාටයි බයත් පාටයි.  නැත්නම් කියව කියව ඉන්නේ නැතුව ඔප්පු කරන්න කියලා අපි ජනාධිපතිතුමාට අභියෝග කරනවා.

SendShareShare
Previous Post

සජිත් ගැනත් හොයන්න! ඒක හොඳයි! කිසි ප්‍රශ්නයක් නෑ! ඒ වගේම රතු ලේබල් ගහලා තිබ්බ කන්ටේනර් නිදහස් කරපු එකත් හොයන්න ඕනේ! ට්‍රම්ප්ගේ බද්ද අඩු කරගන්න මහින්ද සමරසිංහ ලොකු වැඩකොටසක් කළා! අඩු තරමේ ඒක පිළිගන්නවත් මේ ආණ්ඩුව සූදානම් නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

‘ඔව් මට වැරදුණා..! ඒක මම පිළිගන්නවා..!’ කැබිනට් අමාත්‍ය අනිල් ජයන්ත ඔළුව උදුම්මාගෙන ඉන්න සියලුම දේශපාලඥයන්ට හොඳ පූර්වාදර්ශයක් දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.