පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොකළ වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට තමා සූදානම් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවැසීය.Sri Lanka Latest News
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ එස්.අයි. ඉමාම් සහ ඒ.එන්.ජේ. ද අල්විස් වාර්තා දෙක තමාට පසුගිය 10 වැනිදා තැපැල් මගින් ලැබුණු බවත් ඒ මහතා කියා සිටියේය.
ප්‍රසිද්ධ කර නොමැති වාර්තා දෙක තමා ප්‍රසිද්ධ නොකිරීම පිළිබඳව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා ඊයේ කැබිනට් හමුවේදී අදහස් දැක්වූ බවත්, එම ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට තමා ජනාධිපතිවරයාට සතියක කාලයක් ලබාදී තිබෙන බවත් හෙතෙම පැවසීය.
පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරයා කටුවපිටිය දේවස්ථානයට හිස් අතින් යෑම වැරදි බවත් ජනාධිපතිවරයා එම දේවස්ථානයට යනවිට ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙක රැගෙන යෑමට තිබුණු බව පැවසූ බවත් ගම්මන්පිල මහතා කීය.
එස්.අයි. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටු වාර්තාව 2024 ජුනි 24 – 25 දිනවලටත් විශ්‍රාමික විනිසුරු ඒ.එන්.ජේ. ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන්යුත් වාර්තාව 2024 සැප්තැම්බර් 14දාත් හිටපු ජනාධිපතිවරයාට භාරදී තිබෙන බවද උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් කියා සිටියේය.










