ජනාධිපති ලේකම් ධුරයෙන් විශ්‍රාම ලැබූ පසු රජයේ උපදේශක තනතුරක් හෝ වෙනත් කිසිදු රාජ්‍ය වගකීමක් බාර නොගැනීමට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර තීරණය කොට ඇත.
ජනාධිපති ලේකම් ධුරයෙන් සමුගත් පසු තමන්ගේ රාජකාරි අත්දැකීම් අලලා ග්‍රන්ථයක් සම්පාදනය කිරීමට සූදානමින් සිටින ජයසුන්දර මහතා ඉදිරි විශ්‍රාම දිවිය විවේකීව ගතකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම අභිනව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාට සුබපැතුම් එක් කර ඇති ආචාර්ය ජයසුන්දර මහතා හෙතෙම මෙම තනතුර දැරීමට අත්දැකීම් හා හැකියාව ඇති කාර්යක්ෂම නිලධරයකු බව ද සඳහන් කොට ඇත.










