• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාර්ලිමේන්තුව ඇතුළේ ආචාර්ය මහාචාර්ය පට්ටම් දිනෙන් දින ගැළවෙන්නේ ඇයි? දේශපාලනයේදී මහාචාර්ය තනතුර දාන්න පුළුවන් ජී.එල්. පීරිස්ටයි රංජිත් බණ්ඩාරටයි විතරයි! Sri Lanka Latest News

February 2, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
පාර්ලිමේන්තුව ඇතුළේ ආචාර්ය මහාචාර්ය පට්ටම් දිනෙන් දින ගැළවෙන්නේ ඇයි? දේශපාලනයේදී මහාචාර්ය තනතුර දාන්න පුළුවන් ජී.එල්. පීරිස්ටයි රංජිත් බණ්ඩාරටයි විතරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තුවට අවශ්‍ය වන්නේ දේශපාලනඥයන්ද එසේත් නැතිනම් යම් විෂයක උගතුන් බුද්ධිමතුන් ආචාර්ය මහාචාර්යවරුන්ද යන ප්‍රබල ගැටලුව අද වනවිට ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ. මහ මැතිවරණයෙන් අනතුරුව කතානායක ලෙස පත්කෙරුණු අශෝක රන්වල ඔහුගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් යොදා තිබූ අතර, ඔහුට එය මේ දක්වා සනාථ කිරීමට නොහැකි වීම නිසා කතානායක ධුරය පවා අහිමි වන්නේ වත්මන් ආණ්ඩුවේ මුහුණේ පමණක් නොව මුළු කඳ පුරාම මඩ දැලි තවරමිනි.

ඉන් අනතුරුව එසේ ආචාර්ය මහාචාර්ය පට්ටම් තම නම්වලට ඉදිරියෙන් යොදාගෙන පසුගිය කාලය පුරා ජනතාව අතර වැජඹුණු පාර්ලිමේන්තුව නියෝජනය කරන සැලකිය යුතු පිරිසකක් ඔවුන්ගේ නමට ඉදිරියෙන් ඔවුන් විසින්ම භාවිත කළ අචාර්ය මහාචාර්ය පට්ටම ගලවා දැමූහ. එහි ආසන්නම සිදුවීම මාධ්‍ය වාර්තා කරන ආකාරයට මහනුවර දිස්ත්‍රික්කයේ එක්තරා මන්ත්‍රීවරයකු ඔහුට හිමි නැති තනතුරක් යොදාගනිමින් එංගලන්තයට යාමට වීසා ඉල්ලා එම වීසා අයැදුම්පත එරට විසින් ප්‍රතික්ෂේප කිරීමේ සිදුවීමයි. තවත් එවැනි දේ ඉදිරියටත් සිදුවිය හැකි බවට විශ්වවිද්‍යාල තුළ සැබෑ ලෙසම ආචාර්ය මහාචාර්යවරුන් ලෙස කටයුතු කරන පිරිස අතර මේ දිනවල ප්‍රබල කතාබහක් මතුවී තිබේ. ඊට හේතුව මේ කියන ආචාර්ය මහාචාර්යවරුන් සත්‍ය වශයෙන්ම ආචාර්ය මහාචාර්යවරුන්ද කියා හොඳින් දන්නේ ඔවුන් නිසාය.

එවන් තත්ත්වයක් හමුවේ අප මේ පිළිබඳ කරුණු හොඳින් දන්නා පුද්ගලයකු හා සාකච්ඡා කළෙමු. ඔහු වෙන කවුරුත් නොව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපති ගාමිණී සමරනායක මහතාය.

අපි එතුමාට ඇහුම්කන් දෙමු.

මහාචාර්ය නාමය විශ්වවිද්‍යාලය තුළ වැටුප් වැඩිකිරීම හා උසස් වීම් ඇතුළු විශ්වවිද්‍යාල අභ්‍යන්තර කටයුතු සඳහා යොදාගන්නා තනතුරක් පමණයි. එය සාමාන්‍ය සමාජයට හෝ දේශපාලනට කිසිසේත් වැදගත් තනතුරක් නොවේ.

විශ්වවිද්‍යාල තුළ වසර දහයක් අධ්‍යයන කටයුතුවල නිරත වූ මහාචාර්යවරයකුට පමණක් ඔහු එම ධුරයෙන් ඉවත් වනවිට මහාචාර්ය නාමය ඉදිරියට භාවිත කිරීම සඳහා අවසර ඉල්ලා සිටිය හැකියි. ඒ සඳහා විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වෙනවා. මේ රටේ පමණක් නොව ලොව බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල දේශපාලනය කිරීම සඳහා ආචාර්ය මහාචාර්යකම් කිසිසේත්ම සුදුසුකමක් වෙන්නේ නැහැ. දේශපාලනය උගතුන්ට පමණක් සීමාවිය යුතුය යන මතය සමාජගත කිරීම රටේ දේශපාලන පැවැත්මට යහපත් නොවන දෙයක්. රැකියාවකට උපාධිය අවශ්‍යයි. එහෙත් දේශපාලනයට එන්න උපාධියක් අවශ්‍යයි කියල කොහෙවත් කියල නැහැ. ඇතැමුන් මේ බොරු මතයක් හදාගෙන ඉන්නේ.

දේශපාලනයට අවශ්‍ය වන්නේ පරිපාලන දැනුමයි. මගේ දැනුමේ හැටියට ජී.එල්. පීරිස් මහතාට හා රන්ජිත් බණ්ඩාර මහතාට මහාචර්ය නාමය භාවිත කරන්න පුළුවන්. ඔවුන්ට ඒ ඒ විශ්වවිද්‍යාලවලින් ඒ සඳහා අවසර ලබාදී තිබෙනවා. හුඟදෙනෙක් ඔය ආචාර්ය මහාචාර්ය නම සමාජයේ භාවිත කරන්නේ වැරදි විදියට. තමන් අන් අයට වඩා සමාජයේ උසස් කියල පෙන්වන්න මේ තනතුරු යොදාගැනීම වැරදියි. මේ රටේ පමණක් නොවෙයි එංගලන්තයේ පාර්ලිමේන්තුවේ පවා යම් ක්ෂේත්‍රයක ප්‍රවීණයන් වගේම එසේ නොවන අයත් ඉන්නවා. ඒ සියලු දෙනාම ජනතා නියෝජිතයන් විතරයි. එහෙම නැතිව යම් අංශයක විශේෂ දැනුමක් තිබුණ කියලා විශේෂ වරප්‍රසාද හිමිවන්නේ නැහැ.

අපේ රටේ දේශපාලන නායකයන් අතුරින් ඔය කියන උගත්කම් පිළිබඳ එදා සිරිමාවෝ මැතිනියගේ කාලෙත් විවිධ පිරිස් ප්‍රශ්න මතුකළා. එදා ඩී.එස්. සේනානායක හා මැතිනිය සම්බන්ධ කරගනිමින් උගත්කම ගැන කතා කළා. අඩු අධ්‍යාපන සුදුසුකම් තිබුණු බව කියූ සිරිමාවෝ මැතිනිය සාර්ථකව රට පාලනය කළා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාටත් ඔය කියන උගත්කමේ ගැටලුව ආවා. ඔහුට විශ්වවිද්‍යාලයක ආචාර්ය මහාචාර්යකමක් නැහැ කියමින් ඔහුට අපහාස කළ පිරිස් හිටියා. නමුත් ඔක්ස්ෆර්ඩ් කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලවල ඉගෙනගෙන මෙරට දේශපාලනය කළ අයට වඩා හොඳින් ඔහු රාජ්‍ය පාලනය ගෙන ගියා. ඒ නිසයි මම මුලින් සඳහන් කළේ රටක දේශපාලනයට ආචාර්ය මහාචාර්යකම්වලට වඩා වැදගත් වන්නේ සමාජ දේශපාලන දැනුම හා පරිපාලන දැනුම කියලා.

කිසිවකු විසින් තම නමට ඉදිරියෙන් තමන්ට නොමැති තනතුරක් නිලයක් භාවිත කිරීම සම්බන්ධයෙන්ද ගාමිණී සමරනායක මහතා අප සමග අදහස් දැක්වීය.
කිසිවකු එසේ නමට ඉදිරියෙන් වංචනිකව ආචාර්ය මහාචාර්යකම් භාවිත කළා කියලා ඔහුට විරුද්ධව විශ්වවිද්‍යාලයට නීතිමය පියවරක් ගන්න හැකියාවක් නැහැ. රටේ නීතිය අනුවත් එම කටයුත්ත සංකීර්ණ ක්‍රියාවලියක්. නමුත් එක දෙයක් කියන්න ඕනෑ. තමන්ගේ නමට ඉදිරියෙන් බොරු පට්ටම් දාගෙන ඒවා සමාජගත කරලා ඉහළින් වැජඹෙන්න හදන අය උගත් බුද්ධිමත් ප්‍රජාව අතර අවතක්සේරුවට අවඥාවට ලක්වෙනවා. ඒ දඬුවම අන් සියලු දඬුවම්වලට වඩා ප්‍රබලයි.

සරත් සමරනායක

SendShareShare
Previous Post

ක්‍රිෂ් චෝදනාවට නඩු දාලා මේ පැත්ත බලන්නවත් ලැබුණෙ නෑ! නාමල්ට තවත් ලොකු නඩුවක් වැටෙයි! I Sri Lanka Latest News

Next Post

‘අපි හැදුවා ‘මාලිමාව එක මිටට’ කියලා! ඒ අය හදන්න යනවා ‘හොරු එක පෙළට’ කියලා! බැංකු හොරුන්ගේ ඉඳලා එකතුවෙන්න යන්නේ! අපිත් බලන් ඉන්නේ තවත් හතරපස් දෙනෙක් එතනට එකතු වෙනකම්! ඊට පස්සේ ඒ හොරු ටික එක මිටට අපිට අල්ලන්න පුළුවන්!’ ආණ්ඩුවත් බලන් ඉන්නේ විපක්ෂය හොරුත් එක්ක එකතු වෙනකම් වගේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

Load More
Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි...

Read more
කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.