• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉතාලියේ සිට ජී.එල්. ජිනීවාවලට උත්තර දෙයි!

September 14, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
පාස්කු නිර්දේශ ක්‍රියාත්මක කරන්න බෑ: ආණ්ඩුව මතය කියයි
Share on WhatsAppShare on Facebook

විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා අද (14) ඉතාලියේ සිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසි වාරය අමතමින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.

එහිදී ඔහු සඳහන් කළේ, 46/1 යෝජනාව මගින් පිහිටුවන ලද බාහිර ක්‍රියාකාරකම් සඳහා වන යෝජනාව ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරන බවය.

එමෙන්ම මානව හිමිකම් ඇතුළු විවිධ කරුණු සම්බන්ධයෙන් දේශීය ක්‍රීයාවලීන් මගින් කටයුතු කරන බවද විදේශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එම සම්පූර්ණ ප්‍රකාශය මෙසේය,

සභාපතිතුමියනි,

අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ අප විසින් ස්වේච්ඡාවෙන් භාර ගන්නා ලද ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව, මෙම කවුන්සිලය සහ එක්සත් ජාතීන් විසින් නියම කරන ලද මානව හිමිකම් පද්ධතිය සමඟ අපගේ ශක්තිමත් හා අඛණ්ඩ සහයෝගීතාව පිළිබඳව අවධාරණය කරමින් මම ආරම්භ කරමි.

වසර 12 කට පෙර, ශ්‍රී ලංකාව විසින් එල්ටීටීඊ ත්‍රස්තවාදය එහි භූමියෙන් තුරන් කරන ලදී. අපි අපගේ ජනතාවගේ යහපත උදෙසා සාමය, ආරක්‍ෂාව සහ ස්ථාවරභාවය යළි ස්ථාපිත කොට ඇත්තෙමු. අපි අපගේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන් ශක්තිමත් ලෙස රඳවාගෙන සිටි අතර, මෑතක දී පැවති 2019 ජනාධිපතිවරණය සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණය ඇතුළුව, විධිමත් කාල පරිච්ඡේදවල දී ඉහළ මට්ටමක ඡන්ද දායකයින්ගේ සහභාගීත්වයෙන් යුතුව මැතිවරණ පැවැත්විණි. පළාත් සභා මැතිවරණ ද හැකි ඉක්මනින් පැවැත්වීම සඳහා රජය කැපවී සිටී.

අපි පශ්චාත්-ගැටුම් තත්ත්වයක් තුළ සුවය ලැබීමේ දෘෂ්ඨි කෝණයෙන් යථා තත්ත්වයට පත් වීම සඳහා කටයුතු කරමින් සිටිමු. ඉතා මෑතක දී, බරපතල ත්‍රස්තවාදී අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූ LTTE සාමාජිකයින් 16 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දෙන ලදී. ගැටුම්වලින් අනතුරුව බිම්බෝම්බ ඉවත් කිරීම, ප්‍රතිසංස්කරණය හා නැවත පදිංචි කිරීමේ වැඩසටහන්වල සාර්ථකත්වය මඟින්, ජාතික සංහිඳියාව සඳහා අතිමහත් දායකත්වයක් ලබා දී ඇත.

විනාශකාරී කොවිඩ්-19 වසංගතයේ දෛනික අභියෝග මධ්‍යයේ වුවද, දේශීය ක්‍රියාවලිවල ප්‍රගතිය ඉස්මතු කර දැක්වීමට මට අවසර දෙන්න:

  • අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) එහි මූලික කාර්‍ය ලෙස, අනෙකුත් ආයතන සමඟ සහයෝගයෙන් යුතුව අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුව සකස් කොට අවසන් කරමින් සිටී.
  • වන්දි ගෙවීමේ කාර්යාලය (OR) විසින් මෙම වසරේ දී හිමිකම් ඉල්ලීම් 3,775 ක් සකස් කොට ඇත.
  • ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වූ කාර්යාලය (ONUR) සිය කරුණු 8 කින් සමන්විත ක්‍රියාකාරී සැලැස්ම අඛණ්ඩව ක්‍රියාත්මක කරයි.
  • ජාතික මානව හිමිකම් කොමිසම සිය  වරම ක්‍රියාත්මක කරයි.
  • තිරසාර සංවර්ධන ඉලක්ක 16 පිළිබඳ මෙහෙයුම් කමිටුවක් සාමය, යුක්තිය සහ ශක්තිමත් ආයතන වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කරමින් සිටී.
  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව නැවත සලකා බැලීමට සහ ජාත්‍යන්තර සම්මතයන්ට හා විශිෂ්ඨ පරිචයන්ට අනුකූලව එය ගෙන ඒම සඳහා අමාත්‍ය මණ්ඩලයීය අනු කමිටුවක් පත් කරන ලදී. මේ මස අවසානයේ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරනු ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ සිද්ධීන් පිළිබඳව සොයා බැලීමට සහ එවැනි නඩු කඩිනමින් විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පිණිස උපදේශක මණ්ඩලයක් පත් කරන ලදී. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වන නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම ද සිදු වෙමින් පවතී.
  • වගවීම සහ අතුරුදහන් වූවන් පිළිබඳ ගැටලු විසඳීම සඳහා සහ කලින් පැවති කොමිෂන් සභාවල නිර්දේශ නැවත සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විමසන විනිසුරුවරයෙකුගේ මූලිකත්වයෙන් පරීක්ෂණ කොමිෂන් සභාවක් පිහිටුවන ලදී. මෙම පරීක්ෂණ කොමිෂන් සභාව සිය අතුරු වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය. ඒ පිළිබඳ අවසන් වාර්තාව ඉදිරි මාස 06 ඇතුළත භාර දෙනු ඇත.
  • ඔවුන්ගේ දැක්ම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සහ සංහිඳියාව හා සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන්ගේ සහයෝගය උපයෝගී කර ගැනීම පිණිස, අපි සිවිල් සමාජය සමඟ දැඩි සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන්නෙමු.සභාපතිතුමියනි,
  • සෑම අතින්ම නිසි නීති ක්‍රියාවලියට අනුකූල වෙමින්, ශ්‍රී ලංකාව 2019 පාස්කු ඉරුදින එල්ල වූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයේ අපරාධකරුවන් පිළිබඳව අඛණ්ඩව සොයා බලා නඩු පවරමින් සිටී. සැම විටම සිදු කරන පරිදි, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ දී සහ සෑම ආගමකටම අයත් ශ්‍රී ලාංකිකයින් ආරක්ෂා කිරීමේ දී අපි සුපරීක්ෂාකාරීව සිටින්නෙමු.

සභාපතිතුමියනි,

දේශීය ක්‍රියාවලීන් මඟින් අදාළ කාරණා පිළිබඳව ශක්තිමත් ලෙස කටයුතු කරන අතර, 46/1 යෝජනාව මඟින් පිහිටුවන ලදැයි කියනු ලබන බාහිර ක්‍රියාමාර්ග සඳහා වන යෝජනාව අපි ප්‍රතික්ෂේප කරමු. 30/1 යෝජනාව සමඟ අප විසින් අත්විඳ ඇති පරිදි, මෙය මඟින් අපගේ සමාජය ධ්‍රැවීකරණය වනු ඇත. මෙම සභාව විසින් එහි මූලාරම්භක මූලධර්ම පිළිපැදිය යුතුව ඇත. අදාළ රටේ සහයෝගය නොමැතිව ආරම්භ කරන ලද බාහිර මුලපිරීම්වලට ඒවායෙහි ප්‍රකාශිත ඉලක්ක සපුරා ගත නොහැකි වන අතර, ඒවා දේශපාලනීකරණයට යටත් වනු ඇත. විශේෂයෙන් ඒවා ලෝකයේ බොහෝ ප්‍රදේශවල මානුෂීය හා වෙනත් සාධනීය අරමුණු සඳහා හදිසි අවශ්‍යතාවයන්ව පැවතිය දී, මෙම මුලපිරීම සඳහා සම්පත් වැය කිරීම අනවශ්‍ය කටයුත්තකි.

සභාපතිතුමියනි,

වර්තමාන කොවිඩ්-19 වසංගතයේ දැඩි අභියෝග යටතේ, ප්‍රජාවගේ ජීවිතය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සැපයීම සහතික කිරීම රජයක මූලික යුතුකමක් ලෙස අපි සලකමු. අපි අපගේ අභියෝග විවෘතව පිළිගන්නා අතර, වගකිව යුතු ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ලෙස වගවීම, සංහිඳියාව , මානව හිමිකම්, සාමය සහ තිරසාර සංවර්ධනය යන කරුණු සම්බන්ධ සමස්ත පරාසයකම ස්පෘශ්‍ය ප්‍රගතියක් ලබා ගැනීම සඳහා අපි කැපවී සිටින්නෙමු.

සභාපතිතුමියනි, මම ඔබට ස්තූතිවන්ත වෙමි.

SendShareShare
Previous Post

රවී ආණ්ඩුවේ ඇමැතිගෙනුයි මන්ත්‍රීවරියකගෙනුයි සතියකින් මිලියන 400ක් ඉල්ලලා!

Next Post

බැසිල් නොවැම්බරයේදී ඇලඩින්ගේ පුදුම පහන ගේනවා! (VIDEO)

MORE NEWS

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අද වන විට බලතල ත්‍රිත්වයක් මත ගොඩනැගුණු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තුළ විධායකය ක්‍රමානුකූලව බලය ශක්තිමත් කරමින් ව්‍යවස්ථාදායකයේ බලය පලුදු කරන්නටත් අධිකරණ...

Read more
සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.