මහනුවර නගරයේ විදී පුරා වෙළදාමේ නිරත පදික වෙළඳුන් ඉවත් කිරීමට මහනුවර මහ නගර සභාවේදී විශේෂ යෝජනාවක් සම්මත කෙරෙණි .Sri Lanka Latest News
පුරපති චන්ද්‍රසිරි විජේනායක මහතගේ ප්‍රධානත්වයෙන් මහනුවර මහ නගර සභාවේ දෙවන සභා වාරය අද 18 රැස් වූ අතර එහිදී සර්ව ජන බලය පක්ෂයේ මන්ත්‍රී රෝහිත ලාල් ධර්මසිරි මහතා කාලයක් පුරා නගරයේ සිදු කෙරෙන මගී ජනතාවට පීඩාකාරී පදික වෙළදාමේ නිරත වන්නන් ඉවත් කිරීමට සභාවේ මන්ත්‍රී වරුන්ගේ කැමැත්ත විමසා යෝජනාවක් ගෙන ආ අතර එම යෝජනාවට පක්ෂ විපක්ෂ මන්ත්‍රී වරුන් අත් ඔසවා ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශ කළහ.
ඒ අනුව මහනුවර නගරයේ අනවසර පදික වෙළදාම් කටයුතු මින් ඉදිරියට තහනම් කිරීමේ යෝජනාව ඒකමතිකව සභා සම්මත විය.
ඉන් පසුව අදහස් දැක්වූ මහනුවර පුරපති චන්ද්‍රසිරි විජේනායක මහතා සභාව හමුවේ පවසා සිටියේ ඇසල පෙරහර මංගල්‍යය වෙනුවෙන් නගරයේ මෙම පදික වෙළඳුන් ඉවත් කිරීම පෙරහර සමයේ සිදු කරන බවත් එසේ ඉවත් කරන පදික වෙළඳුන්ට පෙරහර මංගල්‍යය අවසන් වීමෙන් පසුව යළි නගරයේ පදික වේදිකා තුල වෙළදාම් කිරීමට කිසිඳු අවසර ලබා නොදෙන බවයි.
මේ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුල ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් ඔවුන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද පුරපති වරයා වැඩිදුරටත් පැවසීය .
කැන්ඩි ප්‍රයිම් නිව්ස්











