පාසල් දැරිවියන් අතර ගැබ් ගැනීම් ඉහළ යාමක් නිරීක්ෂණය වී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් අද (18) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.Sri Lanka Latest News
එහිදී ඇය පැවසුවේ, පාසල් දැරිවියන් ගැබ් ගැනීම් ඉහළයාම මෙන්ම පාසල් වයසේ පසුවන මව්වරුන්ගේ ප්‍රමාණයද වැඩි වී ඇති බවයි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර නව යොවුන් දැරිවියන්ට සහ නව යොවුන් පාසල් දරුවන්ට ලිංගිකත්වය සම්බන්ධයෙන් වඩා හොඳ පැහැදිලි අවබෝධයක් ලබා දීමට අවධානය යොමු වී ඇති බවත් ඇය සඳහන් කළා.
එමෙන්ම, ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, ගැබ් ගැනිම වළක්වා ගැනීමට හැකි විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරන ලෙසත් දරුවන් බිහිකිරීමෙන් අනතුරුව අනාත හෝ අත්හලභාවයට පත් කර වින්දිත දරුවන් හැටියට සමාජ ගත කිරීමෙන් වලකින ලෙසයි.










