• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාරාහේන්පිටදී ගෝඨාගේ ගණන් බැලීමේ සිට පොළොන්නරුවේදී ඩඩ්ලිගේ ගණන් හැදීම දක්වා රඟ දැක්වුණු හාල් නාඩගම!

October 13, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
නාරාහේන්පිටදී ගෝඨාගේ ගණන් බැලීමේ සිට පොළොන්නරුවේදී ඩඩ්ලිගේ ගණන් හැදීම දක්වා රඟ දැක්වුණු හාල් නාඩගම!
Share on WhatsAppShare on Facebook

සිංහල රටේ මිනිස්සු බොහෝ කාලයක් තිස්සේ ආභරණයක් විදියට සැලකුවේ නිල්ල නිලන කෙත් යාය. ගම වටකරගත්ත කෙත් යායත් එක්ක තමයි මිනිසුන්ගෙ ජීවිත ගතවෙලා ගියේ. මිනිසුන්ගේ ජීවන චර්යාවෙන් වැඩි කොටසක් තිබුණේ ඕවිටේ, කුඹුරේ, බටවැටියෙ, දෙණිපතේ. මිනිස්සු බඩ වියත රැකගන්න ගොවිතැන් කළාට ඒක සැලකුවේ බුද්ධ භෝගයක් විදියට. පාවර පොළේ චාරිත්‍ර වාරිත්‍ර හැම එකක්ම කළේ දෙවියන්ට බුදුන්ට අවනතව. ඉරට හඳට මහ පොළොවට අහසට වැඳලා පටන් ගත්ත රාජකාරිවලින් මිනිස්සු තමන්ගෙ ගෙවල්වල අටුකොටු පුරවගෙන පුළුවන් විදියට කාලා ඇඳලා ජීවත් වුණා. ඒ කාලෙ මිනිසුන්ට ලොකු උවමනාවල් නොතිබ්බ නිසා වී අටුවේ වී ටික හිස් නොවී තියාගන්න එක තමයි වැදගත්ම දේ වුණේ. දෙවියො බුදුන් වැඳලා කරපු මේ රස්සාව අද වෙනකොට තියෙන්නෙ කොතැනද කියලා අපි කියනවට වඩා ඔබ දන්නවා.

එදා කුඹුරෙන් ආපු වී ඇටේ ගෙදර උයද්දි බත් බවට පත්වෙලා තමන්ගෙ දෑතෙ වීරිය ගැන සිහිපත් කරමින් බත බුලතින් සප්පායම් වුණු අපේ මිනිසුන්ට අද හාල් හොයාගෙන කඩවල් ගානෙ යන්න සිදුවෙලා තියෙනවා. ලෝකෙ හුඟක් රටවල එහෙම තමයි. මිනිසුන්ගෙ ආර්ථිකය වෙනස් වෙලා. කෘෂිකාර්මිකව ජීවත් වෙච්ච මිනිස්සු තමන්ගෙ ගේ දොරවලට අවශ්‍ය කරන කෑම බීම ටික හදාගත්තට මේ වෙනකොට ලෝකෙ කාර්මිකකරණයට ලක්වෙලා. සේවාවලට මිනිස්සු වැඩිපුර යොමුවෙලා. රැකියාවලට හුරු වෙලා. ඒ නිසා බවභෝග බත බුලතට වැඩි ඉඩක් දෙන්න බැරිවෙලා තියෙනවා. ඒක ඇත්ත. ඒත් දැන් වීවල මිල හාල්වල මිල මේවා සුරංගනා කතා බවට පත්වෙලා. මිනිස්සු අසරණ වෙන තැනට පත්වෙලා. පහුගිය කාලෙ මේ ආණ්ඩුව පත්වෙනවත් එක්කම මේ සියලු දේ වෙනුවෙන් නීතිරීති නිර්මාණය වෙන්න පටන් ගත්තා. ඒ නිර්මාණය වීම දිහා සියලු දෙනා බලාගෙන හිටියෙ සතුටින්. ඒ අර 69 ලක්ෂයක් ඡන්දය දුන්නු අය විතරක් නෙවෙයි. ඊට අමතරව සියලු දෙනාම මේ අලුත් වුණු ශ්‍රී ලංකාවෙ අලුත් නීතිරීති දිහා බලාපොරොත්තු සහගතව බලාගෙන හිටියා. ඒත් ශ්‍රී ලංකාවෙ බොහෝ විට සිද්ධ වුණේ අපි බලාපොරොත්තු වුණාට වඩා වෙනස් දේවල්. ඒක අවුරුදු හැත්තෑ ගානක් තිස්සෙම අපි දැකමු දෙයක්. අලුත් ආණ්ඩුව ආපු වෙලාවෙ හාල් මිල එහෙට මෙහෙට කරන එකට විරුද්ධව නැගීහිටපු පාරිභෝගික අධිකාරියෙ මහත්තුරු ඒ වෙනුවෙන් නාරාහේන්පිටට, පොළොන්නරුවට එහෙමත් ගියා. නාරාහේන්පිටට ගිය වෙලාවෙ මිල ගණන් සම්බන්ධ ප්‍රශ්නයකදි කනේ පාරක් කන්නත් කාටදෝ සිද්ධ වුණා. පොළොන්නරුවට ගිහිල්ලා ඩඩ්ලිත් එක්ක මුහුණට මුහුණ හැප්පුණා. ඩඩ්ලිට අභියෝග කළා. ඩඩ්ලිත් අභියෝග කළා. ඩඩ්ලි, සිරිපාල ගම්ලත් ඇතුළු මහාපරිමාණ හාල් මෝල්කරුවො එක මේසෙකට ගෙනල්ලා බන්දුල මහත්තයත් ඒ මේසෙම වාඩිවෙලා ලොකු සාකච්ඡාවක් කළා.

රටේ පොදු චෝදනාවක් තියෙනවා ලංකාවෙ වීවලින් වැඩි ප්‍රමාණයක් අදත් තියෙන්නේ ඩඩ්ලි සිරිසේන මහත්තයගෙ වී මෝලෙ කියලා. හැබැයි ඩඩ්ලි සිරිසේන මහත්තයා, බන්දුල ගුණවර්ධන මහත්තයා ඉන්න මේසෙදි ඒක ඉතාම පැහැදිලිව සහ නිරවුල්ව කියනවා අපි දැක්කා. ඔහු ඒකට කරුණු කිව්වා. සිරිපාල ගම්ලත් ඇතුළු විශාල පිරිසක් ඒ වෙලාවෙත් මේ කාරණාවෙදි මේ මාතෘකාවෙ තමන්ගෙ භූමිකාව මොකක්ද කියලා පැහැදිලි කළා. හැබැයි ඒ පැහැදිලිකිරීම්වල සත්‍ය අසත්‍ය බව හෝ නිරවුල් බව ගැන අපට ලොකු අවබෝධයක් නෑ. කොහොම නමුත් ලංකාවෙ හාල් වෙළෙඳාම ප්‍රධාන වශයෙන් කොටස් තුනක් යටතෙ තමයි සිද්ධ වෙන්නේ. එකක් තමයි පොළොන්නරුව ආශ්‍රිත වී ගබඩා කිරීම සහ හාල් නිෂ්පාදනය. ඊළඟට මරඳගහමුල වී රැගෙන විත් හාල් නිෂ්පාදනය කිරීම. ඊළඟට නාරාහේන්පිට හාල් අලෙවිය. නාරාහේන්පිට සහ පිටකොටුවෙ සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම සිල්ලරටත් වඩා තොග සහල් අලෙවියක්.

හැබැයි නාරාහේන්පිට සහ පිටකොටුවේ හාල් මිල තීරණය වීමට ඍජුව සහ වක්‍රව බලපාන තැන් දෙකක් තමයි පොළොන්නරුව සහ මරඳගහමුල කියලා කියන්නේ. බොහෝ කාලයක් තිස්සේ මරඳගහමුල සහල් වෙළෙඳපොළ ලංකාවෙ හාල් නිෂ්පාදනයේ විශාල භූමිකාවක් නියෝජනය කරනවා. නමුත් මේ වෙනකොට මරඳගහමුල හාල් වෙළෙඳපොළ තියෙන්නේ ඉතා බරපතළ අර්බුදයක. මරඳගහමුල හාල් නිපදවන කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති රංජිත් කරුණාතිලක මහත්තයත් එක්ක අපි නිතරම කතා කරලා තියෙනවා. ඔහු හැම වෙලාවෙම මරඳගහමුල හාල් නිෂ්පාදනය සිද්ධවෙන විදිය ගැන අපිත් එක්ක කතා කරනවා. මේ වන විට මරඳගහමුල හාල් නිෂ්පාදකයන්ගෙන් වැඩි පිරිසක් ඒකෙන් ඉවත් වෙලා තියෙනවා. ඒ වගේම යම් කිසි ප්‍රමාණයක පිරිසක් ඒක කරගෙන ගියත් ඔවුන් ඉන්නේ ඉතා අර්බුදයක. ඒකට හේතුව විදියට ඔවුන් පෙන්වා දෙන්නේ හාල් නිෂ්පාදනයට අවශ්‍ය වී මරඳගහමුලට නොලැබීම. මරඳගහමුලට වී නොලැබෙන්නෙ කොහොමද කියන එකත් විශේෂයෙන් පැහැදිලි කරගන්න ඕනෙ. සාමාන්‍යයෙන් මරඳගහමුල ආශ්‍රිතව වී නිෂ්පාදනය සිද්ධ වෙන්නේ ඉතා අඩුවෙන්. මරඳගහමුලට වී රැගෙන එන්නේ අනුරාධපුරය, පොළොන්නරුව, අම්පාර, කුරුණෑගල වගේ රටේ විවිධ පැතිවලින්. ඒ සඳහා නිර්මාණය වෙච්ච විශේෂිත වෙළෙඳ ක්‍රම සහ ව්‍යාපාරික ක්‍රම මේ නගරයට අයිති සාමාන්‍යයෙන් මරඳගහමුල නගරය එක්තරා පිරිසක් ඉන්නවා, ඔවුන්ගෙ රැකියාව වෙලා තියෙන්නේ පොළොන්නරුවට, අනුරාධපුරට, අම්පාර, වැදවච්චියට, කුරුණෑගලට හෝ කොහෙට හරි ගිහින් ඒවායේ නිෂ්පාදනය වන වී තොග මරඳගහමුලට රැගෙන ඒම. මරඳගහමුල සිද්ධ වෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන්ගෙ කර්මාන්ත ශාලාවල මේ වී හාල් බවට පත්කිරීම. හැබැයි මේ වෙනකොට බොහෝ විට මරඳගහමුලට වී මිලදීගැනීමට බැරිවන තැනටම අද පත්වෙලා කියලයි ඔවුන් කියන්නේ. ඒකට හේතුව විදියට ඔවුන් කියන්නේ පොළොන්නරුව හෝ අනුරාධපුර හෝ කොහේ හෝ වී කැපෙන තැනටම ගිහින් වී මිලට ගැනීමට මහාපරිමාණ මෝල් හිමියෝ පුරුදු වෙලා තිබීම. ඒක ඔවුන් කරන්නෙත් ලේසි පහසු ක්‍රමයකට නෙවෙයි.

අද වෙන කොට කුඹුරේ ගොයම් කැපීම සිදුවෙන්නේ විශේෂ යන්ත්‍ර සූත්‍ර මගින්. ගම්වල ඒවට කියන්නේ ‘භූතයා’ වගේ නම්. එතකොට යන්ත්‍ර සූත්‍රවල ඉඳලාම පිරිවැය දැරීම මේ වෙනකොට එක්තරා පිරිසක් විසින් සිද්ධ කරනවා. ඔවුන් මේ යන්ත්‍රයත් අරගෙන කුඹුරටම ගිහිල්ලා ගොයම් ටික කපලා, ඒකෙන් තමන්ගෙ වියදම අඩු කරලා, ගොවියට අදාළ මුදල ගෙවලා වී ටික අරගෙන යනවයි කියලායි කියන්නේ. එතකොට මේ වී රැගෙන යෑමේදී බොහෝ විට මිල ගණන් රජය පනවූ මිල ගණන්වලට වඩා අඩු වීමටත් වැඩි වීමටත් ඉඩ තියෙනවා. පසුගිය කාල වකවානුවේදී සහල් මිල හදිසියේම පහළ වැටෙන්නේ ඒ ගොයම් කැපෙන කාලය නිසා කියලයි අපට දැනගන්න තියෙන්නේ. මේ ගොයම් කැපෙන කාලයේදී හාල් මිල අඩුකිරීම හරහා වී මිල අඩුවෙනවා. වී මිල අඩු වුණාට පස්සේ මහාපරිමාණ හාල් මෝල් හිමියෝ විශාල වශයෙන් වී මිලදී ගන්නේ අඩු මිලකට. ඒකට හේතුව සහල් තොගවල මිල වෙළෙඳපොළේ අඩුවෙනකොට වීවල මිලත් ඉබේම අඩු වෙනවා. වී මිල අඩු වුණාම අඩු මිලට ගන්නා වීවලට සහල් බවට පත්වීමේදී වැයවන පිරිවැය අඩු වුණත් මේ වෙනකොට වෙළෙඳපොළේ එක්තරා නිශ්චිත මිල ගණන් පනවමින් යනවා තමන්ට අවශ්‍ය අවශ්‍ය විදියට.

ඒ මිල ගණන් පැනවීමේ කාර්යය සිද්ධ කරන්නේ මහාපරිමාණ හාල් මෝල් හිමියෝ. රජය විසින් පනවන ලද පාලන මිලට එරෙහිව මේ මිල ගණන් ප්‍රකාශයට පත්කිරීමත් එක්ක. පොළොන්නරුවේ මහාපරිමාණ හාල් මෝල් හිමියන්ගේ මිලත්, මරඳගහමුල හාල් නිෂ්පාදකයන්ගේ මිලත් සහ දඹුල්ල, පිටකොටුව, නාරාහේන්පිට හාල් වෙළෙඳපොළවල වෙන වෙනම මිල ගණන් සඳහන් වෙන්න පටන් ගන්නවා. එලෙස මිල ගණන් සඳහන් වීමත් එක්කම සුපිරි වෙළෙඳසල් ඇතුළු කඩවල විශාල ප්‍රමාණයක හාල් මිල විශාල ලෙස ඉහළ ගියා. හාල් මිල අඩුවීම එක වරම සිදු නොවුණට, හාල් මිල වැඩිවීම පාරිභෝගිකයාට එක් වරම දැනෙන තැනට පත්වෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. මේ අර්බුදයත් එක්ක මරඳගහමුල හාල් වෙළෙඳපොළේ හාල් උන්හිටි ගමන් නැතිවෙන්න පටන් ගන්නවා. ඒ නැතිවීමත් එක්ක වැඩි මිලට කීරි සම්බා ඇතුළු ඇතැම් සහල් වර්ග මිලට ගන්න මරඳගහමුලෙන් හාල් මිලට ගැනීමට පුරුදුවෙලා හිටපු අයට සිදුවෙලා තියෙනවා. මේ අර්බුදය මරඳගහමුලට දැනිලා, මරඳගහමුල හාල් වෙළෙඳපොළ සම්පූර්ණයෙන්ම වැහිලා ගියොත් ආයෙත් වතාවක් ඒකෙ වාසිය වක්‍රව සහ ඍජුව එන්නේ මහාපරිමාණ හාල් මෝල් හිමියන්ට.

හැබැයි අපිට තියෙන ප්‍රශ්නය තමයි රජය පත්වුණු අවස්ථාවෙ හිටපු නිලධාරීන් පොළොන්නරුවට, නාරාහේන්පිටට ගිහින් පෙන්නපු සංදර්ශන ආයෙත් අපට දකින්නට ලැබෙන්නේ කවදද කියන එක. ඇත්තටම වීවල හාල්වල මිල ගණන් තීරණය කිරීමේදී ඒකට අවස්ථාව හාල් මෝල් හිමියන්ට දුන්නට ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ සියල්ල සිද්ධ වෙන්න ඕනෙ රජයේ නියාමනය යටතේ. ව්‍යාපාරිකයන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ වැඩි ලාභය. වැඩි ලාභ ඉපැයීම සඳහා ඔවුන් අවශ්‍ය දෙයක් කරනවා. ඒ වගේම සමහර නිෂ්පාදකයන් සම්බන්ධව ඒ තරම් ප්‍රතිරූපයක් නෙවෙයි රටේ නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙම නරක ප්‍රතිරූපයක් සහිත කෙනෙක් තමන්ගෙ ව්‍යාපාරික ලාභය උදෙසා ගන්නා තීරණ අපේ බත්පතට බලපානවා නම් ඒක ඉතා ඛේදනීය තත්ත්වයක්. නමුත් මේ ඛේදනීය තත්ත්වය මේ වන විටත් අපට දකින්න ලැබෙන නිසා ඒ ඛේදනීය තත්ත්වයෙන් අපිව මුදාගැනීමේ වගකීම තියෙන්නෙත් අපේ රටේ පාලකයන්ට. ඔවුන් අදක්ෂ නැහැ. ඔවුන්ට මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුළුවන්ද කියන එක අපි දන්නෙ නැහැ. මේ අවස්ථාවෙදි ගොවීන්ට තියෙන ප්‍රශ්නය පොහොර සපයා ගැනීම. කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට තියෙන ප්‍රශ්නය වී තොග සපයා ගැනීම.

මරඳගහමුල සහල් නිපදවන්නන්ගේ සංගමය බොහෝ කාලයක් තිස්සේ ඉල්ලන කරුණක් තමයි අපට වී අලෙවි මණ්ඩලය හරහා ඍජුව වී මිලදී ගැනීමට අවස්ථාව දෙන්න කියන එක. රජය ඉදිකළ විශාල වී ගබඩා සංකීර්ණයක් මරඳගහමුල නගරය ආශ්‍රිතව තියෙනවා. ඒක කිසිම ප්‍රයෝජනයකට නොගෙන කාලයක් තිස්සේ වසාදමා තියෙන එකක්. මෙහෙම කාලයක් තිස්සේ වසාදාපු මරඳගහමුල වී ගබඩා සංකීර්ණයට වී ටික ගෙනල්ලා දාලා මරඳගහමුල ආශ්‍රිත මේ සහල් නිෂ්පාදනය සිද්ධ වෙනවා නම් බොහෝ විට හාල් මිල සම්බන්ධව වැදගත් තීන්දු තීරණ ගන්න රජයට පුළුවන් වේවි කියලා අපි හිතනවා. ඒකට හේතු වෙන්නේ සහල් නිෂ්පාදනයේ තියෙන විනිවිද පෙනෙන ස්වභාවය ගැන අදටත් ප්‍රශ්න තිබෙන නිසා. ඒ නිසා නෝනාවරුනි, මහත්වරුනි ඉතා කරුණාවෙන් අපි ඉල්ලන්නේ, අපට නිදහසේ කන්න තියෙන්නේ බත් ටිකක් විතරයි. අපි අහිංසක මිනිස්සු. කොවිඩ්වලින් අපි රිදිලා, තැළිලා ඉන්නේ. එහෙම වෙච්ච වෙලාවක මේ බුද්ධ භෝගයටත් අමුතු අමුතු නීති දාන්නෙ නැතුව අපි හරි සාධාරණ වෙමු. පාවරපොලේ අටමඟල ඇඳලා, කළවිටි පිරිත් කියලා, හඳුන්කිරි පැන් ඉහළා, අරක් වලේ මුද්ද තියලා, දෙයියො බුදුන් වැඳලා, මුදුන් බතින් අගස් බත් දානෙ හදලා, පුල්ලෙයාරෙ දේවාලෙට අරගෙන ගිය අපේ මිනිසුන්ට බතට බුලතට බොරු කරන්න හිතක් දෙන්න එපා කියල අපි සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් ඉල්ලා හිටිනවා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ගම්මන්පිලට තෙල් මිල වැඩි කරන්නම ඕනලු! (VIDEO)

Next Post

කොම්පෝස්ට් නෙමෙයිලු! රසායනික වගේලු! මේ මොකද්ද ඇමැති වක්කුඹුර තේවලට දෙන්න යන අලුත්ම පොහොර ජාතිය! (VIDEO)

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.