එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරන ලදී.
සන්දිත් සමරසිංහ මහතා ඊයේ (12) මෙල්බර්න් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේදී වැඩ භාර ගත්තේය.
සන්දිත් සමරසිංහ එක්සත් ජාතික පක්ෂය (එජාප) නියෝජනය කළ අතර 2015 දී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත්වීමෙන් පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය.
2019 මහමැතිවරණයෙන් හෙතෙම පරාජයට පත්විය.











