ජනාධිපති අරමුදලෙන් මුදලා ලබාගෙන තිබෙන මැති ඇමතිවරුන්ට එරෙහිව, මහජන මුදල් ආරක්ෂා කරන නීතීඥයෝ නම් සංවිධානය, පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. Sri Lanka Latest News
ඔවුන්ගේ චෝදනාව වන්නේ, අදාල මැති ඇමතිවරු ජනාධිපති අරමුදලේ මුදල් ලබාගෙන ඇත්නම්, එසේ කර තිබෙන්නේ ව්‍යාජ තොරතුරු ලබා දීමෙන් පමණක් විය යුතු බවයි.
ජනාධිපති අරමුදලේ මුදල් ලබා ගනු ලබන තැනැත්තා තමන් අඩු ආදායම් ලාභියෙකු බව ප්‍රාදේශීය ලේකම්වරයා හරහා සහතික කළ යුතු වීමයි.
එසේම, ජනාධිපති අරමුදලෙන් මුදල් නිකුත් කරනු ලබන්නේ, මුදල් ඉල්ලුම් කරනු ලබන තැනැත්තා, ඔහුගේ හෝ ඇයගේ කලත්‍රයා හා අදාල තැනැත්තාගේ අවිවාහක දරුවන් යන පාර්ශ්ව ත-ුන විසින්ම උපයන මාසික ආදායමේ මුළු එකතුව ලක්ෂ දෙකට වඩා අඩු නම් පමණි.
මේ කොන්දේසි සලකා බැලීමේ දී ජනාධිපති අරමුදලෙන් මුදලා ලබාගෙන ඇති මැති ඇමතිවරු සැබැවින්ම එම මුදල් ලබා ගැනීම සදහා සුදුසුකම් සපුරා ඇද්ද යන ගැටළුව පැන නගී.
විශේෂයෙන්ම, මෑතකදී කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අයත් රුපියල් කෝටි දෙකකට වඩා වැඩි තැන්පතු සහිත මුදල් ගිනුමක් අත්හිටුවන ලෙස අධිකරණය නියෝග කර තිබුණි. එතරම් ධනවතෙකු වන ඔහුද ජනාධිපති අරමුදලෙන් රුපියල් කෝටියකට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ලබාගෙන තිබේ.
ජනාධිපති අරමුදලේ තිබෙන්නේ ජනතාවගේ මුදල් බැවින්, ව්‍යාජ තොරතුරු ලබා දී එම මුදල් වංචා කිරීම පොදු දේපළ පනත යටතට ගැනෙන වරදක් බව මහජන මුදල් ආරක්ෂා කරන නීතීඥයෝ සංවිධානය පවසයි.










