ගාල්ල, හිනිඳුම මහාබෝධිවත්ත ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක් තුළදී සිදු වූ ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකුගේ සම්බන්ධිකරණ නිලධාරියෙකුව අද (04) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
මේ වන විට සැකකරුගේ ප්‍රශ්න කරමින් පවතින බව වාර්තා වේ.
ගාල්ල, හිනිඳුම මහාබෝධිවත්ත ප්‍රදේශයේදී පසුගිය 30 වනදා රාත්‍රියේ 11.15ට පමණ නාඳුනන තුවක්කුකරුවකු සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් අයෙක් T56 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.
වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ ලැගුම්හල තුළ පුද්ගලයින් පස් දෙනෙකු මන්පැන් පානය කරමින් සිටි ඇති අතර ඉන් තිදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබුණි.
පොලීසිය පැවසුවේ අනෙක් දෙදෙනා වෙඩිතැබීම සිදුවන අවස්ථාවේදී එම ස්ථානයෙන් පලාගොස් ඇති බවය.
වෙඩි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්වුයේ, ලැගුම්හලේ හිමිකරු වන 55 හැවිරිදි ඉඳුනිල් සමන් කුමාර, අම්බලන්ගොඩ පදිංචි එම්. නෙවිල් හා හිනිදුම පදිංචි 34 හැවිරිදි චතුරංග කුමාර නම් පුද්ගලයන් තිදෙනෙකි.
ඝාතනයට ලක්වූ පුද්ගලයන් තිදෙනාට කිසිඳු පාතාල සබඳතාවක්ද නොමැති බවද පොලීසිය පවසයි.










