ප්‍රසිද්ධ යූ ටියුබ් තරුවක් වන අශේන්ගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම අසාධාරණ බව හිටපු අධිකරණ ඇමති අලි සබ්රී පවසයි. Sri Lanka Latest News
අශේන්ගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම සදහා මැතිවරණ කොමිසම ඉදිරිපත් කර තිබෙන චෝදනාව “අභූත” චෝදනාවක් බව අලි සබ්රී පවසයි.
වගකිව යුතු පුද්ගලයෙකු විසින් නාම යෝජනා පත්‍රය භාර දී නැති බව චෝදනා කිරීමට පෙර, එකී නාම යෝජනා පත්‍රය භාර ගත් නිළධාරියා ඒ බව කලින් දැන නොසිටියේ දැයි අලි සබ්රී ප්‍රශ්න කරයි. වරද නිවැරදි කිරීමට අවස්ථාව නොදී, නාම යෝජනා පත්‍රය පිළිගෙන පසුව එය අවලංගු කිරීම මැතිවරණ නිළධාරියෙකුගේ මහජන යුත-ුකම දැයි නීතීඥ අලි සබ්රී මහතා ප්‍රශ්න කරයි.
“නාම යෝජනා පත්‍රය නිසි ලෙස සකස් කර තිබේ නම් සහ අපේක්ෂකයන්ගේ නම් සහ අත්සන් එහි නිවැරදිව තිබේනම්, එම නාමයෝජනා පත්‍ර භාර දුන්නේ කවුරුන්ද යන පදනම මත එය ප්‍රතික්ෂේප කිරීම යුක්ති සහගතද..?” අලි සබ්රී මහතා ප්‍රශ්න කරයි.










