හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සම්බන්ධීකරණ ලේකම් නිශාන්ත බණ්ඩාර බස්නායක එම නඩුවලින් මුදා හැර රජයේ සාක්ෂිකාරයෙක් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම පසුගිය (10) දා නියෝග කළේය.Sri Lanka Latest News
අල්ලස් කොමිසම විසින් “දූෂණය” නමැති වරද සිදු කළේ යැයි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පවරා ඇති නඩු තුනෙහි තුන්වැනි සැකකරු වූ මෙම පුද්ගලයා එම නඩුවලින් මුදා හැර රජයේ සාක්ෂිකාරයෙක් කරන ලෙසට අධිකරණයට කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය. නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් සිද්ධියට අදාළ සැකකරුවකු වන නිශාන්ත බණ්ඩාර බස්නායක ඉදිරිපත් කරමින් අධිකරණයට වැඩිදුර වාර්තාවක් ද ඉදිරිපත් කරමින් දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කළේය.
ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2021/2023 කාලයේදී පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවකයින් වශයෙන් තම හිතවතුන් කිහිප දෙනකුට පත්වීම් ලබා දී ඔවුන් වෙත අමාත්‍යාංශයෙන් ගෙවන ලද වැටුප්, අතිකාල දීමනා තම පෞද්ගලික වියදම් සහ දේශපාලන කටයුතුවලට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් පාඩුවක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල, නිපුණි ක්‍රිෂ්ණිකා සහ නිශාන්ත බණ්ඩාර බස්නායක ඇතුළු පිරිස මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇප මත මුදා හැර ඇත..










