ලබන 30 වැනි දින සහ එම සති අන්තයේ ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමැතිවරුන්ට කොළඹ රැඳී සිටින ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇත. (Sri Lanka Latest News)
ඒ අනුව, එම සති අන්තයේ ආණ්ඩු පක්ෂයේ කිසිදු මැති ඇමැතිවරයකුට විදෙස්ගත නොවන ලෙසටද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.
විශේෂ සාකච්ඡා රැසක්ම පැවැත්වීමට නියමිත බැවින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට කොළඹ රැඳී සිටින ලෙසට මෙසේ උපදෙස් ලබාදී ඇති බව දැනගන්නට තිබේ.










