මහනුවර නගරයේ ප්‍රධාන මහා මාර්ග ,ප්‍රධාන වීථී ,ජනාකීර්ණ බස් රථ නැවතුම් අංගන සහ නගරයේ ජලය ගලායන පොදු කාණූ පද්ධති අවහිර කරමින් කැළි කසළ ඝණ අප ද්‍රව්‍ය සහ ප්ලාස්ටික් බෝතල් ,පොලීතීන් ආදිය දමන පිරිස් නිසා මහනුවර නගරයේ පරිසරයට දැඩි පරිසර හානියක් මෙන්ම මැසි මදුරු වසංගතයක් පැතිර යන බැවින් ,එලෙස පොදු ස්ථාන වල කුණු දමන පුද්ගලයන්ට සහ ආයතන වලට එරෙහිව නගර සභා ආඥා පණත යටතේ නඩු පවරා දඩ මුදල් අයකරන්නැයි නගර සභාවේ මන්ත්‍රී වරු නගරාධිපති වරයාගෙන් ඉල්ලීමක් කළහ. Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් මහනුවර පොලිස් මූලස්ථානයේ පරිසර අංශයේ නිලධාරින්ද සහභාගි කරවා ගනිමින් නගරය අපිරිසිදු කරන්නන්ට එරෙහිව නීතීමය පියවර ගන්නා ලෙස නාගරික මන්ත්‍රී වරියක් වන ආචාර්ය පර්ලි ජීවයානී ලියනගේ මහත්මිය මෙහිදී නගරාධිපති වරයා සහ නාගරික කොමසාරිස් වරියද දැණුවත් කළාය.
නගර සභාව පෙරහැර සමයේ කුණු ටොන් ගනනින් එකතු කර අපවිත්‍රව තිබූ නගරය පිරිසිදු කල බවද මන්ත්‍රීවරු පැවසූහ.










