විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මොනවද කළේ යනුවෙන් ප්‍රශ්න නගන පිරිසට පිළිතුරු ලබා දීමට සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා මාධ්‍ය හමුවේදී පියවර ගත්තේය.
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාය.Sri Lanka Latest News
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,
‘‘ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකර මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. වසරක් තුළ ආණ්ඩුවට විරුද්ධව ඉදිරිපත් වුණ පළමු විශ්වාසභංග යෝජනාව මෙයයි. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව ආන්දෝලනාත්මක කරුණ ගණනාවක් පිළිබඳව පරික්ෂණ පැවැත්වෙන අවස්ථාවක එම පරීක්ෂණ නිදහසේ සිදුකරගෙන යාම සඳහා සහ එම පරික්ෂණ සම්බන්ධයෙන් ප්‍රධානියෙකු ලෙස කටයුතු කළ නැගෙනහිර පළාතේ ප්‍රධාන ආඥාපති අරුණ ජයසේකර මහතා එම පරීක්ෂණවල පහසුව සඳහා එම තනතුරෙන් ඉවත්විය යුතු බවට රටේ බහුතරයක් දරන මතයකි. එය කතෝලික සභාව ඇතුළු විවිධ පාර්ශ්ව ප්‍රකාශ කර තිබුණා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවුණ මොහොතේ නැගෙනහිර පළාතේ ප්‍රධාන ආඥාපති ලෙස අරුණ ජයසේකර මහතා කටයුතු කර තිබූණි. ඒ වගේම නැගෙනහිර පළාතේ සිටි කණ්ඩායම් ගණනාවකට පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණා. එම පරික්ෂණවලින් පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු සොයා ගැනීම සඳහා යම් ආකාරයට බාධාවක් සිදුවන , පරික්ෂණවලට යම් බලපෑමක් එල්ලවන දේවල් ඉවත් කිරීම ආණ්ඩුවේ වගකීමක්. ඒ වගේම පාස්කු ප්‍රහාරය සිදුවුණ කාලවකවානුවේ සිටි පොලිස්පතිවරයාට , ආරක්ෂක ලේකම්වරයාට සහ එකල සිටි විවිධ නිලධාරින්ට විරුද්ධව පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතිනවා. එම නිසා අරුණ ජයසේකර නියෝජ්‍ය ඇමැතිවරයා පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු අවසන්වන තුරු ඉල්ලා අස්විය යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිකණ්ඩායම තිරණය කළා. ඒ වගේම ආණ්ඩුව එසේ නොකරනවානම් අරුණ ජයසේකර නියෝජ්‍ය ඇමැතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනැවිත් එම කටයුත්ත සිදුකළ යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තිරණය කරනු ලැබුවා. ඒ අනුව කරුණ 15 කින් යුක්ත විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ වගේම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය මැතිවරණ ගණනාවදී එම මැතිවරණ ප්‍රතිඵලවලට බලපෑම් සිදුවුණ කාරණයක්. ඒ වගේම පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු කවුරුන්දැයි ප්‍රකාශ කරනතුරු ජනතාවත් බලාගෙන සිටිනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරයේ මහමොලකරු සොයා ගැනීම , වරදකරුවන්ට දඩුවම් කිරීම සහ පාස්කු ප්‍රහාරයට ලක්වූවන්ට යුක්තිය ඉටු කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් අනුර දිසානායක ජනාධිපතිවරයා කතෝලික සභාවට සහතිකයක් ලබාදී තිබෙනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ප්‍රමාද නොකර රටට ඇත්ත කතාව ප්‍රකාශ කිරීම ආණ්ඩුවේ වගකීමක්. ඒ වගේම ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට විරුද්ධව කටයුතු නොකර විනිවිධභාවයකින් යුතුව පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරික්ෂණ මෙහෙයවීම සඳහා තිබෙන බාධාවන් ඉවත් කිරීමට කටයුතු කිරීමත් ආණ්ඩුවේ වගකීමක්. ඒ නිසා නැගෙනහිර ආඥාපති ලෙස සිටි අරුණ ජයසේකර මහතාට ඔහුව ඉවත් කොට පරීක්ෂණ සිදුකරන්න ආණ්ඩුවට හැකියාව තිබෙනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට චෝදනාවක් එල්ල වෙනවාද නැද්ද යන්න පිළිබඳව පරීක්ෂණවලින් තින්දු කිරීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා ආණ්ඩුවට යම් ආකාරයට බලපෑමක් එල්ල කිරීම සඳහා මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය කටයුතු කළා.
ඒ වගේම පාස්කු ප්‍රහාරයේ වගකිම වර්තමාන ආණ්ඩුව පිට පටවන්න විපක්ෂය උත්සහ දරන බව සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ වගකිම ආණ්ඩුව පිට පටවන්න විපක්ෂයට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පුද්ගලයන් කවුරුන්දැයි සොයා බලා යුක්තිය ඉටුකරන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ඒ නිසා පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන ඒමට ආණ්ඩුව වහාම පියවර ගත යුතුයි. ඒ වගේම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියා 2015 ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සිටි ව්‍යාපාරිකයෙක්. ඒ වගේම පාස්කු ප්‍රහාරයට ජනතා විමුක්ති පෙරමුණේ තිබෙන සම්බන්ධයක් පිළිබඳව සඳහන් වුණා. ඒ වගේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සිටි ඊබ්‍රහිම් නැමැති ව්‍යාපාරිකයාගෙන පොලිසිය කටඋත්තර පවා ලබාගෙන තිබෙනවා. ඒ නිසා පාස්කු ප්‍රහාරය පිලිබඳව විනිවිදභාවයකින් යුක්තව පරික්ෂණ කටයුතු සිදුකර , තොරතුරු සහිතව , සාක්ෂි සහතින ඒවා ඉදිරිපත් කිරීම ආණ්ඩුවේ වගකීමක්. ඒ වගේම ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාට විරුද්ධව ගෙන ආ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුව තිරණයක් ගැනිමට හැකියාව තිබෙනවා.
ඒ වගේම කෙහෙලිය රඹුක්වැල්ල මහතාට විරුද්ධවත් සමගි ජනබලවේගය විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවා. ඒ අවස්ථාව කෙහෙලිය රඹුක්වැල්ල මහතාට විරුද්ධව ගෙන ආ විශ්වාසංභංග යෝජනාව සම්මත කිරීමට ඉඩ නොදෙන බව පැවැති ආණ්ඩුව ප්‍රකාශ කළා. කෙසේ නමුත් කෙහෙලිය රඹුක්වැල්ල මහතාට විරුද්ධව සමගි ජනබලවේගය විශ්වාසංභංග යෝජනාව ඉදිරිපත් කළේ එය ජයග්‍රහනය කිරීමට වඩා කෙහෙලිය රඹුක්වැල්ල මහතාට විරුද්ධව ඇති චෝදනා සම්බන්ධයෙන් රටට සත්‍ය හෙළි කරන්න. කෙහෙලිය රඹුක්වැල්ල මහතාට විරුද්ධව ඇති චෝදනා සම්බන්ධයෙන් විශ්වාසංභංග යෝජනාව හරහා අපි ආණ්ඩුව දැනුම්වත් කරන්නයි කටයුතු කළේ. ඒ වගේම කරුණු පදනම්ව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන නිසා කෙහෙලිය රඹුක්වැල්ල මහතා වහාම ඉවත්විය යුතු බව අපි එදා ප්‍රකාශ කළා. නමුත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් කිසිදු සාධනිය පියවරයක් ගත්තේ නෑ. අවසානයේ කෙහෙලිය රඹුක්වැල්ල මහතා වරදකරුවෙකු ලෙස පිළිගෙන තිබෙනවා. වර්තමාන ආණ්ඩුවේ සිටින ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේද එවැනි පදනමක් ඇතිවයි. ඒ වගේම ආණ්ඩුවේ මැති ඇමැතිවරු ප්‍රකාශ කරනවා ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාට විරුද්ධව ගෙන එන විශ්වාසභංග යෝජනාව කෙසේ හෝ පරාජයට පත් කරන බව. විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම චන්ඩිකමක් නෙවෙයි.
නමුත් විපක්ෂය විසින් හෙළි කරන කාරණා සම්බන්ධයෙන් තිරණයක් ගැනීම ආන්ඩුව සතු වගකීමක්. ඒ වගේම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අවදානය යොමු කළ යුතුයි. ඒ වගේම ආණ්ඩුවේ ඇමැතිවරයෙකුට යම් චෝදනාවක් එල්ල වෙනවානම් ඒ සම්බන්ධයෙන් නිසි පරික්ෂණයක් සිදුවනතුරු එම ඇමැතිවරයාව ධුරයෙන් ඉවත් කර තැබිම ආණ්ඩුවේ වගකිමක්. ඒ අනුව පරික්ෂණවලට විනිවිධභාවයෙන් ක්‍රියාත්මක වෙන්න ඉඩක් තිබෙනවා. ඒ ඉඩ වහන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. සමගි ජනබලවේගය විසින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවේ ආණ්ඩුවට බහුතර බලයක් තිබෙන බව නොදැන නෙවෙයි. ඒ වගේම ආණ්ඩු පාර්ශ්වයේ පිරිසට ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාට විරුද්ධව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පුර්ණ නිගමනවලට එළඹෙන්න හැකියාවක් නැහැ. ඒ නිසා පරික්ෂණ කමිටු වලින් යම් තින්දුවක් ලැබෙන තුරු ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා එම තනතුරින් ඉවත් විය යුතුයි.
ඒ වගේම තරුණ සමුලුවක් සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේදී පැවැත්වුවා. එහිදී එම තරුණ සමුලුවට තරුණ තරුණියන් තෝරා ගැනීම සම්බන්ධව , යෞවන සමාජ පිහියවපු ආකාරය පිළිබඳව විවිධ වාද විවාද තිබුණා. ඒ බව ජනාධිපතිවරයාත් පිළිගෙන තිබුණා. ඒ වගේම දීර්ඝකාලිනව බලයේ සිටිමට අදහසක් නැති බව එම සමුලුවේදි ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. නමුත් අවුරුදු 15 ක් 20 ක් බලයේ සිටින්න පැමිණි බව ආණ්ඩුවේ මැති ඇමැතිවරු ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් ජනතාවගේ කැමැත්ත තිබෙනතුරු බලයේ සිටිමට හැකියාව තිබෙනවා. නමුත් ජනතා කැමැත්ත නැති වුණ මොහොතක සියලු දෙනාටම බලය අත්හරින්න සිදුවෙනවා. ඒ බව දැනගෙන කටයුතු කරනවානම් ආණ්ඩුවට එය සුබදායකයි. ඒ වගේම රැකියා උත්පාදනයට සමත්වෙන ආණ්ඩුවක් නිර්මාණය කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඒ සඳහා මුලික පසුබිමක් සැකසිම වැදගත් වෙනවා. ඒ සඳහා මුලික පසුබිම සකස් කරන්නේ නැතිව ජනතාව ඉදිරියේදී රැකියා උත්පාදනය කරන බව කියලා වැඩක් නැහැ. රැකියා උත්පාදනය වන්න ආයෝජන ඇතිවන පරිසරයක් නිර්මාණය වීම අවශ්‍යයි. ඒ වගේම රැකියා උත්පාදනයට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් විය යුතුයි. ඒ වගේම වසරක කාලය තුළ රැකියා උත්පාදනයට ගත්ත පියවරක් තිබෙනවාදැයි අපි ආණ්ඩුවෙන් අහන්න කැමැතියි.
ඒ වගේම කැසිනෝ ව්‍යාපාර ආරම්භ කිරීම පිළිබඳව , කැසිනෝ බලපත්‍ර ලබාදීම පිළිබඳව එදා ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගයේ නායකයන් විවිධ විවේඡන එල්ල කළා. ඒ හරහා රටේ ආගමට සංස්කෘතියට විශාල බලපෑමක් වන බව ඔවුන් දිගින් දිගටම ප්‍රකාශ කළා. නමුත් කැසිනෝ ව්‍යාපරයක් සහිත හෝටලයක් කොළඹදි ජනාධිපති අනුර දිසානායක මහතාට විවෘත කිරීමට සිදුවීමම දෛවයේ සරදමක්. සංචාරකයන් ගෙන්වා ගැනීමට , හෝටල් ව්‍යාපාරය දියුණු කිරීමට කැසිනෝ ව්‍යාපාර අවශ්‍ය බව අනුර දිසානායක මහතා පිළිගෙන තිබෙනවා. නමුත් ඔවුන් බලය ලබාගැනීමට පෙර මේ සම්බන්ධයෙන් දැරුවේ විවේඡනාත්මක මතයක්. ඒ වගේම කංසා වගාව ව්‍යාප්ත කොට ආදායම් මාර්ගයක් ලෙස කංසා වගාව දියුණු කරන්න කැබිනම් මණ්ඩලය තිරණයක් ගත් බව ආණ්ඩුව ප්‍රකාශ කළහොත් ඒ සඳහා පුදුමවිය යුතු නැහැ. ජාතික ජනබලවේග ආණ්ඩුව යටතේ මීට වඩා දේවල් රට තුළ සිදුවුණත් පුදුම විය යුතු නැහැ. ජාතික ජනබලවේග ආණ්ඩුව උඩු යටිකුරුවෙලා ක්‍රියාත්මක වන ආණ්ඩුවක්. ජාතික ජනබලවේග ආණ්ඩුව රටේ සංස්කෘතිය , ආගම , සභ්‍යත්වය පිළිබඳව හිතන ආණ්ඩුවක් නොවන බව පැහැදිලියි.
ඒ වගේම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය මුලික අඩිතාලම සකස් වී තිබිය යුතුයි. නමුත් එවැන්නක් අපිට තවමත් පෙනෙන්නට නැහැ. ආණ්ඩුව එදිනෙදා ජිවත්වන ආණ්ඩුවක් බවට පත්වී තිබෙනවා. ආණ්ඩුව දේශිය මුල්‍ය වෙළදපොල තුළ භාණ්ඩාගාර බිලිපත් හරහා පෙර පැවැති ආණ්ඩුවලට වඩා ණය ලබාගෙන තිබෙනවා. රට භාර ගන්නවාට වඩා ණය ප්‍රමාණය වැඩි වී තිබෙනවා. ඒ අනුව රටේ ආර්ථික ප්‍රගතියක් ඇති වෙන්නේ නෑ. කෙසේ නමුත් වැටුණු රටක් යම් ආර්ථික ප්‍රගතියකට පත්වීමෙන් පසුව තමයි ජාතික ජනබලවේගය රට භාර ගත්තේ. ඒ තත්ත්වය ඉදිරියට ගෙන යාමට ආණ්ඩුව අපොහොසත් බව පෙනෙන්නට තිබෙනවා.
ඒ වගේම ආණ්ඩුවට විරුද්ධව ජනතා උද්ඝෝෂණ සහ විරෝධතා ආරම්භ වී තිබෙනවා. රටේ සෑම පාර්ශ්වයක්ම ආණ්ඩු කෙරෙහි තබා තිබු විශ්වාස බිඳ වැටි තිබෙනවා. උපාධිධාරින් රැකියා ඉල්ලලා පාරට බැස්සේ අවුරුද්දකට පසුවයි. ඒ වගේම ජාතික ජනබලවේග ආණ්ඩුවකින් ඉදිරිපත් කරන පළමු අයවැයෙන්ම රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා ලබාදෙන බව ප්‍රකාශ කළා. නමුත් අද ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව කතා කරන්නේ නෑ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ සිටි වෘත්තිය සමිති නායකයන් කිසිදු කතාවක් නැහැ. රාජ්‍ය සේවකයන් වෙනුවෙන් , රැකියා විරහිත උපාධිධාරින් වෙනුවෙන් , රණවිරුවන් වෙනුවෙන් , විදුලි සේවකයන් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ සිටි වෘත්තිය සමිති නායකයන් අද කතා කරන්නේ නැහැ. රටේ උද්ඝෝෂණ විරෝධතා පැවැත්විම සුදුසු නැති බවත් එමගින් රටේ ඉදිරි ගමනට බාධා එල්ල වන බව ජාතික ජනබලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් දැන් ප්‍රකාශ කරනවා. නමුත් ඔවුන් විපක්ෂයේ සිටින විට රට පුරා වැඩවර්ජන උද්ඝෝෂණ පවත්වමින් රටේ ඉදිරි ගමනට බාධා කළ ආකාරය රටේ ජනතාව හොදින්ම දන්නවා. ඒ වගේම ජාතික ජනබලවේග ආණ්ඩුවක් ගෙන ඒමට රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් කටයුතු කළා. නමුත් දැන් ඔවුන් ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කර තිබෙනවා. ඒ අනුව රටේ ජනතාවට වුණ පොරොන්දු ඉටු කරන්න ආණ්ඩුව වහාම මැදිහිත්විය යුතුයි.
ඒ වගේම තෙල් සංස්ථාවේ ණය ගෙවන තුරු රටේ තෙල් මිල අඩු කිරීමට නොහැකි බව බලශක්ති ඇමැතිවරයා ප්‍රකාශ කරනවා. නමුත් තෙල් මිල අඩු කිරිම අපහසු කාර්යයක් නොවන බව බලය ලබාගැනිමට පෙර ජාතික ජනබලවේගය ප්‍රකාශ කළා. ඒ වගේම හිටපු ඛණිජතෙල් ඇමැතිගේ කොමිස් මුදල නැවැත්විම හරහා , වරායට ගොඩබාන තෙල්වලට අයකරන බදු අඩු කිරීම හරහා තෙල් මිල රුපියල් 100 කින් පමණ අඩු කිරීමට හැකි බව ජාතික ජනබලවේගය ප්‍රකාශ කළා. තෙල් මිල අඩු කරන්න ඉන්ධන මිල සුත්‍ර අවශ්‍ය නොවන බවත් ජාතික ජනබලවේගය ප්‍රකාශ කළා. නමුත් ජාතික ජනබලවේගය ආණ්ඩු බලය ලබාගත් පසු මිල සූත්‍රය අනුව ඉන්ධන මිල තිරණය කරනවා. ඒ වගේම ලෝක වෙළදපොලේ තෙල් මිල වැඩි වනවිට ඉන්ධන මිල වැඩි කරන්න , ලෝක වෙළදපොලේ තෙල් මිල අඩු වනවිට ඉන්ධන මිල අඩු කරන්න , ආණ්ඩු අවශ්‍ය නැති බව අනුර දිසානායක ඇතුළු පිරිස විපක්ෂයේ සිටින විට ප්‍රකාශ කළා. නමුත් දැන් ලෝක වෙළදපොලේ තෙල් මිල අඩු වී තිබියදී එහි සහනය රටේ ජනතාවට දෙන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. තෙල් මිල පාලනය කිරීමට නොහැකි තත්ත්වයකට ආණ්ඩුව අද සිර වී සිටිනවා. ඒ වගේම මහජනතාවට මුහුණ දෙන්න , මහජන පොරොන්දු ඉටු කරන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ.
ඒ වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාව වෙනුවෙන් සිදුකළ හැකි උපරිමය පාර්ලිමේන්තුව තුළදිත් ඉන් පිටතදිත් සිදුකරනවා. ඒ වගේම කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට බලපෑ පරාටේ නිතිය වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කර තිබෙනවා. ආර්ථික බංකොලොත්භාවය , කොවිඩ් වසංගතය නිසා කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන් දැඩි අසිරුතාවන්ට පත් වුණා. ඔවුන්ට ණය ගෙවා ගැනිටම නොහැකි වුණා. ව්‍යාපාර කඩාගෙන වැටුණා. කෙසේ නමුත් කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් පරාටේ නිතිය කල් දමන ලෙස විශාල වැඩ කොටසක් කරන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළා. එහිදි කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට යම් සහනයක් ලබාදෙන්න පසුගිය ආණ්ඩුව කටයුතු කළා. නමුත් වර්තමාන ආණ්ඩුව පරාටේ නිතිය ඉවත් කොට තිබෙනවා. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවේ මැදිහත්විමෙන් කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන්ට ඩොලර් මිලියන 100 ක වන්දියක් ලබාගැනිමටත් සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළා. ඒ වගේම කොතලාවල වෛද්‍ය පීඨය සදහා දේශිය සිසුන්ට අවස්ථාව අහිමි කරන්න ආණ්ඩුව කටයුතු කළා. ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ මැදිහත් විම හරහා දේශිය සිසුන්ටත් කොතලාවල විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය හදාරන්න අවස්ථාව ලබාදි තිබෙනවා.‘‘










