තමන් ඥානසාර හිමියන්ගේ චීවරයට ගරු කරන නමුත් එක රටක් එක නීතියක් කාර්ය සාධක බළකාය උන්වහන්සේට බාර දීම සම්බන්ධයෙන් සිය හෘදය සාක්ෂියට අනුව එකග විය නොහැකි බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ෆොන්සේකා මහතා කියා සිටියේ මෙම කටයුත්ත උන්වහන්සේට ගැලපෙන්නේද යන්න පිළිබදව සැක මතුවන බවකි.
එමෙන්ම උන්වහන්සේගේ අතීත ක්‍රියාකාරකම් පිළිබද බරපතළ ප්‍රශ්න මතුවන බවත්, උන්වහන්සේ ජාතිවාදී පරිසරයක් යම් යම් අවස්ථාවලදී ගොඩනැගූ බවත් ෆොන්සේකා මහතා කීය.










