• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොර අයිති මට නෙමෙයි- මහින්දානන්ද! පොහොර ගෙනාවේ කෘෂිකර්ම අමාත්‍යංශයෙන්-ශෂීන්ද්‍ර! ඇත්තටම පොහොර හොරා කව්ද?

November 29, 2021
in Exclusive
Reading Time: 11 mins read
A A
පොහොර අයිති මට නෙමෙයි- මහින්දානන්ද! පොහොර ගෙනාවේ කෘෂිකර්ම අමාත්‍යංශයෙන්-ශෂීන්ද්‍ර! ඇත්තටම පොහොර හොරා කව්ද?
Share on WhatsAppShare on Facebook

‘වැටත් නියරත් ගොයම කා නම් කාට පවසම් ඒ අමාරුව’ කියලා අපේ පැරැන්නො කිව්වේ කට කහනවට නොවන බව දැන් නම් හොඳ හැටි තේරෙනවා. ඒ විතරක් නම් මැදෑ දැන් බවභෝග ආරක්ෂා කර ගන්න හේනේ, කුඹුරේ හිටවපු පඹයත් ගොයම කන බව සක් සුදක් වාගේ පැහැදිලි වෙලා තියෙන්නේ.

‘වැටයි නියරයි විතරක් නොමේ මහත්තයෝ දැන් උදැල්ල, දෑකැත්තත් ගොයම කන පාටයි’ ඒ කතාව කිව්වේ දේවහූවේ ගොවි නායකයෙක්.

ඉතිං ඉස්සර කාලේ නම් අපේ ගොවි මහත්තරු මේ අවනඩු දිහා බලාන කළේ ‘මේවා අයියනායක දෙයියෝ බලා ගනී’ කිව්ව එක. ඒත් දැන් දැන් ගොවීන්ගේ අදහස්, ආකල්ප වගේම නායකත්වයත් වෙනස් වෙලා. ඔවුන් තව දුරටත් නිලධාරීන් බලධාරීන් ඉස්සරහා පඹයෝ නෙමෙයි කියලා පසුගිය මාස හතේ යස අපූරුවට තේරුම් කරලා දුන්නා.
ඒ නිසාම පාට, පක්ෂ, ජාති භේදයකින් තොරව දිවයින පුරාම මාස හතක් තිස්සේ ක්‍රියාත්මක වුණු අඛණ්ඩ ගොවි අරගලය ජයග්‍රාහීව අවසන් කරන්න අපේ ගොවියන්ට හැකි වුණා. ඒ සමග 100%ක් කාබනික වගාවට ගිය ලෝකයේ මුල්ම රට බවට පත්වීමට හීන දැක්ක ජනාධිපතිවරයාගේ සිහිනය බොඳ වුණා.

ඒත් ජනාධිපතිවරයා කාබනික පොහොර තීන්දුව හකුළා ගන්නා විට මෙරට කෘෂිකර්මාන්තයට සහ ගොවීන්ගේ ආර්ථිකයට වෙන්න තියෙන ලොකුම හානියත් සිදු වෙලා ඉවරයි. කොරෝනා වසංගතය නිසා කබලේ බැදි බැදී හිටිය ගොවීන්, පාරිභෝගිකයන් ළිපට තල්ලු කරලා තමයි ජනාධිපතිවරයා තමන්ගේ රසායනික පොහොර තහනම් කරන ගැසට් එක රිවස් කළේ.

ගොවියෝ, පාරිභෝගිකයෝ නන්නත්තාර කළ කාබනික පොහොර නාඩගම මේ ආකාරයෙන් ඛේදවාචකයක් විදිහට අවසන් වුණත් මාස හතක් පුරා රඟදක්වපු මේ නාඩගම නිසා රටට, ගොවි ජනතාවට සිදුවුණු විනාශය හා ආර්ථික හානිය සුළුපටු නැහැ. ඇතැම් ආර්ථික විද්‍යාඥයන් කියන විදයට මේ නිසා සිදු වුණු ආර්ථික හා සමාජයීය හානිය තවත් වසර කිහිපයක් පුරා පැවැතිය හැකියි.

මිලියන 80,000ක් ගොවීන්ට

පසුගිය අප්‍රේල් 28 වැනිදා 100%ක් කාබනික ගොවිතැනට රට රැගෙන යන බවට ජනාධිපතිවරයා කළ ඒ ආන්දෝලනාත්මක ප්‍රකාශය සමග ඊට එරෙහිව කෘෂි විද්‍යාඥයන්ගෙන් වගේම හත්මුතු පරම්පරාවම ගොවිතැන් බත් කළ ගොවීන්ගෙන් දැවැන්ත විරෝයක් එල්ල වුණා.

තම තීන්දුවට එරෙහිව වර්ධනය වෙමින් පැවති විරෝධතා දුර්මුඛ කිරීමට හෝ ගොවීන් ඇතුළු පාර්ශ්ව නොමඟ යැවීමට ජනපතිවරයා ජූලි මස 01 වැනිදා සුවිශේෂ ප්‍රකාශයක් කළා. ජනාධිපති මාධ්‍ය ඒකකය එදින නිකුත් කළ නිවේදනයකට අනුව එදින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බලමණ්ඩල දිස්ත්‍රික් ගොවි නියෝජිත හමුවේදී ජනපතිවරයා කියා සිටියේ ‘බෝ නොවන රෝගවලින් අනාගත පරපුර බේරාගනිමින් වාර්ෂිකව රසායනික පොහොර ආනයනයට වැයකෙරෙන රුපියල් මිලියන අසූදහසක (80,000) මුදල මෙරට අහිංසක ගොවි ජනතාවගේ අතට ලැබීමට සලස්වන බව’ ජනාධිපතිවරයා සඳහන් කළ බවයි.

ජනපතිවරයා කළ මේ ප්‍රකාශයේ බරපතළ සාවද්‍ය බවක් තිබුණද මිලියන 80,000ක් හෙවත් රුපියල් කෝටි 8,000ක් තමන් අතට පත්වීම ගැන ගොවීන් අතිශය සතුටට පත්වූවාට සැකයක් නැහැ.

ඒත් කටින් බතල කොළ හිටවන දේශපාලනඥයන් සහ ඊට නොදෙවැනි නිලධාරීන් නිසා අවසානයේදී රසායනික පොහොර ආනයනයට ගිය බව කියන මිලියන 80,000 ගොවීන් අතට යනවා වෙනුවට බහිරව කටට යන තැනට වැඩ සිද්ධ වුණා.

ඒ, කාබනික පොහොර ආනයනය කළ ලෝකයේ මුල්ම රට බවට ලංකාව පත්වීම සමගයි.

පැයෙන් බිලියනපතියන් වුණ හැටි

රටට, ආර්ථිකයට, ජනතාවට ‘කෙළ වුණත්’ මේ කාබනික පොහොර නාඩගම නිසා මඩිය තරකර ගත්ත කිහිප දෙනෙක් ඉන්න බව දැන් කාටවත් රහසක් නෙමෙයි. හැංගි හොරා කතා කරන්න දෙයක් නැති නිසා පොල්ලෙන් ගැහුවා වගේ කිව්වොත් චීන අසූචි පොහොරවලින් වගේම ඉන්දියාවේ නැනෝ රජා ආනයනය කිරීම මගින් ද ආණ්ඩුවට සම්බන්ධ ව්‍යාපාරිකයෝ හෝ දේශපාලනඥයෝ කිහිප දෙනෙක් එක පැයෙන් ‘බිලියනපතියෝ’ බවට පත් වුණා

.ඒ, මේ කාබනික පොහොර ආනයනය හරහා සිදුවුණු දැවැන්ත වංචාව මගිනුයි.

චීන අසූචි පොහොර නැව ලංකාව වටේ කැරකි කැරකි ආණ්ඩුවට බලපෑම් කරද්දි ආණ්ඩුව ‘කොරේ පිටට මරේ’ කිව්වා වාගේ ඉන්දියානු ගොවි පොහොර සමූපාකාර සමාගමෙන් කාබනික පොහොර වෙනුවට ‘නැනෝ නයිට්‍රජන් පොහොර’ ආනයනය කිරීමටත් තීන්දුවක් ගත්තා.

නැනෝ යූරියා පොහොර කෘෂිකර්ම අමාත්‍යවරයාට ‘නැනෝ නයිට්‍රජන් වුණත් මේ එක්කම සිදුවුණු වැදගත් කරුණක් ගැන විපක්ෂයේ ක්ෂණික අවධානය යොමු වුණා. ඒ නැනෝ රජා ආනයනය හරහා ක්ෂණිකව සිදුවුණු දැවැන්ත වංචාව ගැනයි.

මේ වංචාව ගැන හිටපු ඇමැති චම්පික රණවක නොවැම්බර් 03 වැනිදා විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවේදී කරුණු හෙළිදරව් කළා. එහිදී චම්පික කරුණු සහිතව කියා සිටියේ ඔක්තෝබර් මස 18 වැනි දින කැබිනට් පත්‍රිකාවක් මගින් ඉන්දියාවෙන් නැනෝ යූරියා දියර පොහොර ගෙන ඒම සම්බන්ධයෙන් අති විශාල වංචාවක් සිදුව ඇති බවයි.

‘මේ ඊනියා සමාගම සිය ගිණුම සකස් කරලා තියෙන්නේ 2021.10.18 වැනිදාමයි. කැබිනට් පත්‍රිකාව ආපු දවසෙමයි. 19 වැනිදාම මේ කටයුතු කරලා තියෙනවා. ඊට පසුව මේ ගිණුම වසා දමලා තියෙනවා. මේ වංචනිකයන් අත්අඩංගුවට ගතයුතුයි. තරාතිරම නොබලා රාජ්‍ය ඇමැතිද? ඇමැතිද? මීට සම්බන්ධ ඊට වඩා ඉහළ ඇත්තෝද? ඒ සියලු දෙනාට නීතිය වහාම මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් අපි ඉල්ලා හිටිනවා ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම මේ සම්බන්ධයෙන් අදාළ සමාගමෙනුත් අපි ඉල්ලා හිටිනවා විශේෂයෙන්ම තමන් ගෙවන ලද මිල හරි හැටියට මේ රටට ලෝකෙට ප්‍රකාශ කළ යුතුයි. රජය මේ ගැන මැදිහත් නොවුණත් අනාගතය අනිවාර්යෙන්ම මේ දූෂිත වංචාවට එරෙහිව මේ රටේ ජනතාව, මේ රටේ ගොවි ජනතාව දැන් පෙළගැසිය යුතු බව, ඉතාම පැහැදිලියි’ චම්පික ප්‍රකාශ කළා.

චම්පිකගේ මේ හෙළිදරව්වෙන් පසු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී චම්පිකට අවමන්සහගත ලෙස අදහස් පළකරමින් ප්‍රකාශයක් කළා.

චම්පිකගේ හෙළිදරව්ව සමග මාධ්‍ය හරහා දිගින් දිගටම කරුණු පැහැදිලි කරද්දී කෘෂිකර්ම අමාත්‍යවරයා නොවැම්බර් 10 වැනිදා චම්පිකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා.

මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය නොවැම්බර් 10 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කළා.

‘ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන නැනෝ නයිට්‍රජන් දියර පොහොරවලින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොමිස් ලබා ගන්නා බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය හමුවකදී කරන ලද චෝදනාවට එරෙහිව විධිමත් පරික්ෂණයක් සිදු කරන ඉල්ලා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගිය 10 වැනිදා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. විපක්ෂ මන්ත්‍රීවරු විටින් විට අසත්‍ය කරුණු පදනම් කරගෙන ආණ්ඩුවට චෝදනා කිරීම අසාධාරණ බවත්, තමන් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කිසිදු වංචාවකට හෝ කොමිස් ලබාගැනීමකට සම්බන්ධ නැති බවත්, ඒ නිසා තමා සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර, ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීවේය.

‘අපි ඉන්දියාවෙන් රැගෙන ආවේ නැනෝ නයිට්‍රජන් දියර පොහොරයි. චම්පික රණවක මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ නැනෝ යූරියා පොහොර අපි ගෙනාවා කියලයි. අපි එහෙම පොහොර ලංකාවට ගෙනල්ලා නෑ. අනෙක මේ පොහොර ගෙන්වන ගනුදෙනුව විනිවිදභාවයෙන් යුතුව අපි සිදුකර තිබෙනවා. ඒ නිසා ඕනෑම කෙනකුට ඒ පිළිබඳ තොරතුරු සොයා බලන්න පුළුවන්’ යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉල්ලන් කෑම

නැනෝ රජා ආනයනය හරහා සිදුවුණු වංචාව ගැන චම්පික කළ හෙළිදරව්වට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ කෘෂිකර්ම අමාත්‍යවරයා තමන්ගේ නිර්දෝෂීභාවය ලෝකයට කියන්න දෝ නැනෝ නයිට්‍රජන් නිපදවූ ඉන්දියානු සමාගමේ නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍යාංශයට කැඳවා පසුගිය 16 වැනිදා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගත්තා.

එහිදී ඉන්දියානු සමාගමේ නිලධාරීන් චම්පිකගේ චෝදනා සනාථ කළා පමණක් නොව එම මාධ්‍ය සාකච්ඡාව කෘෂිකර්ම ඇමැතිවරයාට භූමරංගයක් බවටද පත්වුණා.
මේ ගැන චම්පික පසුව මෙසේ කරුණු පැහැදිලි කළා.

‘දැන් ඉන්දියානු ගොවි පොහොර සමූපාකාර සමාගමේ තාක්ෂණ නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. අනිල් යාදව් මහතා ඊයේ මේ පිළිබඳ මාධ්‍ය හමුවක් පැවැත්වූවා. ඒ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරන ලද සියලු කරුණු සත්‍ය බව ඔප්පු වන ආකාරයට එතුමා තමන්ගේ ප්‍රකාශය කළා. පළමුව මේ රසායනික පොහොර තහනම් කළා කිව්වට මේ ගෙන එන පොහොර දියරය පැහැදිලිවම නැනෝ තාක්ෂණයෙන් බිහිවුණු රසායනික පොහොරක් මිස ස්වභාවික කාබනික පොහොරක් නොවන බව ඔහුගේ කතාවෙන් පැහැදිලි වුණා. ඒක සම්පූර්ණ ඇත්තක්.’

නැනෝ තත්ත්වයේ පවතින දේ ස්වභාවික නොවන අතර, ඒවා නිෂ්පාදනය කළ යුතුය. එවැනි නිෂ්පාදිතයන් ස්වභාවික පොහොරක් නොවන අතර එය අනිවාර්යයෙන්ම රසායනික පොහොරක් වේ. මන්ද එය නිෂ්පාදනය කරන්නේ රසායනික ද්‍රව්‍ය හරහාය.

‘මෙහි පොහොර මිලිලීටර් පන්සීයක මිල ඉන්දියානු රුපියල් 240ක් බව ඔහු ප්‍රකාශ කළා. මා කිව්වෙත් ඒකමයි. ලීටරයක් ඉන්දියානු රුපියල් 480ක් කියලා. එතකොට මේක වෙන්නේ ඩොලර් 06 කට ආසන්න ප්‍රමාණයක්. නමුත් මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා මේ අනුන්ට චෝදනා කරන මේ පුද්ගලයා මේ ගෙනෙන ලද පොහොර ගෙන එනවයි කියලා කැබිනට් මණ්ඩලයට පොරොන්දු වුණේ කලම්බු කොමර්ෂල් පොහොර සමාගම හරහා. නමුත් ඔහු මේක ගෙනාවේ වෙනත් පුද්ගලික පිරිසකගේ ට්‍රස්ට් එකක් හරහා ඒ ගැන ප්‍රකාශ කරලා තියෙන කැබිනට් පත්‍රිකාවේ. ඒකෙන් මිල ගණන් කැඳවනවා කියලා විතරයි. ඊළඟට මේ පොහොර ලීටර් මිලියන 2.1කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම සඳහා ඩොලර් 52ක මුදලක් වැය කරන බව ඒ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ එක ලීටරයක්, ඩොලර් 25කට ආසන්න මුදලකට තමයි ගෙන්නන්න යන්නේ. ඉතින් ඒ හරහා තමයි මේ මහා වංචාව සිද්ධවෙන්නේ. මං පෙන්නලා දුන්නා. ගොවි පවුල් දසලක්ෂයකට රුපියල් අටදාහ ගානේ ලබා දෙන්න තරම් වටිනා මුදලක් මේ සාපලත් පාලකයන් ගොවි ජනතාවගේ පොහොර තහනම් කරලා ලබාදීපු එම නැනෝ පොහොරවලින් කොල්ල කාගෙන ඇති බව.’

කෘෂි ඇමැති – රාජ්‍ය ඇමැති ගැටුම

නැනෝ පොහොර වංචාව ගැන දිගින් දිගටම චෝදනා එල්ල වෙද්දී කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේ මේ ගනුදෙනුව සිදුවුණේ විෂයභාර රාජ්‍ය අමාත්‍යාංශය හරහා බවයි. මෙහිදී ඉතාම පැහැදිලිව කෘෂිකර්ම අමාත්‍යවරයා නැනෝ රජා ආනයනයේදී සිදුව ඇතැයි කියන වංචාව විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා වන ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පිටපටවා තම දෑත් සෝදාගැනීමේ වෑයමක නිරත වුණා.

එහෙත් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ මේ ප්‍රකාශය සාවද්‍ය එකක් බව මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති කැබිනට් ප්‍රතිකාව මගින් තහවුරු වුණා.

නැනෝ යූරියා ආනයනය කිරීම සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 15 වැනි දින ඉදිරිපත් කර තිබෙන කැබිනට් සන්දේශයට අත්සන් කර තිබෙන්නේ ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ විසිනුයි. එම ගනුදෙනුවේදී නැනෝ යූරියා මිලලීටර් 500 වෙනුවෙන් ඩොලර් 12.45 දක්වා ඉන්දීය වෙළෙඳපොළේ පවතින මිල මෙන් සිවු ගුණයකට ආසන්න වැඩි මුදලක් ගෙවා තිබෙනවා.

නැනෝ රජා දේශීය ඒජන්තගේ තර්ජන

ඉන්දියානු සමාගමේ මේ ආකාරයේ ප්‍රකාශයක් කරමින් කෘෂිකර්ම අමාත්‍යවරයා අපහසුතාවට පත්කරද්දී මේ නාඩගමේම තවත් පිටපතක් තවත් දින කිහිපයකින් රඟදැක්වුණා. ඒ නැනෝ රජා ආනයනය කළ දේශීය සමාගම පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදීයි.

පසුගිය 20 වැනිදා නැනෝ යූරියා ආනයනය කළ යුනයිටඩ් ෆාමස් ට්‍රස්ට් සමාගමේ සභාපති සභාපති මොහාන් පෙරේරා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සහ තර්ජනයක් කළා.

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මානසික ආතතියකින් පසුවන බවත් ඔහුට තමන් අනුකම්පා කරන බවත් මේ පොහොර මිල අඩු කරගත යුතු නම් දැන් මහින්දානන්ද ඇමැතිවරයා කතා කරගත යුත්තේ තමන් සමග මිස ඉන්දියානු රජය සමග නොවන බවද මිල අඩු කර දෙනවාද නැද්ද යන්න තීරණය කරන්නේ තමන් බවද මොහාන් පෙරේරා මේ මාධ්‍ය හමුවේදී අවධාරණය කළා.

පොහොර ගනුදෙනුවේදී විශාල වංචාවක් සිදුවී ඇති බවට කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු පැවැසූවේ,
‘මහින්දානන්ද ඇමැතිට තියෙන ස්ටේ‍රස් එක මම දැකලා නැහැ කිසිම ඇමැති කෙනකුට තියෙනවා. එතුමා ඉන්නෙ ලොකු ස්ටේ‍රස් එකක. ඒ නිසා එතුමා කියන දේවල් අපි ඒ තරම් ගණන් ගන්නේ නැහැ. මේ බෝතල් ටිකක් ගෙනත් මට ආපු ප්‍රෙෂර් එක එකක් නම්, ඒ වගේ 700 ගුණයක් විතර ප්‍රෙෂර් එකක් මහින්දානන්ද ඇමැතිතුමාට තියනවා. එතුමා ඒ ප්‍රෙෂර් එක අරන් කරන කියන දේවල් ගැන අනුකම්පාවෙන් බැලිය යුතුයි.

මම නම් ඔය ඇමැති ධුරය දාලා යනවා. ඔහොම ප්‍රෙෂර් එකක් අරන් බොරුවට දඟලන්නෙ නැතිව. එයා කියන දේවල් අපි ගණන් ගන්නෙ නැහැ. දැන් මේ ගනුදෙනුව එයා කියන ආකාරයේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් නවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙම නවත්වන්න හදනවා නම් අපිත් දන්නවා ඒක නවත්වන්න නීත්‍යානුකූලව. මේක ඉන්දිය එම්බසියේ ටේ්‍රඩ් සෙක්ෂන් එකත් එක්ක ගිය ගනුදෙනුවක්. මම රජයෙන් පඩි ගන්න කෙනෙක් නෙමෙයි. අපි පුද්ගලික සමාගමක්. අපිට පුළුවන් ඕන ගණනක් බිඩ් කරන්න. රජයෙ ටෙන්ඩර් කමිටුව තමයි තීරණය කරන්න ඕන ගන්නවද නැද්ද කියලා. ඒ හින්දා අපිට ඇඟිල්ල දික්කරන එකේ මොකක්ද තියන පදනම.’

‘රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කතා කරලා අඩු කරගන්න හැකියාවක් නෑ කියලද ඔබ කියන්නෙ’ යැයි එහිදී මාධ්‍යවේදියකු විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් මොහාන් සිල්වා කියා සිටියේ, ‘අපේ ඇග්‍රිමන්ට් තියන තාක්කල් ඇමැතිතුමාට නෙමෙයි කාටවත් එහෙම අඩු කරලා ගෙන්වන්න බැහැ. හැබැයි ඇමතිතුමාට මගෙන් ඉල්ලන්න පුළුවන් අඩුකරලා දෙන්න කියලා. එහෙම ඉල්ලුවාම මම අඩුකරලා දීලා තියෙනවා. රොබින්හුඩ්, ටාසන්, සරදියෙල් වගේ වැඩ කරනවා නම්, දැක්කනෙ බැංකු ටිකට වෙච්චි වැඩේ. අපිටත් බැංකු ටික බ්ලැක් ලිස්ට් කරන්න පුළුවන්. මට ලොකු ඔෆර් එකක් ආවා සර්ව ෆේල් කරන්න මේ බඩු ටික ගේන්න එපා කියලා. මං බිලියන 30ක් ඉතුරු කරලා දීලා තියන වෙලාවෙ මේ ඩොලර් එකක් දෙකක් ගැන දඟලනවා. යූරියා ගේන්න ගියාම බිලියන 30ක් වැඩියෙන් යනවා. මේ පොහොර හරහා යම් වගා හානියක් සිදුවන්නේ නම් පුද්ගලික සමාගමක් ලෙස එහි වගකීම තමන් භාරගන්නේ නැතැයිද එය බලාගත යුත්තේ රජය’ යැයිද යුනයිටඩ් ෆාමස් ට්‍රස්ට් සමාගමේ සභාපති මොහාන් පෙරේරා පැවසුවා.

රාජ්‍ය ඇමැතිත් කරුණු පැහැදිලි කරයි

නැනෝ පොහොර ආනයනය කිරීමේ වංචාව ගැන තමන් වෙත එල්ල වෙන චෝදනා ගැන පසුගිය 22 වැනිදා විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් මේ චෝදනා ගැන කඩිනම් පරීක්ෂණයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියා.

නැනෝ දියර පොහොර ආනයනය කිරීම නීත්‍යානුකූල ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශය සහ අධීක්‍ෂණය යටතේ සිදුකළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසුවා.

වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් අමාත්‍යවරයා කියා සිටියේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි කවිරත්න මහත්මිය, තමන් පොහොර ගෙන්වීම පිටුපස වංචාවකට සම්බන්ධ බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවත්, එම ක්‍රියාවලියට තමන් කිසිවිටකත් මැදිහත් නොවූ බවත් ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට තමන් සූදානම් බවයි. රජයට අයත් කොමර්ෂල් පොහොර සමාගම මගින් ශ්‍රී ලංකාව තුළ නැනෝ දියර පොහොර ආනයනය කර බෙදාහැරීමේ ක්‍රියාවලිය නියමිත ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව සිදු වූ බවද ඔහු පැවැසුවා.

චීනයෙන් ආනයනය කළ ආන්දෝලනයට ලක්වූ කාබනික පොහොර තොගය ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශය මත කැබිනට් අනුමැතිය මත නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා ආනයනය කළ බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

නැටුව නැටුමක් නෑ – බෙරේ පලුවකුත් නෑ

දැන් කාබනික පොහොර නාඩගම රඟ දක්වා අවසන්. මහ කන්නය අතහැරුණු වී ගොවියා වගේම පොහොර නැති නිසා වගා පාළු වුණු එළවළු ගොවීන්ට යනඑන මං නැති වීම විතරක් සිද්ධ වුණා. ඒත් ලක්ෂ සංඛ්‍යාත ගොවීන්ට සහ මිලියන සංඛ්‍යාත පාරිභෝගිකයන්ට විනයක් වුණු මේ නාඩගමෙන් කවුරුන් හෝ කිහිප දෙනෙක් බිලියනපතියන් වුණු එක ගැන නම් තර්කයක් නැහැ. නැටුව නැටුමකුත් නැතිව, බෙරේ පලුවකුත් නැතිව ගියත් චීන අසූචි පොහොරවලින් සහ නැනෝ රජාගෙන් මේ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සම්බන්ධ ව්‍යාපාරික මාෆියාව ගොඩගිය බව නම් සක් සුදක් වාගේ පැහැදිලියි.

‘මහත්තයෝ දැන් වැටයි නියරයි විතරක් නෙමෙයි කැත්තයි උදැල්ලත් ගොයම කනවා’ කියලා දේවහූවේ ගොවි මහත්තයා කිව්වේ කට කහනවට නොවෙයි කියන එක දැන්වත් තේරෙනවා නේද?

චින්තක බණ්ඩාර කරල්ලියැද්ද

SendShareShare
Previous Post

චීනෙන් ණය ගත්තොත් අන්තිමට වෙන දේ උගන්ඩාවෙන් දැන ගන්න!

Next Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

කල්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා (OIC) හැර එහි සේවයේ නිරතව සිටි අනෙකුත් සියලුම පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි පුත්තලම කොට්ඨාසයෙන්...

Read more
පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.