ඉන්දියාවෙන් මෙරටට ලැබුණු යූරියා පොහොර තොගය දින 10 ක් ඇතුළත ගොවීන් වෙත බෙදාහරින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර පැවසුවේ එම පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම සදහා අවශ්‍ය ලොරි රථ මේ වනවිටත් සූදානම් කර ඇති බවයි.










