රසායන පොහොර ආනයනය අත්හිටුවීමේ ප්‍රතිඵලයක් ලෙස මල් වගාව සම්පුර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති බවත්, කලින් මල් අපනයනය පවා සිදු කරමින් ආදායම් ලැබූ පවුල් විශාල පිරිසක් මේ හේතුවෙන් අසරණ වී ඇති බවත් මල් වගාකරුවෝ කියති.
මේ හේතුවෙන් මංගල සහ අවමංගල උත්සව සදහා මෙන්ම නොයෙකුත් සැරසිලි සදහා යොදාගත් දේශිය මල් ව්‍යාපාරය සම්පුර්ණයෙන්ම කඩා වැටි ඇත.
මේ තත්වය මත මරණයකදී මල් වඩමක් කෘතිම මල් යොදා පිලියෙල කරන අතර ස්වභාවික මල් යොදා නිමකරන ලද මල් වඩමක් රුපියල් දස දහස දක්වා මිල වැඩිකොට ඇත.
මේ වන විට ස්වභාවික මල් වැඩි ප‍්‍රමාණයක් චීනයෙන් හා ඉන්දියාවෙන් ගෙන්වමින් සිටියි.










