පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් ලබාදුන්, මෙතෙක් හෙළිදරව් නොවූ තොරතුරු හා මූලාශ්‍ර පිළිබඳ සිරිල් ගාමිණි පියතුමන් අද (20) මාධ්‍යයට අනාවරණය කළේය.Sri Lanka Latest News
හිටපු පොලිස් නිලධාරියකු යුටියුබ් නාලිකාවකට ලබාදුන් බව කියන සම්මුඛ සාකච්ඡාවක්ද උපුටා දක්වමින් පියතුමන් මෙම කරුණු ප්‍රකාශ කර තිබුණි.
පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා “ඥානාර්ථ ප්‍රදීපය“ කතෝලික පුවත්පතේ ප්‍රධාන කතෘ සිරිල් ගාමිණි පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (19) කැඳවීය.
එහිදී පැය 4කට ආසන්න කාලයක් සිරිල් ගාමිණි පියතුමන් ප්‍රකාශ ලබාදී පිටව ගියේය.
ඒ අනුව අදාළ කරුණු පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා සිරිල් ගාමිණි පියතුමන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි.
කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන්,
“පළවෙනි එක… 2018 නොවැම්බර් 30 වනදා වව්නතිව් හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය වීම සහ ඒ සම්බන්ධ කරුණු.”
“දෙවෙනි එක… සහරාන් සමග සමීප සම්බන්ධතාවයක් පවත්වා ඇති බවට හෙළිකරගෙන ඇති IP ලිපිනය භාවිත කළේ කවුරුන්ද කියන ප්‍රශ්නය.”
“තුන්වෙනි එක… වව්නතිව් සිද්ධිය නොමග යවන ආකාරයට අසත්‍ය වාර්තා ඉදිරිපත් කිරීමේ සිද්ධිය.”
“සිව්වන එක… දෙහිවල ප්‍රහාරකයාගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම.”
“පස්වෙනි එක… දෙහිවල ප්‍රහාරකයාගේ නිවසට ගිය නිලධාරීන් කවුද ?.”