ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත් සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මේ වන විට කතානායකවරයාට ලැබී ඇති අතර, එකී තීන්දුව එළැඹෙන අඟහරුවාදා දිනයේ දී කතානායකවරයා විසින් සභාගත කිරීමට නියමිත ය. Sri Lanka Latest News
ඉන් පසුව, ඉදිරි සතිය තුළ දී ම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට රජය අපේක්ෂා කරයි.
ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත සම්මත වීමෙන් පසුව, විශ්‍රාම වැටුප හැර, හිටපු ජනාධිපතිරු භුක්ති විදින බොහෝ වරප්‍රසාද අහෝසි වේ.
අහෝසිවන වරප්‍රසාද අතර ප්‍රධාන වන්නේ නිවසක් භුක්ති විදීමේ අවස්ථාවයි.
දැනට හිටපු ජනාධිපතිවරු අතරෙන් රජයෙන් ලබා දී තිබෙන නිවසක් භුක්ති විදින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පමණක් බව වාර්තා වේ.
චන්ද්‍රිකා කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වූ හේමා ප්‍රේමදාස යන අය ඔවුන්ගේ පෞද්ගලික නිවාසවල පදිංචිව සිටිති.
ඒ අනුව, පනත සම්මත විමෙන් පසුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නීතියට හිස නමා, විජේරාම නිල නිවසින් පිටව යනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසා තිබේ.










